(අංජුල මහික වීරරත්න)
ඕනෑම තුරුම්පුවක් ඇදගන්න. නමුත් රට බුරුපිටියක් බවට පත් කරන සෙල්ලම වහා නතර කරන්නැයි ජනපතිගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද (9) පැවැසීය.
තුරුම්පු කියා හැමවිටම බූරු කොලේ අදින්නට එපා යැයිද එම ක්‍රියාවෙන් හානිවන්නේ රටේ ජනතාවට බවද මහ ලේකම්වරයා කීය.
තමා පාවිච්චි කළේ එක තුරුම්පුවක් පමණක් බවත් අවශ්‍ය වුවහොත් පාවිච්චි කිරීමට තවත් තුරුම්පු තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් පළකරමින් අකිල විරාජ් මහතා මේ බව පැවැසීය.
වර්තමානයේදී සිදුවන ව්‍යවස්ථා විරෝධී ක්‍රියාකලාපය නිසා දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ශ්‍රී ලංකාව දරුණු අගාධයකට තල්ලු වෙමින් පවතින බව කී එජාප මහ ලේකම්වරයා අප සැමවිටම නායකයන් ලෙස කටයුතු කළ යුත්තේ සරල සිල්ලර අරමුණු සඳහා නොව රටේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් බවද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟ තුරුම්පුව ආණ්ඩුව විසුරුවා හරින්න කියලයි අපට දැනගන්නට තියෙන්නේ.
මහබැංකුව හොරාකෑවේ රටේ ජනතාවගේ සුභසිද්ධියට වෙන්න ඇති.. මෙයාට කොහොමත් දවල් මිගෙල් රෑ දැනියෙල් තමයි..
ව්‍යවස්ථා විරෝධී කියල දැන්ද වැටහුනේ.
රටේ ජනතාව තමයි නියම සාක්ෂිකාරයෝ මෙරටේ මේ අවුරුදු තුනහමාරට සිදුවූ දේවලට. ඔවුන් ඉහලින්ම කැමතී එජාපයෙන් පාලන බලය නැතිවී යනවාට.
අපි ඔහෙලගෙ අතට ඉහලින්ම තුරුම්පු දුන්නහම මොකද කලේ? ඒවා අතේ තියාගෙන දෙකේ කොලේ වැඩ නෙමෙයිද දිගටම කලේ? උම්බලකඩ කෑව නම් දුක විඳපන් බළලෝ!
අපි බූරු ගහමු.. අපි බූරු ගහමු. දැන් පිටිය ලෑස්තියි එන්න. මම දැනන් හිටියේ පුත්තලමේ බූරුවන් ගැන විතරයි. අදයි දැන ගත්තේ බූරුවන්ගේ නායකයා කව්ද කියලා..
දැන් ඔන්න ඔක්කොම තුරුම්පු මෙසේ උඩ. ඡන්දෙට ගිහින් දෙගොල්ලන්ම මහ ජනතාව ඉදිරියට තමන්ගේ ක්‍රියාකාරකම් හෝ හේතු දක්වලා දිනන්න. නැත්නම් බය නැතුව උසාවියේදී ප්‍රශ්න විසඳගන්න.
දැන් ඉතින් ඡන්දෙට මුහුණදීලා බලන්න කරපු වැඩක් තියේ නම් ඡන්දෙත් නොඅඩුව ලැබෙයි නේද?
ඔබතුමන්ලාගේ නපුරු කටවල් නිසා තමයි... මේ අර්බුද තත්වය ඇතිකර ගත්තේ...
බූරුවාට බල්ලාගේ වැඩේ කරන්න බැරි බව එදා නොදැනුනේ බූරුකම නිසා වෙන්න ඇති...?
හොරුන්ට පක්ෂව හොරුන්ම සාක්ෂි එක විශ්ව නීතියක් වුනානේ ලංකාවේ .
හීනෙන් අතපත ගෑම සැපක් ඔය කරනවා වගේ දුෂිතයන්ට ගිහින් අපාගත වෙනවාට වැඩිය