පිලිපීනයේ හිටපු ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාර්කෝස්ගේ බිරිඳ වන 89 හැවිරිදි ඉමෙල්ඩා මාර්කෝස්ට සිරදඬුවම් නියම කිරිමට එරට අධිකරණය තීරණය කර තිබේ.
වර්ෂ 1970 – 1980 දශකයේ දී ස්විස්ටර්ලන්තයේ රාජ්‍ය නොවන සංවිධානයක් සමඟ නීතිවිරෝධී ලෙස මුල්‍ය ගනුදෙනුවක් සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇයට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
සිය සැමියාගේ පාලන කාලය තුළ සුඛෝපභෝගී ජිවිතයක් ගත කළ ඇය සපත්තු ජෝඩු දහසක් හිමිකර ගැනීම නිසා ප්‍රසිද්ධියට පත්වී සිටියාය.
නඩු තීන්දුව ප්‍රකාශයට පත්කර විට ඇය අධිකරණයට පැමිණි නොසිටි අතර සිරදඬුවම් නියම කිරිම නිසා ඇය අත්අඩංගුවට ගැනීමට නියමිතය.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කොයි ආර්යාවටත් හොඳ පාඩම්.. මහත්තුරු ලොක්කෝ වුනු පලියට රටේ මිනිස්සුන්ගේ කර උඩින් ගිහින් ජීවත් වෙලා ඒ ටික නැති දවසකුත් එන බව සමහර ලමාතැනීලා දන්නේ නැහැ. තමන්ගේ කියලා උගත්කමක් ඇතිව රැකියාවක් කරගෙන හිටපු නෝනාට මහත්තයා ඡන්දෙන් දිනුවත් එකයි, පැරදුණත් එකයි.
මේවා අපේ රටේ සිදු වුණොත් දේශප්‍රේමීන් ගොඩේ වැටෙනවා
එහෙ එහෙම වුණාට අප රටේ මිනීමැරුම්, හොරකම් කල ආර්යාවන්ට හා රජවරුන්ට අපි දේවත්වයෙන් පිදුම් දෙනවා.
හොරුන්ට හොරුන් විරුද්ධව වැඩකරන්නේ නැහැ.ඒ නිසා අපේ රටේ ඔවැනි දේවල වෙන්නේ නැහැ.