හර්ෂණ තුෂාර සිල්වා
පාර්ලිමේන්තු සැසිවාරය කල් දමා තිබියදී ශ්‍රී ලංකා රජය, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාට සම්බන්ධ කරුණු සාකච්ඡා කිරීමට කතානායකවරයා විදෙස් තානාපතිවරුන්ට තම පාර්ලිමේන්තු කාර්යාලයට පැමිණීමට ඉඩ ලබාදුන් බව ඇසීමෙන් තමන් පුදුමයට පත්වූ බව ජාතික සමඟිය, සංහිඳියාව සහ රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
කතානායක කරු ජයසූරිය මහතාට ලිපියක් යොමු කරමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ඒ බව සඳහන් කර තිබේ.
නානායක්කාර මහතා අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ පාර්ලිමේන්තු මහලේකම්වරයාට ද එම ලිපියේ පිටපත් යොමු කර ඇත.
අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කතානායක කරු ජයසූරිය මහතාට යොමු කරන ලිපියේ මෙසේ ද සඳහන් වේ.
“මම දශක පහකට ආසන්න කාලයක් දේශපාලනයේ සිටි බවත්, ඒ අනුව හොඳ හැටි පදම් වූ දේශපාලනඥයකු බවත් ඔබ දන්නවා. ඒ අනුව බලන විට කතානායකට පුටුවට ඔබ නවකයෙක්. මා මේ ලිපිය ලියන්නේ එම කරුණු සිහි තබාගෙනයි.
ශ්‍රී ලංකා රජය, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාට අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදෙස් තානාපතිවරුන්ට පාර්ලිමේන්තුවේ ඔබේ කාර්යාලයට පැමිණීමට ඉඩ දුන් බව ඇසීමෙන් මා පුදුමයට පත්වුණා. විශේෂයෙන්ම ඔවුන් අතර ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිවරිය සහ එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා සිටියා. ඔබ හමු වූ බොහෝ දෙනා බටහිර රටවල තානාපතිවරුන්. එම රටවල් 2015 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී එවකට පැවැති පාලනය පරාජයට පත් කිරීමට සක්‍රීයව දායකත්වය දුන් බව කවුරුත් දන්නා රහසක්.
එම රටවල සිටින අපගේ තානාපතිවරුන්ට මේ අයුරින් ඔවුන්ගේ රටවල හෝ ඔවුන්ගේ පාර්ලිමේන්තුවල කටයුතුවලට මැදිහත් වන්නට ඉඩ දෙනවාද ?
පසුගිය කාලයේදී තමන්ගේ මැතිවරණවලට හා අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වූ බව සඳහන් කරමින් ඇමෙරිකාව සහ එක්සත් රාජධානිය වෙනත් රටවලට චෝදනා කළා. ඔවුන් ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වුණා. එවැනි තත්ත්වයකදී ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකා තානාපතිවරිය, බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් අපේ රටේ කටයුතු සම්බන්ධයෙන් හැසිරුණු ආකාරය සහ ඔබ ඔවුන්ගේ ක්‍රියා පිළිවෙත ඉවසා සිටීම සහ ඊට ඉඩ ලබාදීම කිසිසේත්ම අනුමත කළ නොහැකියි. එය කිසිසේත් අගය කළ නොහැකි ක්‍රියාවක්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ බුද්ධිමතුන් දශක පහකට ආසන්න කාලයක් දේශපාලනයේ ඉඳලත් රට තවම දුප්පත් වුනේ කොහොමද...?
කරු අපට විල්සන් කරු වගේ රඟපෑවට බටහිරට තවමත් කම්කරු.
හොඳ ලිපියක් !!!
මමත් පුදුමයට පත්වුණා. ඔබ දූෂිතයෝ සමග ඉන්නෙක ගැන. ඔබ චන්ද්‍රිකා මැතිණියගේ කාලේ මෙහෙම නොවේ හැසිරුනේ. ඒ වකවානුවේ ඔබ හොරකම්, වංචා, දූෂණයට විරුද්ධව තදින් හිටියා. චන්ද්‍රිකා දීපු තනතුරත් විසිකරලා ගියා. නමුත් මහින්ද බලයට ආපු විගස, ඔබ වෙනස් වුණා.
පුදුම වැඩේ කියන්නේ මේ තානාපතිවරු එක්කෙනෙක්වත් රටේ ප්‍රධානියා වෙන ජනාධිපති හම්බවෙන්න එන්නේ නෑ...
කරුණු යමක් තෝරා බේරා ගන්න දැන් වයස වැඩියි, නේද?
දශක පහකට ආසන්න කාලයක් දේශපාලනයේ උන්නට රටට කරපු එක දෙයක් තියෙනවද? සෙන්කොලේ උස්සන් දුවපු එක සහ පාර්ලිමේන්තුවේ කුණුහරුප කියපු එක නම් මතකයි.
හරි දේ නොකර විදායක ජනදිපතිට අබියෝග කරන්න ගිහින් හැමදේම නැති කරගත්ත චන්දෙන් පස්සේ ඉතින් නිකම්ම මන්ත්‍රී තමා. සදු සදු
ඕවා ගැලරියට විසිල් ගහන්න කියන කතා... බටහිර රටවල් නැත්නම් 2015 සිට තවම අපව සහ අපේ සම්පත් පාලනය කරන්නේ අලි බබා සහ හොරු 40. එක කෝල් එකයි ආවේ 2015 ජනවාරි 9 වනදා අලි බබාට... හම්බන්තොටට පස්ස නොබලා දිව්වා. හැබැයි කියන්නේ ජනතාවට, ප්රජාතන්ත්රවාදයට ආදරේට ගියා කියලා!
ඇයි බැංකු හොරා ගැන දන්නේ නැද්ද?
පුතා ඉන්නේ බටහිර රටක නේද?