(හර්ෂණ තුෂාර සිල්වා)
දේශපාලන අර්බුදය උග්‍ර කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව එක්සත් ජනපදය දැඩි කනස්සල්ල පළ කරන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදය අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නිවේදන නිකුත් කළ අතර පාර්ලිමේන්තුව කැඳවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්නැයි එම සෑම අවස්ථාවකදීම අවධාරණයෙන් කියා සිටියේය.
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද සඳහන් වේ.
“ දේශපාලන අර්බුදය උග්‍ර කරමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව එක්සත් ජනපදය දැඩි කනස්සල්ල ප්‍රකාශ කර සිටී. ශ්‍රී ලංකාවේ විශ්වාසදායි හවුල්කරුවෙකු වශයෙන් ස්ථාවරත්වය හා සමෘද්ධිය තහවුරු කිරීම සඳහා ප්රජාතන්ත්රවාදී ආයතන සහ ක්‍රියාවලියට ගරු කළ යුතු බව අපගේ විශ්වාසයයි”.
මේ අතර ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත එලියට් එංගල්ගේ මූලිකත්වයෙන් යුතු එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු පිළිබඳ කමිටුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ උත්සන්න වෙමින් පවතින අර්බුදය පිලිබදව සිය අවධානය යොමු කරන අතර ප්රජාතන්ත්රවාදී පාලනය සහ නීතියේ ආධිපත්‍යට ගරු කරන ලෙස අවධාරණයෙන් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හයියෙන් අඬන්න තමයි කියන්න ඕනෑ. අපේ දේශපාලන බාධා මොනවා වුනත් කොටින්ට උඩ ගෙඩි දෙන විදේශ රටවල් අපිට අතදානවා බොහොම වැඩියි...
එච්චරයි කියන්න තියෙන්නෙ ඔහෙලට..
අනේ අපට ගිය කල, ඇමරිකාවට ඕනෑ වීදියට තමයි ඉන්න ඕනේ... නැතිනම් එයාලා සතුටු නැහැනේ.. අපි ගැන හරියට කිඹුල් කදුළු හලනවා..
අනුකම්පාව හා ආදරය දෝරෙ ගලනවා.
මගේ මිනිස්සු තුන් වේල ගැට ගහ ගන්න විදින දුකට ඔහෙඑලට කණස්සල්ල නැද්ද? අනේ මේ, පින් සිද්ද වෙය් අපේ ප්‍රශ්න අපි විසදා ගන්නම්
මෙවැනි දේශපාලන හේතුන් නිසා තමයි රට ආපස්සට ඇදීයන්නේ.ජාත්‍යන්තරය සමග වැඩකරනවනම් ඒ සියලුම රටවලට ඇහුන්කන් දෙන්න වෙනවා.
මේක ඇමරිකාවවත්, යුරෝපයවත්, පාර්ලිමේන්තුවේ 225 දෙනාවත් තීරණය කරන්න ඕන දෙයක් නොවෙයි. තීරණය ගන්න ඕනේ රටේ මහජනතාව. රටේ මහජනතාවටයි ප්රජාතන්ත්රවාදය අවශ්‍ය. ජනාධිපතිතුමා හරි තීරණය අරගෙන තියනවා. අපේ ආණ්ඩුව අපි තීරණය කරමු.
සිරියාවටත් ඔය අනුකම්පාවම නැත්තේ ඇයි?
කරුණාකර ලංකාවේ වැඩ ලංකාවට කරගන්න ඉඩ දෙන්න. ඇමරිකාව ලංවෙලා දියුණු වෙලා තියන රටක් ලොවේ ඇති බව අපි දන්නේ නැත.
නුඹලා විනාශකළ ලිබියාව , ඉරාකය වැනි රටවල ජනතාව දැන් ප්රජාතන්ත්රවාදය හොඳට භුක්ති විඳිනා ආකාරය ලෝකයම නුඹලාට ශාපකරමින් බලා සිටිති.
ණයට කන අයගේ කටේ තියන හයිය ,
ඉඳි කට්ටක්වත් නිෂ්පාදනය නොකරන අපේ ලංකාවේ තියන අපනයනය කරන දේවල් ගන්න පළමු රට ඇමරිකාව , දෙක යුරෝපය ,ඇමරිකාව යුරෝපය ඇතුළු රටවල් දෙන ආදාර වලින් තමයි බේත් ඇතුළු දේවල් ලැබන්නේ .ආදාර එපා කියල තානාපති කාර්යාල වහුවනම් හරි , එතොකොට එයාලට ඇහුන්කම් දෙන්න ඕන නැහැ .
ඔය බටහිර රටවලට අපනයන භාණ්ඩ වන ඇඟලුම්, තේ, රබර් වැනි දේ නොයවා සිටිය හැකිනම්, ඔය රටවලින් පැමිණෙන සංචාරකයින්ට ලංකාවට එන්නට එපා යයි කිව හැකි නම් සහ ඔය රටවලින් අපිට ණය එපා යයි කිව හැකි නම්, අපේ කටයුතු වලට ඔය රටවලට ඇඟිලි නොගසා ඉන්නට යයි කිව හැකිය...
බැසිල් හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඇමෙරිකන් පුරවැසිකම් ගත්තේ එය දියුණු රටක් නොවන හින්දද?
අනේ හරි දුක ඇති නේද දැන් ඉතින් සෑහේන කාලෙකට ගැති පාලනයක් එන එකක් නැහැනේ හරි පව්. අපි ස්වෛරී රාජ්‍යයක් කියන එක ඒගොල්ලාන්ට මතක නැතිව ඇති.
ඇමරිකාවට බැන්නට එ අය නිසා තමයි අද කාලා බීලා හරි ජීවත් වෙන්නේ, අනික ඕගොල්ලොන්ට කියල දෙයක් තියෙන එකක්යැ. හාල් , තෙල්, පරිප්පු, සීනි , ටිකත් ගන්නේ ඒ අය දෙන ආධාර වලින් තමා.
රටේ බෝම්බ පුපුරපු කාලේ මෙහෙම දුක් වුනේ නැහැනේ
උඩ ඉන්න එක වහලෙකුට පේන්නේ නෑ රට ආයෙත් අත්තනෝමතික ඒකාධිපති පාලනයකට හැරෙනවා කියලා...
ලොවපුරා ප්‍රශ්ණ ඇති කරමින් ඒවායේ වාසිය ලබාගන්නා රටක කඳුළු සැලීම පුදුමයට කරුණක් නොවේ. ලිබියාව, සිරියාව වැනි ස්ථාවර ආර්ථික තිබුණු රටවල් නරකාදි බවට පත් කරා. කොරියාව, වියට්නාමය, ජපානය , ඇෆ්ගනිස්තානය, ඉරාකය වැනි රටවල සමූහ මිනිස් ඝාතන කරා. දකුණු ඇමෙරිකාවේ රාජ්‍යයන් අස්ථාවර කරගෙන යනවා. ඒ ගනයට අළුතින්ම එක්වූ රට ලංකාවයි. නමුත් මොකක්දෝ හේතුවක් නිසා තවම එය හරියට කරගන්නට ඔව්නට හැකිවී නැහැ. ඒත් ඔව්නට උදව් කරන නිවට දේශපාලකයන් සිටින තාක් කල් ඔව්න්ගේ ප්රයත්නය අත්හරින එකක් නැහැ. මෙයට කළයුතු හොඳම දෙය ද්‍රෝහීන්ව නිහඬ කිරීමයි.
ඇමෙරිකාව දන්නවා කෙල්ලින්නෙම පිස්සු කියලා........
බුද්ධිමත්ව හිතන්ට බැරි වහල් අදහස් ගොඩයි. මේවට ප්‍රතිචාර දැක්වීමත් බොරු වැඩක්... නීතියක්, විනයක් නැතිව වැඩ කරන්ට එපා කියලයි මේ කියන්නේ...
කොහොමත් රටකට හිතකර දෙයක් වෙද්දී ඇමරිකාවට ගොඩක් අමාරු තමයි. මෙයාලා තමයි ලෝකේ කන්නේ...
ඔය ඔක්කොම හොරු... අහිංසක මිනිස්සු තමයි තැලෙන්නේ...