තරිඳු ජයවර්ධන
ජනාධිපතිවරයා විසින් මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරනු ලැබීම ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ අද මැතිවරණ කොමිෂන් සභාවට ගියහ.
ව්‍යවස්ථාවට පිටින් මෙම මැතිවරණය පැවැත්වීමේ නීති විරෝධී භාවය ගැන තම මතය මැතිවරණ කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ කළ බවත්, මැතිවරණ කොමිසම ඊට සාවධානව ඇහුම්කන් දුන් බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අජිත් පී පෙරේරා මහතා පැවසීය.
මෙම මැතිවරණය පැවැත්වීම සම්බ්නධයෙන් මැතිවරණ කොමිසම කුමක් ප්‍රකාශ කළේදැයි මාධ්‍යවේදීන් කළ විමසීමේදී පෙරේරා මහතා කීවේ ඒ සම්බන්ධයෙන් මේ අවස්ථාවේ අදහස් ප්‍රකාශ කළ නොහැකි බවයි.
රාතිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, ගයන්ත කරුණාතිලක, අකිල විරාජ් කාරියවසම්, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු ද එම අවස්ථාවට එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ජනාධිපතිතුමා රටේ මහජනතාවට ඉඩහරලා තියනවා තමන්ට ඕන ආණ්ඩුව තෝරාගන්න. මක තමයි නියම ප්‍රජාතන්ත්‍රවාදය. නැතුව ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා මුදලට හෝ තමන්ගේ වාසියට පිල්මාරු කිරිල්ල නෙමෙයි. තමන් හරි දේ කලානම් මහජනතාව ඉදිරියට යන්න බය වෙන්න ඕන ඇයි?
නඩය බය වෙලා. ඇයි UNP අය ජන්ද වලට ඔච්චර බය. මෙදාපාර ගෙදරම නවතින්න දෙයි ජනතාව.
දැන්ද සෙට් එකට මැතිවරණ කොමිසම මතක්වෙලාතියෙන්නේ? අවපාලන ආණ්ඩුව ප්‍රාදේශීය සභා , පළාත් සභා මැතිවරණ කල්දාද්දී ඔයාල බුදියගෙනද හිටියේ? දැන්තමයි ප්‍රජාතන්ත්‍රවාදය , ව්‍යවස්ථාව මතක්වෙලාතියෙන්නේ. පව් ජනතාව ඉදිරියට එන්න මෙච්චරම බයද? හර්දශාක්ෂිය දන්නවනේ එයාල ශ්‍රී ලංකාවට කරපු විනාසය, එකයි හොඳටම බයවෙලා ඉන්නේ.
රටක මැතිවරණ පැවැත්වීම තරම් ප්‍රජාතන්ත්‍රවාදී දෙයක් තවත් නැහැ ..ජනාධිපතිවරයා කලේ වැරදි දෙයක්නම් කිසි දේකට බය වෙන්න දෙයක් නැහැ ..මිනිස්සු නිවැරිදි තීරණය ලබා දේවි..ඒත් මැතිවරණ වලට මුහුණ දෙන්න බය උදවියනම් හතර අතේ දුවාවි..
මොවුන් කරන්න යන්නෙ කථානායකවරයාගෙන් කර ගත් දෙම මැතිවරණ කොමිසමෙන්ද කරවා ගැනීමටයි.ස්වාධීන යැයි කියාගන්නා කථානායකවරයා විධායකය අභියෝගයට ලක් කරමින් සිටි.එලෙසම ස්වාධීන යැයි කියාගන්නා මැතිවරණ කොමිසමද ඉදිරියේදි එවන් අභියෝගයක් කිරීමට ඉඩ තිබෙි. එ කොමිසමි වලට පුද්ගලයන් පත් කලෙ රනිල් ,සමිබන්දන් ,ලප කුමාර වැන්නවුන් නිසාය.ස්වාධීන කොමිසමි ස්වාධීන නැති බව ඉිදිරියෙදි ඔබට හැගෙනු අැත. උත්තරීතරම අායතනය වන උසාවියේ පිහිට නොපතා මෙ කරනුයෙ ස්වාධීන යැයි කියාගන්නා අායතන වල සිටින තමන්ගෙ දේශපාලන ගැත්තන් ලවිවා වැරදී තීන්දු පුුකාශයට පත් කරවා ගැනීමයි. ස්වාධීන කොමිසන් සභා වලින් රටට යහපතක් සීදු වුයෙද යන්න පුශ්නයකි. උසාවිය මගින් විසදා ගැනීම වඩාත් සුදුසුය.කෙදිනකවත් උසාවියනමි වැරදි තිරණ නොගන්නා බව අප තරයෙ විශ්වාස කරමු.අධිකරණයෙන් මිස වෙන කිසිම තැනකින් මෙයට ස්වාධීන තීරණයන් ගත නොහැක.කරැණාකර මෙය අධිකරණයට ගෙනියන්න.
බැඳුම්කර සිද්ධිය සහ හොරු අල්ලපු නැති නිසා කතිරේ බූමරංගයක් වෙයිද?
අයියෝ... ගොඩක් පව් මේ මිනිස්සු...
නඩු දැම්මොත් 113 හදා ගන්න ඉතුරු කට්ටිය බාගන්න ඕනෑතරම් කාලය ලැබෙයි.
පචවෙලා එනව නේද හිටන් ඔක්කොමල්ලා. ජනාධිපතිතුමා නීතිය නවලා නැහැ. එතුමා හරියට වැඩේ කරනවා. බලතල දීලා තියෙන්නේ පාවිච්චි කරන්න.
තමුන් රටට සේවයක් කරානම් සහ හානියක් කරේ නැත්නම් බය නැතුව ඡන්දයට යන්න. මේ අවුල විසඳන්න ජනතාවට ඉඩ දෙන්න.
පොලොන්නරුව කොන්ක්‍රීට් කරන්න බැරිද?
පොලොන්නරුවේ පොඩි විජේ සහ මෛත්‍රි අතර ඇති සමානකම නීති කැඩීමයි. නැදැයොද මන්දා..?
රටෙන් භාගයක්ම අනුභව කරලා ඉතුරු ටිකත් අනුභව කිරීමට ඉල්ලන මේ සුන්දර මුහුණු ටික දිහා බලන්න... ව්‍යවස්ථාව ගැන ඔච්චරටම දන්නවා නම්, යන්න ඕනේ මැ.කෝ. ලඟට නෙවෙයි ශ්‍රේෂ්ඨාධිකරණයටයි.
එහෙනම් මෙම පක්ෂයේ අය හිතාගෙන ඉන්නේ ජනතා පරමාධිපත්‍යයට ඉඩ නොදී ඡන්ද නොතියා කල් දමමින් ඉන්න එකයි ප්‍රජතන්ත්‍රවාදය කියන්නේ. මොවුන් සමග පිටුපසින් ගමන් කරමින් සිටින මහජනතාව අන්ධයෝ ගොඩක් වගෙයි හැසිරෙන්නේ. ලැජ්ජයි!
113 හද හද පාර්ලිමේන්තුව තව කරගෙන යනවට වැඩි ඡන්දයකට යන එක කොයි තරම් හොඳද? ඔය කියන අති විශාල සංවර්ධනය සහ පහසුකම් ජනතාවට දීලා තියෙනවා නම් ජනතාව උඩපැනලා එජාප එකට බලය දෙයි. බය වෙන්න දෙයක් නැහැ.
මොකද බය ඡන්දයට...? වීරයෙක් වගේ ඉදිරිපත් වෙන්න.
බලයට කෑදර ඒකාධිපති, ජනාධිපති වියරුවට එරෙහිව පෙළ ගැසෙමු. ඩිසලයික් තියේවි. නමුත් සැලෙන්නේ නැහැ.
ඔබතුමන්ලා හරි දෙයක් කලානම් ජනතාව ඔබලාව දිනවලා , පාර්ලිමේන්තු යවාවි. එතකොට බහුතරය පෙන්වලා, ඔබලාගේම රජයක් පිහිටුවාගන්න..
දැන් පැහැදිලි වන්නේ ජනතාව වෙනුවෙන් කටයුතු කරන කණ්ඩායමක් නොවන බවය, මෙහි දී ජනාධිපති තුමා විසින් අරගෙන තියෙන්නේ ජනතාවාදී වන තීරණයක්මු. ජනතා මුදලින් නඩත්තු වන මන්ත්‍රීන් අලෙවි වෙමින් පවතින ක්‍රමය නවත්වා දමා වරදාන හා වරප්‍රසාද ලබාදීම සඳහා වියදම් කරන විශාල මුදලක් රටට ඉතිරි කර දීමක්.
මෙතිවරණ කොමසාරිස්ට ඕනේ චන්ද තියන්ට.දෙන් කීවේ බහුතර පෙන්වනවා කියල.එහෙමනම් බය වෙන්ට දෙයක් නෙහෙනේ.චන්දෙකට ගිහිල්ල වෙඩි ආසන ගානක් දිනලා තනි ආණ්ඩුවක් හෙදුවනම් ඉවරනේ.
ජනාධිපති ගත්ත හොද තීරණයක්. එක එක හේතු කියල චන්ද පරක්කු කරපු අයට කදිම පාඩමක් වෙලා . දැන් එන්නකෝ ජන්දෙට .
කරුට වගේ මැකෝ ටත් කියලා ප්‍රකාශ නිකුත් කරවගන්නද හදන්නේ
මුන් රට විනාස කරලා තව ලජ්ජා නැතිඅව නීති ගෙන කියන්න යනවා. රනිල් හිටියනම් තව අවුරුද්දක්, රට විතරක් නොවේ මිනිස්සුන්වත් වහල්ලු වගේ විකුණලා සල්ලි සොයාවි. ජනපති රට බේරගත්ත මිනිසුනුත් බෙර ගත්ත.
ජනාධිපති එදා බලතල අඩු කර ගත්ත එකෙන් ඉතාම අයුතු හිතුවක්කාර විදියට කරමින් ඔහුව නොසලකා පම්පෝරිගහලා අගමැති ඇතුළු කල්ලිය කල අවකල් ක්‍රියාවේ ප්‍රතිඵල තමයි ඔය.
දෙලොව රත් වෙලා..........
හොරු ටිකට ඇඩ්‍රස් නැති වෙන්නෙ 5 වෙනිදාගෙන් පස්සෙ
දෛවයක හැටි! මැතිවරණ ප්‍රමාද කල පවට දැන් එහි යන්නට සිදුවිය!
කවුරුත් දැකලා තියෙනවාද හුලන් බැහැපු බැලුම් බෝල....
අනේ පව් අප්පා.. මේ කට්ටිය දුකෙන්...
ඡන්දයට ගියොත් මෙයාලගේ දේශපාලනය ඉවරයි... ඒ බව හොදටම දන්නා නිසායි මෙවැනි දේවල් කරන්නේ. මොනවකරත් මහජනතාව රවට්ටන්න ඔහෙලට තවත් ඉඩ නැහැ.
ඒ ගැසට් එකටත් පුට්නෝට් එක්ක දාලා ආවා කියල ආරංචියි.
මුණු ටික බලන්න...චොප්ප වෙච්ච කජු ලෙලි වගේ..
රටට වැඩක් කලානම් ඇයි ඡන්දයකට බය වෙලා .... මේකෙන්ම පෙනෙනවා මේ අය ඡන්ද කල් දැම්මේ ඇයි කියල...
19 වැනි සංශෝධනය ජනමත විචාරණයකින් සම්මත කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වාම ඒක අති විශේෂ ගැසට් එකකින් සම්මත කරපු මෛත්‍රීපාලට පාර්ලිමේන්තුව අති විශේෂ ගැසට් එකෙන් විසිරවන්න බෑ කියන එක විහිලුවක් නේද?
හිරුණිකා මැතිණිය ජාතියේ වීර මාතාව අපි ඔබ සමඟයි...
නරකද මහා මැතිවරණ කාල පරිච්ජේදය අවරුදු දෙකක් කලොත්. එකටනේ ආස. මහත්තයෝ ටික කලකින් ආණ්ඩුව එපා කියා කියා ඡන්ද තියන්න ගත්තොත් අපිට කාගේ පිහිට පතන්නද දන්නේ නැහැ. ඡන්ද තියන්න භාවිතා වෙන්නේ ඒ අයගේ දේපල නෙමේ. දහදිය මහන්සියෙන් හම්බ කරන අපේ සල්ලි. ඡන්ද ඉල්ලන්නෙත් කාගේ උවමනාවටද? ප්‍රාදේශීය ඡන්දය දින්න නිසා මේ දගලන්නේ. හිතන්න පළාත් සභා ඡන්දය පවත්වන්න ජනාධිපති තුමා උනන්දු වුනේ නැත්තේ ඇයි කියලා. වෙනම ඉල්ලුවානම් ඇඩ්රස් නැහැ එකයි. එජාපයට විතරක් බැනලා හරි යනවද? මේවා ඔක්කම මාස්ටර් ප්ලෑන්. දිය යටින් ගින්දර ගෙනිහින්. දැන් ඡන්ද තියන්නේ දෙකම එකතු වුන නිසා. නැතිනම් කීයටවත් ඡන්ද නැහැ. එජාපය නායකත්වය ගැන අපිටත් විවේචන තියෙනවා. නමුත් සිරිසේනට ජනාධිපති වෙන්න (මහින්දගේ) ආණ්ඩුව කියන උදවිගෙන් කීයෙන් කීදෙනාද උදව් කලේ?
ඌව පළාතෙන් තාම එජාපය ගොඩ ආවේ.. ගෙවුණු කාලේ පුරාවට... මොනවද ඌව පළාතට කළේ? ගොවියන්ගේ පොහොර ටික වැඩිකළා... බදුල්ල බණ්ඩාරවෙලට ආවොත් දකින්න පුළුවන් මහින්ද කරපු වැඩ...
කොච්චර කලත් ඔච්චරයි. ඒ නිසා කාලේ නොකා අලුත් නායකයෙක් ඉදිරිපත් කරන්න ඊලඟ සැරේවත්.
පෙන්ෂන් එක රැක ගන්න නහින නැහිල්ලක්. ඡන්ද වලට ඇයි මෙයාලා මෙච්චර බය?
විධායකයාද ...? ප්‍රජා තන්ත්‍රවාදයද ? වස්ථාදායකයා ද ...? සර්ව බල ඡන්දයද ...? තීන්දුව අධිකරණය මත වගකීම පවතී ....මහජනයා සර්ව සාධාරණ තීන්දුවක් අපේක්ෂා කරයි ...
ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා ගත්තේ ඉතා වැදගත් තීරණයක්... ජනතාව තවත් ගොනාට අන්දන්න බැරි බව එජාපයේ හා ජවිපෙ ප්‍රතික්ෂේප වන දේශපාලන කවටයන් දන්නවා. අනිත් කරුණ නම් ජනාධිපතිතුමා ගත් තීරණයක් අධිකරණයක විනිශ්චය කිරීමට ව්‍යවස්ථාවට අනුව අවම වශයෙන් බැරි බව පෙනේ...