එක්නැලිගොඩ අතුරුදන් වීමට බුද්ධි අංශ නිලධාරියා සැකපිට අත්අඩංගුවට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කළේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද රාත්‍රී යුද හමුදා බුද්ධි අංශයේ ලුතිනන් කර්නල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත. 20 September 2018
හිටපු ජනාධිපතිනියට ප්‍රංශ රජයෙන් සම්මානයක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රංශ රජය පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලබා ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 20 September 2018
මාකඳුරේ මදුෂ්ගේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට ඩුබායි රටේ සැඟව සිටිමින් දුරකථන මගින් මෙරට මත්ජාවාරම් හා මනුෂ්‍ය ඝාතන සිදුකරවන ප්‍රධාන පෙලේ හෙරෝයින් ජාවාරම් කරුවෙකු වන මාකඳුරේ මදුෂ් යන අයගේ මෙරට ප්‍රධාන වෙඩික්කරුවකු වූ කලුවන් මධුෂාන් ආබෘ නැමැති හෙරෝයින් ජාවාරම්කරුවකු අපරාධ බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නියෝගමත ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය කියයි. 20 September 2018
නියඟයෙන් පීඩාවට පත්වූවන්ට සහන දෙන්න මිලියන 9000ක් දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට බලපා ඇති වියළි කාළගුණයෙන් පීඩාවට පත් ජනතාව සඳහා සහන සැලසීමට රුපියල් මිලියන 9000 ක් වෙන් කිරීමට රජය තීරණය කර තිබේ. 20 September 2018
තැන්පත්කරුවෝ ඊ.ටී.අයි කාර්යාලය වටලති ඊ.ටී.අයි ( එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්) තැන්පත්කරුවන් අද (20) බොරැල්ල වෝඩ් පෙදෙස පිහිටි එම ආයතනයේ ප්‍රධාන කාර්යාලය වටලා කළබලකාරී ලෙස හැසිරීම පොලිසිය මැදිහත් වී මේ වනවිට විසුරුවා හැර ඇත. 20 September 2018
අධිකරණ නියෝගය දැනුම් දෙන්න අඬබෙර කරුවෙකු යවයි මාදම්පේ ජයරත්නගම පිහිටි නිවසක හිමාකාරත්වය බලෙන් ලබා ගත් කාත්නාවක ඉවත් කර එම නිවස සැබෑ හිමිකරුවෙත ලබා දීමට ප්‍රදේශය පුරා අධිකරණ නියෝගයක් මත අද (20) අඬබෙර ගසන ලදී. 20 September 2018
පොලිස්පති ගැන විමර්ශනයට මණ්ඩලයක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ගැන විමර්ශනය කිරීම සඳහා නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා මණ්ඩලයක් පත් කළ බව එම අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි. 20 September 2018
කිලිනොච්චි එස්.එස්.පී උසස් කරන්නැයි කොමිසම යළි දැනුම් දෙයි ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිතනතුරට පත් කරන්නැයි නියෝග කර පොලිස්පතිවරයා විසින් මේ වන තෙක් ක්‍රියාත්මක නොකළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතාගේ උසස්වීම ද කඩිනමින් ලබා දෙන ලෙස එම කොමිසම අද පොලිස්පතිවරයාට දැනුම් දුන්නේය. 20 September 2018
දේශපාලන පළිගැනීම් ලැයිස්තුවේ පොලිස් නිලධාරීන් 50කට උසස්වීම් කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් අනුමත කළ දේශපාලන පළිගැනීම් ලැයිස්තුවේ සිටින පොලිස් නිලධාරීන් 50 දෙනකුට අදාල උසස්වීම් නියෝග පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (20) නිකුත් කළේය. 20 September 2018
රවීගේ සමාගමක් ගැන විස්තර ඉල්ලයි බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදුන්නැයි කියන සිද්ධියට අදාළ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ හිමිකාරීත්වයෙන් යුත් ග්ලෝබල් ට්රාන්ස්පොටේෂන් ඇන්ඩ් ලොජිස්ටික් පුද්ගලික සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් සහ ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ජේ ඇන්ඞ් ඒ සෙක්ටර්ටේරියල් ඇන්ඞ් මැනේජ්මන්ඩ් සර්විසර්ස් සමාගමේ ලේකම්වරයා වෙත අද (20) 20 September 2018
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට විදේශීය ප්‍රකාශන ආයතන 30ක් ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2018’ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී හෙට (21) සිට මෙම මස 30 වැනිදා දක්වා දිනපතා පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වේ. 20 September 2018
වයස 21 වෙද්දී උපාධියක් ගන්න හැකි වැඩපිළිවෙළක් - ඇමැති අකිල දරුවන්ගේ කාලය නාස්ති නොකර ඔවුන්ට වයස 21 ක් පමණ වන විට උපාධියක් හා වයස 25ක් වන විට ආචාර්ය උපාධියක් ලබාගැනීමට හැකි අයුරින් අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම තම අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 20 September 2018
එක්සත් ජාතින්ගේ 73 වැනි සැසිය සඳහා ජනපති හෙට නිව්යෝක් බලා පිටත් වෙයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන මහසභා සැසිවාරය ඇමතීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හෙට ( 22 ) ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතය. 20 September 2018
මිනිස් ජාවාරමේ යෙදුණේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරියෙක්ලු නීති විරෝධී අන්දමින් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකු ඉතාලියට ගෙන යමින් සිටියදී එරට ගුවන් තොටුපොළක දී අත් අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරියෙකු බව අනාවරණය වී තිබේ. 20 September 2018
එල්ටීටීය ගැන වැරදි අර්ථකථනයක් දීලා - නාලක ගොඩහේවා එල් ටී ටී සංවිධානය ත්‍රස්තවාදී කණ්ඩායමක් නොවන බවට වැරදි අර්ථකතයක් දී හිතාමතාම එක්සත් ජාතීන්ගේ සංවිධානය නොමගයවන්නට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සමානාන්තර සැසියකදී අද (20) පැවසීය. 20 September 2018
විෂ කිරිපැකට් ගැන පවිත්රාගෙන් පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඒකාබද්ධ විපක්ෂය පවත්වන ලද ජනබලය - කොළඹට විරෝධතා පාගමනට සහභාගී වූ ජනතාවට විෂ යෙදූ කිරිපැකට් බෙදාදීම සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළතදී පරීක්ෂණ පවත්වන බව ජාතික පොලිස් කොමිසම තමන්ට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ලංකාදීපයට අද (20) පැවසුවාය. 20 September 2018
'පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට ගත යුතුයි' ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සළකා දැනට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය යටතේ ඇති පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට වහාම පවරා ගත යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා ප්‍රකාශ කළේය. 20 September 2018
බන්ධනාගාර ආධුනික නියාමක පත්වීම් අඩපණ වෙලා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා තෝරාගත් ආධුනික නියාමකයින් 1200කට පත්වීම් ලිපි ලබාදීම දැනට මාස 3කට අධික කාලයක් තිස්සේ අඩපණ වී ඇතැයි බන්ධනාගාර මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කරයි. 20 September 2018
ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා පැනවු බදු අහෝසි කරයි ආනයනය කරනු ලබන සනීපාරක්ෂක තුවා සඳහා අලුතින් පැන වූ සියයට 30 සෙස් බද්ද අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. 20 September 2018
රසකැවිලිවල සීනි ප්‍රමාණය පැකට්ටුවේ යෙදීම අනිවාර්ය වේ වෙළඳපොලේ විකිණීමට ඇති සියලුම රසකැවිලිවල අඩංගු සීනි ප්‍රමාණය එහි පැකට්ටුවේ අනිවාර්යෙන් සඳහන් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 20 September 2018
‘ප්‍රශ්න වලට පිළිතුරු දීමට අදාළ මන්ත්‍රීවරු සභා ගැබේ සිටිය යුතුයි‘ මන්ත්‍රීවරුන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට අදාළ ඇමතිවරුන් මේ සභාවේ අනිවාර්යයෙන් ම සිටිය යුතු බව තමා නැවතත් දැනුම් දෙන්නේ යැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද(20) පැවැසීය. 20 September 2018
කොළඹ - කටුනායක මාර්ගයේ කොටසක් තාවකාලිකව වසයි කොළඹ කටුනායක මාර්ගයේ කොටසක් නව කැළණි පාලමේ ඉදිකිරිම් හේතුවෙන් ඔක්තෝබර් 4 වැනි දා දක්වා තාවකාලිකව වසා දමා ඇතැයි පොලිසිය පවසයි. 20 September 2018
බාලවයස්කාර දැරියට අතවර කළ පුද්ගලයෙක්ට සිරදඬුවම් දහතුන් හැවිරිදි බාල වයස්කාර සිසුවියකට අතවර කළ විත්තිකරුවකුට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා බරපතල වැඩ සහිත මාස නමයක සිර දඬුවමක් සහ රුපියල් පන්දහසක දඩයක් ද වින්දිත සිසුවියට රුපියල් පනස් දහසක වන්දියක් ද ගෙවිමට අද (20) නියම කළේය. 20 September 2018
‘පැලවත්ත-සෙවනගල සීනී සමාගම පෞද්ගලික අංශයට පවරන්නේ නෑ‘ පැලවත්ත හා සෙවනගල සීනි සමාගම් පෞද්ගලික අංශයට හෝ වෙනත් පුද්ගලයෙකුට පැවරීමට රජය කිසිදු තීරණයක් ගෙන නැතැයි රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද(20) පැවසීය. 20 September 2018
ලබන වසරේ සිට ධීවරයින්ට රක්ෂණයක් ධීවර රක්ෂණය මේ වසරේ අරඹන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පාර්ලිමේන්තුවේදී අද(20) පැවසීය. 20 September 2018
‘ ඥානසාර හිමිට ජනාධිපති සමාව ගන්න ඉල්ලීමක් කරනවා‘ බන්ධනාගාර ගතකර සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති ඇප අයදුම්පතට සාධාරණයක් ඉටු නොවුණහොත් උන්වහන්සේට ජනාධිපති සමාව ලබාගැනීම සඳහා ඉදිරි දින කිහිපයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කරන බව සිංහල රාවය ජාතික සංවිධානයේ ලේකම් මාගල්කන්දේ සුදන්ත හිමියෝ පැවසූහ. 20 September 2018
තාජුඩීන් පැහැර ගන්න සිරිලිය සවියේ ඩිෆෙන්ඩර් භාවිත කරලා රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් යන අය පැහැරගෙන යාම සඳහා සිරිලිය සවිය ව්‍යාපෘතිය යටතේ ලබාදී තිබු ඩිෆෙන්ඩර් රථයක් භාවිතා කර ඇතැයි තොරතුරු අනාවරණය වන බව නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරිණි. 20 September 2018
පොලිසියට ඔත්තු දුන්නාට කපා ඝාතනය කරයි නීතිවිරෝධීව මත්පැන් විකිණීම සම්බන්ධව පොලිසියට ඔත්තුවක් ලබාදුන්නැයි කිසියම් පිරිසක් ආයුධ වලින් කපා කොටා පහරදීමෙන් රත්නපුර ගොළුවාවිල ප්‍රදේශයේ පුද්ගලයෙක් මියගොස් ඇති බව රත්නපුර පොලිසි පවසයි. 20 September 2018
රුපියල 168 ත් පනී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වන ශ්‍රී ලංකා රුපියල අද (20) ඉතිහාසයේ පළමු වරට පහළම අගය වාර්තා කළේය. 20 September 2018
‘ පොලිස්පති ඉවත් කිරිමට පොලිස් කොමිසමට බලයක් නෑ‘ පොලිස්පතිවරයා ඉවත් කිරීමට කිසිදු බලයක් ජාතික පොලිස් කොමිසමට නැතැයි එහි සාමාජිකයෙක් ‘ලංකාදීප’ යට පැවසීය. 20 September 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026