(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් පුළුල් සන්ධානයකින් ඉදිරි මහ මැතිවරණයට තරග කරන බව ශ්‍රීලනිප මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා එම සන්ධානයේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා බව කී මහලේකම්වරයා එහි ඡන්ද ලකුණ කුමක් ද යන්න ගැන මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැතැයි ද කීවේය.
එක්සත් ජාතික පෙරමුණ නැමති සතුරාට මුහුණ දීම සඳහා ප්‍රගතශීලී, වාමවාදී, දේශප්‍රේමී හා ජාතිකවාදී සියලූම බලවේග එක්කර ගනිමින් දැවැන්තම සන්ධානය ගොඩනගන බව ද ඔහු ප්‍රකාශ කළේය.
රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතීතයේ සිටම ජාතික මැතිවරණවලට ඉදිරිපත් වූයේ පුළුල් සන්ධානයක් යටතේ බව කී මහලේකම්වරයා මෙවරද එවැනි සන්ධානයක් වෙනුවෙන් මූලික සාකච්ඡා ආරම්භ කර තිබෙන බව කීවේය.
මහලේකම්වරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අතීතයේ පටන් මෙවන් අවස්ථාවල පක්ෂයේ ලකුණ වන ‘අත’ ලකුණ වෙනුවට ‘රෝදය’, ‘පුටුව’, ‘බුලත්කොලය’ ආදී ලකුණුවලින් තරග කර තිබෙන බව කී මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මෙවර ද සියලූ දෙනා එකඟ වන ඡන්ද ලකුණක් තෝරාගන්නා බව සඳහන් කළේය.
මේ අවස්ථාවේ සිතිය යුතු වැදගත්ම දෙය වන්නේ පොදු සතුරාට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න බව කී මහාචාර්යවරයා අන් සියලූ කරුණු සළකන්නේ දෙවැනි කොට බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් පක්ෂයෙන් කඩාගෙන ගිය කණ්ඩායමකට ඕනෑ ආකාරයට නැටවෙන බව නේද මේකෙන් පෙනෙන්නේ...? නාම යෝජනා බෙදා ගනිද්දී චෝදනා තියෙන අය නැවතත් තෝරා ගත්තොත් වැඩේ හරියන එකක් නැහැ. "එහෙම කොහොමද කරන්නේ උඩින්ම ඉන්න කෙනාටනේ චෝදනා වැඩි" කියලා කියන්න නම් එපා ඔන්න...
මිණී ඔළුවයි, ඇට කටු දෙකයි නම් පක්ෂ ලාංඡනය හැටියට නියමෙට ගැලපෙනවා...
සතුරාට පහරදෙන්න නම් ටයර් සෑයේ ලකුණින් ඉදිරිපත් වෙන්න.
කවුරුත් පොරකන්නේ බලයට... රට ගැන හිතලා වැඩකරපු කවුරුත් නැහැ.
කාට කියන්නද මේ දුක...? දෙවියනි ඔබ හැර.
ඔබතුමා අපට 2010දී ජනසන්නිවේදනය ඉගැන්නුවා මතකයි. එතකොට ඔබතුමා අංශාධිපති. ඔහොම යමු ඊළඟ උපකුලපති වෙන්න පුලුවන්....
ජනතා ඡන්දෙකින් දිනන්න පුළුවන් පක්ෂයක් ව්‍යවස්ථා විරෝධීව බලය ගන්නෙත් නැහැ.
කොහේදෝ ඉඳල අද පිනට මහ ලේකම් වෙලා. අර එක්සත් ජාතික පෙරමුණ නැමති සතුරා නිසා තමයි, මෛත්‍රී ජනාධිපති වෙලා ඔබව මෙතන්ට පත් කළේ. ඔබ කොවුද කියලත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් දන්නෙවත් නැතුවඇති. ඔබත් ලොක්කා වගේ කලගුන දන්නා නැති මිනිහක්.