(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)
බුද්ධශාසන හා ආගමික කටයුතු ඇමැති උදය ගම්මන්පිල මහතා අද අධිකරණයෙන් පිටව යද්දි පිරිසක් ඒ මහතාගෙන් රුපියල් 100 ක් ඉල්ලන්නට වීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති විය.
ගම්මන්පිල මහතා පසුගිය ඡන්ද ව්‍යාපාරයේ දී රුපියල් 100 බැගින් ජනතාවගෙන් ලබා ගත් බවත් දැන් ඔහු ජනවරම පාවදී ඇති නිසා රුපියල් 100 යළි අවශ්‍ය බවත් ඔවුහු කීහ.
ගම්මන්පිල මහතාගේ පාර්ශ්වයේ කෙනෙක් චෝදනා ප්‍රතික්ෂේප කළේය.
‘පොලිසියට පැමිණිලි කරලතවත් අපේ සල්ලි දුන්නේ නැහැනේ.‘ යැයි තවත් අයෙක් කීවේය.
උසාවිය අසල කෑකෝ නොගසන්නැයි පොලිසිය පිරිසගෙන් ඉල්ලීමක් කළේය.
ඡායාරූප - ලහිරු හර්ෂණ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතා හොඳ, කාලෝචිත ක්‍රියාවක්.
නියමයි
ඉල්ලන්න නම් මොකටද දුන්නේ..? ඔය විදියටම අනිත් හොරා කාපුවත් ඉල්ලුවා නම් නරකද?
අපේ රුපියල් 100 තරම්වත් නොවටිනා මිනිහෙක්...
අමු හොරෙක් නේද? ඇමතිකමින් කොච්චර හොරකම් කරයිද?
ඇයි පොලිය?.. මන්ද බැංකුවේ දැම්මා නම් පොලිය කීයක් හරි ලැබෙනවානේ?
හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට බලන්න පුළුවන්... මගේ රුපියල් 100මට ඕනේ.
ගම්මන්පිල උන්නැහේ 2015දී අසරණ මහජනයාගෙන් හිඟාකාලා පාර්ලිමේන්තුවට ගියා වගේ 2019 දී යනවා කියන එක නම් ෂුවර් නැහැ...! ඔය අයගෙන් වැදිබණ අහපු අසරණ ඡන්ද දායකයන් බයවෙලා ඉන්නේ. ඒ නිසා සල්ලි බෙදන්න ඔවුන් බයයි. ඒ වගේම මන්ත්‍රීවරුන් බිලී බාගන්න සුදානම් කෝටිපතියන් වුනත් 100 කොළ දැකලත් නැතුව ඇති...!
ඉතා හොද වැඩක්.
ඉතාම සැලසුම් සහගත මඩ ක්‍රියාවලියක් වගේ පෙනෙන්නේ ..... වාසුදේව මහත්මයට සහ ගම්මන්පිල මහත්තයට .....
මිනිස්සුන්ව රවටල රුපියල් සීය බැගින් වංචා කරලා බලයට එනවා. මිලියන ගණන් වලට කාර් ගෙන්නනවා. මේ වගේ මිනිස්සු මේ රටට කරපු දෙයක් නැහැ. අායෙත් ඔබගේ වටිනා ඡන්දය නම් දෙන්න එපා.
තරු පෙන්නෙන බදු ගහලා මහබැංකුව ලවා එළියට ගත්ත සල්ලි ඉල්ලන්න කෙනෙක් නැහැනේ. මේ සේරම අධිකරණයෙන් එලවල අදාල අය පමණක් ඇතුළට ගන්න තිබුණ.........ඔක්කොම ගේට්ටුවෙන් ඇතුලේ .
ඔය ඔක්කොම පල් හොරු ...
දැනට මෙයාට එරෙහිව විභාග වෙන මුල්‍ය වංචා නඩු තීන්දුවෙන් දඩ මුදල් ගෙවන්නොන වුනානං, මෙදා පාර රු 1000 බැගින් ජනතාවගෙන් අය කරාවි.