( තිළිණි ද සිල්වා, තරිදු ජයවර්ධන සහ රංජන් කටුගම්පොළ )
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් සියල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්නැයි නීතිපති , ජනාධිපති නීතීඥ ජයන්ත ජයසූරිය මහතා සිය කරුණු ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 13) ඉල්ලා සිටියේය.
අදාළ පෙත්සම් අද (13) අග විනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
එහිදී නීතිපති ජයන්ත ජයසූරිය මහතා සිය දේශනය ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර ඇති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 33 වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ සඳහන් වන ප්‍රතිපාදනවලට පරිබාහිරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා විශේෂ බලයක් එම වගන්තිය තුළින් ජනාධිපතිවරයාට හිමි වී තිබෙන බවද නීතිපතිවරයා සඳහන් කළේය.
මේ හේතුවෙන් අදාළ විසුරුවා හැරීම ව්‍යවස්ථාවට අනුකූලව සිදු වී ඇති බව නීතිපතිවරයා තම දේශනය තුළින් සඳහන් කර සිටියේය. මේ වන විට අතරමැදි පෙත්සම කැදවෙමින් පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පුවතක්........
පිරිහීමේ අවසන් අවස්ථාවට පැමිණ ඇත .
ජය වේවා ශ්‍රී ලංකා .....බොරු ප්‍රජාතන්ත්‍රවාදීන්ට කාලය ඉවරයි ...තවත් රවටන්න එන්න එපා ...අපට එපා උස සිකියුරිටි.. මිටි කම්කරු ....
මොහුගේ උපදෙස් වලට අනුව ජනාධිපති වැඩ කරපු නිසා ඔහු බේරා ගැනීමේ වගකීමත් මොහුටම පැවරෙනවා. කුජීතයි
අපි නිදහස් සහ අභිමානවත් ජාතියක්. අපිට අපේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියනවා. එක යුරෝපීය ක්‍රමය නොවෙයි. අපට අණ දීමට, අපි ඔව්න්ගේ යටත් විජිතයක්ද නොවෙයි. අපි සිතනවා ඉදිරියේදී ශ්‍රී ලංකාව සමග කටයුතු කිරීමේදී ඔවුන් මෙය පාඩමක් ලෙස සිතේ තබා ගනීවි කියා.
මෙයා කොහොමත් මහින්දවාදියෙක්. හිරේ ඉන්න ඕන අය එළියේ ඉන්නේ මෙයා චෝදනා ගොනු කරන්නේ නැතිව කල් මරපු නිසා.
ව්‍යවස්ථාවේ සඳහන් වන ප්‍රතිපාදනවලට පරිභාහිරව විශේෂ බලයක් ජනාධිපතිවරයාට හිමි වී තිබෙන බවද නීතිපතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකාව ජනපතිතුමාගේ රාජ්‍යයයි. ඔහුට රටේ රජු වශයෙන් ඔහු කැමැති පරිදි ඕනෑම දෙයක් සිදුකළ හැකිය.
පෙත්සම්කරුවන් නීතිය නොදන්නා බව රටටම පෙන්වීම ඉදිරි ඡන්දයට විශාල පාඩුවකි. එජාපය නව නායකත්වයක් හරහා ඉදිරිපත් නොවුනොත් පරාජය නියත බව පැහැදිලියි.
නීතිපති කියන්නේ රජයේ නීති උපදේශක. හරි හෝ වැරදි හෝ එයා කොහොමත් ජනාධිපතිගේ තීරණය සාධාරණිකරණය කරන්න ඕනෑ. ඉතිහාසයේ ඕනතරම් අධිකරණය නීතිපතිගේ අර්ථදැක්වීම් ප්‍රතික්ෂේප කරලා තියෙනවා.
සාධු! සාධු! සාධු! නූගත් අයට ලොකු පාඩමක්....
පාලකයින්ට කඩේ යන උගත් මෝඩ අය කියන විදිහට අපේ රටට නීතියක් හා ව්‍යවස්ථාවක් අවශ්‍ය නැත. මේ ලෙස මේ රටේ ජීවත්වීම හැර වෙන විකල්පයක් නැත. ඔහොම ජඃ!!
මේ අප ගෙවමින් සිටිනුයේ අප දේශයේ ප්‍රජාතන්ත්‍රවාදී අවසන් හොරා කිහිපයකි .දේශපාලන පක්ෂ පසෙකලා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මිනිසුන් පෙළගැසිය යුතුය .නැතහොත් අපගේ දරුවන්ට ඉතිරි වීමට තරම් රටක් නැතිවන්නේය. දේපාලන වහලුන් නොවී රටේ අනාගතය වෙනුවෙන් සැවොම එක්වෙමු . මහින්ද යනු රටට ආදරය කරන කෙනෙක් නොවන බවත් අවබෝධ වූ දවසට අප මාතෘ භූමිය ඉදිරියටම ගමන් කරනු ඇත .
මීට පස්සේ පාර්ලිමේන්තුවට පැවැත්මක් නැහැ. ජනාධිපති අකමැතිනම් මාසෙන්ද දෙකෙන්ද ප්‍රශනයක් නැහැ ගෙදර... නීතිපතිට ජීවත්වීමේ ආසාව ඇති බවට හොද සාධකයක්.
රටම කුජීතයි. අලුත් ආණ්ඩුව ප්‍රජත්රන්ත විරෝධී .පාර්ලිමේන්තුව කැඳවා අයවැය පරාජය කල හැකයි.
මොහුට බනින එක තෙරුමක් නැති වැඩක්. නීතිපති නියෝජනය කරන්නේ සහ කල යුත්තේ රජය සහ ජනාධිපති ( හරි වුනත් වැරදි වුනත් ). අරයට හයක් ඉන්න පුලුවන් කියලා පසුගිය ජනවාරි මාසේ කිවේත් මෙයාමයි නීතිපති හැටියට. හැබැයි ලැබුණ තීරණය දන්නවනේ.
කසුන් ඔබ හරියටම හරි. පාට කණ්ණාඩි ගෙන තමන්ගේ මතයේම ඉන්න අයට මේවා තේරෙන්නේ නැහැ.
ජනාධිපති ව්‍යවස්ථාවෙන් පත්වූ කෙනෙක්... ඔහුට ව්‍යවස්ථාවෙන් පිටපැන වැඩකළ නොහැකිය. ඔහු ව්‍යවස්ථාවට යටත්ය.
මහජන පර්මාධිපත්‍ය බලය ඔය හැම නීතියකටම වඩා උතුම්. ඔය කෑ ගහන හැමෝම මිනිස්සු ඉස්සරහට එන්න බය මොකෝ? මහජනතාවට අවංකව සේවය කරලා තියෙනවා නම් රට පාලනය කරලා තියෙන්නේ මහජන සිතුම් පැතුම් අනුව නම්, හොරකම් කරලා නැත්නම්, මිනී මරලා නැත්නම්, රට විකුණලාත් නැත්නම් මොකටද බය වෙන්නේ...?
මෙතන කොටපු ගොඩක් දෙනෙක් නීතිපතිගේ කරුණු දැක්වීම ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දීමයි කියල පටලවාගෙන තියෙන බව හිතෙන්නේ මට විතරද?
ලෝකය ඉදිරියේ අපි උපහාසයට අපහාසයට ලක් නොවන රට අරාජික නොවන අන්දමේ ඕනෑම තීරණයක් ගන්න. ලංකාවේ දේසපාලුවෝනම් හරිම ඔල මොට්ටල හැතිකරයක්. මොනව කරන්නද අපේම වැරැද්ද...!
ලංකාවට ගැලපෙන්නේ මෙහෙම නීතිපතිලා තමයි. ප්‍රමුඛතාවය නීතිය රැකීමද බලයේ ඉන්න අය රැකීමද කියල අපට නම් තේරෙනවා.
සතුටුයි! මේක හොඳ අවස්තාවක් මහජනතාවට. පසුගිය අවුරුදු තුනහමාරක කාලය තුල රටට කිසිම යහපත් දෙයක් සිදුවුනේ නැහැ. සියලු ජනතාව දෙශපාලනමය තීරණ වලට නොයා රටේ යහපත වෙනුවෙන් තීරණයක් ගන්න.
ඡන්දෙකින් අත උඩින් පරාදයි කියල යහපාලන කොල්ල කල්ලිය දන්නවා. එකයි මෙච්චර බයේ දඟලන්නේ. මේ නඩුව ඉවර වූ හැටියේ පුළුවන් කෙනෙක් මේ කල්ලියට විරුද්දව නඩු දාන්න ඡන්ද කල් දාපු එකට.
හරි එහෙනං ඔයා කියනවා නම් ඉතින් වෙන මොනවා කරන්නද? මීට පස්සේ හරි ව්‍යවස්ථාව හරි විදිහට අඩුපාඩු හදලා එහි අපැහැදිලි තැන් නිසි ආකාරයට නිවැරදි කරලා ගත්තොත් නරකද? එතකොට මෙහෙම ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැනේ...
ගැටළුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොවේ. ගැටළුව නම් ඇයි ඒක මුලින්ම නොකළේ. එ්කෙන්ම පේනවා තමන්ගේ නොහැකියාව සහ අර පල්හොරා මහින්දව අගමැති පුටුවට ගේන්ට තියෙන වුවමනාව... අනික ලංකාවේ නීතිය බල්ලට ගිහින් තියෙන එකේ ඒ බල්ලව තමන්ට වුවමනා විදිහට හීලෑ කරගන්ට බැරුවයෑ...
බලය තිබෙන බව අපිත් දන්නවා. එ්කට ක්‍රමවේදය 70(1) අනු ව්‍යවස්ථාවේ සඳහන් බව දන්නේ නැද්ද?
මේ යකා මොනතරම් නිවට වෙලාද? ඇත්ත දැනගෙනම මොනතරම් බොරු කියනවද?
කොහොමත් ඔහොම වෙන බව අමුතුවෙන් අහන්න දෙයක් නෙමෙයිනේ. එහෙම නොවුනත් මේක ඇදගෙන යනබව සහසුද්දෙන් දන්නවා...
19 වන ව්‍යවස්ථාවේ 33 වෙනි වගන්තිය මොකක්ද කියලා නැද්ද? කියලා නැත්නම් අපට දැනගන්න ඒ අමුතු වගන්තිය ටිකක් කියනවද?
දැන් ඉතින් U. N. P. සහ J. V. P. සහ T. N. L. මුස්ලිම් කොන්ග්‍රස් පක්ෂවලට ඡන්ද එපා කියලා මහජනතාව ඉදිරියට යන්න පුලුවන්ද රෙදි ඇඳගෙන? මේක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය... දේශපාලකයන්ගේ නෙවේ...
නීතිපතිටත් වැඩිය නීතිය දන්නා ගොඩ පෙරකදෝරුවෝ ගොන්නක් මෙතන ඉන්නවානේ...
හ්ම් ! මෙම ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයා වරක් කියලා තිබුණා වගේ මතකයි ව්‍යවස්ථාවේ බලතල වැරදි කෙනා අතට පත් වුවහොත් රටට වන්නේ විනාශයක් බව... ඒ වගේම ඔහු කියලා තිබුණා ඔය පුටුවට එන කෙනෙක් පුටුව අත හරින්න කැමති නැහැ කියලත්...
මහින්දගේ කාලයේ ප්‍රජාතන්ත්‍රවාදයක් රටේ තිබුනෙම නැහැ. පහුගිය යහපාලන ආණ්ඩුව කාලෙදී, විශේෂයෙන් මාධ්‍යවේදීන් නිදහසේ අදහස් ලිව්වා. ගුණමකු ජනපතිවරයා, සෝභිත හිමියන් ඉදිරියේ වෙච්චි හැම පොරොන්දුවක්ම ඉතාමත් අසික්කිත ලෙස සුන්නත්දූලි කරමින් සහ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් ක්‍රියා කරනවා. නීතිපතිවරයත් තම වෘත්තියේ ගෞරවයටත් නිගාකරමින් අධිකරණයේ තීන්දුව කෙසේවිය යුතුදැයි අධිකරණයටම කියා දෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක මෙවැනි දෑ සිදුවිය හැකිද..? උතුම් වූ ලංකා මාතාවගේ ඉතාමත් අභාග්‍ය සම්පන්න කාලයක් මේ...
උසාවි ගානේ රස්තියාදු වෙන්නේ නැතුව මැතිවරණයට සුදානම් වුණානම් හොඳයි කියලා දැන්වත් කට්ටියට තේරෙනවද? සිහිමොලය තියෙනවා නම් මේ යථාර්තය තේරුම් ගන්නට ඔය කියන තරම් නීති දැනුමක් අවශ්‍ය නැහැ...
දේශපාලන පත්වීම්වලින් සාධාරණයක් කොහොම බලාපොරොත්තු වෙන්නද?
අවසාන තීරණය මොකද්ද එතකොට නීතිපතිගේ අදහස්වලට අනුව?
ආණ්ඩු විසුරනවා වගේ දේවල් නිකම්ම කරයි කියල හිතනවා නම් ඒක මෝඩකමක්.. බොහොම හොඳට හිතල බලලා, නීති විශාරදයන්ගෙන් අහල තමයි.. ඕව තීරණය කරන්නේ. එනිසා ඒවා වෙනස් වෙන්නේ නැහැ කව්රු උඩ පැන්නත්. ලංකාවේ අපිට හොඳකලක් උදාවෙයි කියල හිතෙනවා.. උදේ වරුවේ වැටුණු කොටස් වෙළඳපලත් දැන් ඔය සීඝ්‍රයෙන් වැඩිවෙන්නේ...
මහබැංකුව, බදු බර පටවපු නිසා රනිල් ඇතුළු නඩය බේරා ගැනීමේ වගකීමත් මට ඇත කියා නිවැරදි කරන්න...
ප්‍රජාතන්ත්‍රවාදී නාමයෙන් ජනතාව රවට්ටන්නන්ට දඩුවම් කල යුතුයි. තමන් බලයේ ඉන්න නීතිරීති තමන්ට ඕන ආකාරයට අර්ථකථනය කරන පුද්ගලයන් නිසා ශ්‍රිලංකාවේ වැසියන් දරුණු ලෙස මුලාවට පත්වන ආකාරය සහ ඔවුනොවුන් මරා ගන්න ආකාරය ලජ්ජා සීලි වේ. සමහර දේශපාලකයන් පවා මදය කතා කල පලියට දැනුවත් නොමැති බව එක්තරා නාලිකාව විකාශය කරන ලද වැඩසටහනේදී දකින්නට ලැබිණි.
පසුගිය පාලකයින්ට අද පාලකයන්ට කඩේ යන උගත් අය කියන විදිහට අපේ රටට නීතියක් හා ව්‍යවස්ථාවක් අවශ්‍ය නැත "උගත් මෝඩයන්" මේ ලෝකයේ නැත නමුත් කඩේ යන මෝඩයන් අපේ රටේ උපරිමයක් ඇත
වගන්ති 33 (2) - C අනුව ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරවා හැරීමට බලය ඇත නමුත් මෙම වගන්තිය කියවිය යුත්තේ වගන්ති 70 (1) වන වගන්තිය සමග වේ මෙය අනුව 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝදනයට අනුකුලව ජනාධිපති වරයා අනුගමනය කල ක්‍රියා පටිපාටිය ව්‍යවස්ථාවට පටහෙනි වේ.
ඕනෑම කෙනෙක්ට තම වාසියට හරවාගන්න සංශෝදන කරන්න පුළුවන් ව්‍යවස්ථාව පසෙක දමා නීතිය පෙරට ගත යුතුය
එතුමාටත් ඉතින් දරු පවුලක් ඇතිනේ...
විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගටිටනයක් විසදීම සදාහා අධිකරණයට සිදු වීම බරපතල ඛෙදවාචකයති.මෙ වැනි ගටිටනයක් සහිතව රටකය ඉදිරියට යෑමට නොහැකිය. මෙම 19 වෙනි ව්‍යස්ථා සංශා්ධනය සකස් කල නීති ඔස්තාර්ලා මෙන්ම එය සමිමත කල මන්ත්‍රීවරු 225 දෙනාම මෙය කියවා හො අධ්‍යයනය කර නොමැති බව පෙනි යන කරැණකි. මෙහි ඉංග්‍රීසි පිට පතෙහි බරබකල ව්‍යකුලතාද තිබිය හැකිය. එබැවින් ඉදිරියෙදි රට වෙන් කරන ව්‍යවස්ථාවකු වුවද මෙවන් කාරයට පාර්ලිමේන්තුව තුල සමිමත විය හැත. එ අප විසින් පත් කරන හරක් පාර්ලිමේන්තුවට යැවීම නිසාය.ඉදිරියෙදි අැති වන ගැටලු වලට අද දින ගරු අධිකරණය දෙන තීන්දුව බලපානු අැත. රටෙි අාරක්ෂාවට නමි ජනාධිපති වරයාගෙ විධායන බලය තිබිය යුතු බවක් පෙන්නුමි කරන කදිම අවස්ථාවක් මෙය වනු අැත. තීන්දුව අනුව රටෙහි පැවැත්ම තීරණය කරනු අැත.
මේ තීරණය නිවැරදි නමි 2019 ජනවාරි 15 (ඡන්දය තිබුනොත්) ජයග්‍රහණය කරන කණ්ඩායමටත් මේ අවදානම මේ විදිහටම තියෙනවා කියලයි මට හිතෙන්නේ. අවශ්‍ය නම් 18 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවන්න පුලුවන් වෙනවා නේද.
ජනපතිවරයාගේ ධුරකාලය ගැනත් මෙතුමා මේවගේ දෙයක් කිව්වා
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ.. අපට හැමදාමත් බඩුම තමයි.. ආර්ථික ඔස්තාර් තාම කසාය බොනවද? නැත්තන් විරේක බීලද? මුකුත්ම කියන්නැහැනේ...
බොහොම හොඳයි ජනතාව වශයෙන් අපි මෙය පිළිගන්නවා. රට තවතවත් අස්ථාවර කරන්නේ නැතුව මැතිවරණයකට යන එක හොදයි. මේ සඳහා අධිකරණයට ගිය අය සම්බන්දයෙන් ජනතාව තීන්දුවක් ගත යුතුයි...
එන්න කලින්ම බයවෙලා වගෙයි.
ඕකේ කියන්න දෙයක් තියෙනවද? එයේ SC කිව්වේ ජනාධිපතිට කතා කරලා කියන්නම් කියලනේ...
අළුගෝසුවන්ට බයේ ව්‍යවස්ථාව පාවලා දෙනවද? ඔබ වැනි කට්ටිය ගෙදර ඉන්න. මොකටද වැටුපක් දීලා මෙවැනි සේවයක් ලබන්නේ?
දී කිරට බළල්ලුත් සාක්කිලු.
කෝ අර සමනල්ලු ටික..? කට වැහිලද?
අපේ ලංකාවේ සමහරක්ට ඕනේ ලංකාවේ තියන සම්පත් ටික මොකාට හරි විකුණලා එදාවේල නිකන් ඉඳගෙන කාල බොරු සෝබනේට ලොකු ලොකු දේවල් කරගෙන වංචාවෙන් ජීවත් වෙන්න. ඇයි ඡන්දයක් එපා කියලා උසාවි යන්නේ? දියුණු රටවල්වල මිනිස්සු ඡන්ද ඉල්ලලා උද්ඝෝෂණ කරනවා. රනිල්ගේ ආණ්ඩුව ඇවිල්ලා රටට මොනවද කලේ කියලා සමහර බුද්ධිමත් ජනතාව දන්නවා. පල්හොරු ටික බේරගන්න අසාර්ථක උත්සාහයක යෙදෙනවා. ලංකාවේ සමහර ඡන්ද දායකයෝ කියන්නේ වංචාවට, නිකන් ඉඳලා කන්න කැමැති අලස ජාතියක්. විවෘත්ත මනසක් නැහැ.
එංගලන්තයේ ව්‍යවස්ථා කෙටුම්පතක් නොමැත. එහෙත් නීතිය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිසිඳු සැකයක් නැත. ලංකාවේ ව්‍යවස්ථාවක් තිබුණද පවතින දේශපාලන වාතාවරණය අනුව අර්ථ දැක්වීම් වෙනස් විය හැක...
අපේ ව්‍යවස්ථාව ලියල තියෙන්නේ කුමන භාෂාවකින්ද? කාටවත් තේරුම් ගන්න බැහැ.
කොහොමද නීතිපතිගේ නීතිය නැවිල්ල... තම තමන්ගේ බුද්ධි මට්ටම අනුව හිතා ගන්නකෝ හොරුන්ට උදව් කලේ කවුද කියලා...
මෙයා කිව්වේ 5 නෙවෙයි 6යි කියලා.