එෆ්.අස්ලම්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය තනි කැමැත්ත මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනවරම පාවාදුන් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ගත් එම ක්‍රියාමාර්ගයට ශ්‍රේෂ්ඨාධිකරණය නිසි පිළිතුර ලබා දෙනු ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා පැවසීය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ගනු ලැබූ තීරණය පිළිබද මාධ්‍යට අදහස් පලකරමින් හිටපු විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සම්බන්ධන් මහතා මෙසේද කීය.
පාර්ලිමේන්තුව වාර අවසන් කරමින් කල් තැබීමටත් විසුරුවා හැරීමටත් ජනාධිපතිවරයාට බලතල තිබුණා. නමුත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් එම බලතල අහිමි වී තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තුවේ ධූර කාලය වසර හතර හමාරක් ගෙවුණු පසුවයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා ස්ව අභිමතය පරිදි ගනු ලැබූ ක්‍රියාමාර්ගය පරාජය වීමට යන බව දැන දැනම පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවා. එය රට ජනතාවට පමණක් නොවෙයි ජාත්‍යන්තරයත් දන්නා සත්‍යක්.
මෑතක සිට ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දෙස බැලීමේදී රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයේ නොසිටිය යුතුයි කියන හැගීමෙනුයි කටයුතු කළේ. තමන් පත්කළ නව අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු බහුතරය පෙන්වීමේදී අපරාජිත විය යුතුයි කියන එක ඔහුගේ අදහස වුණා. ඔහුගේ එම උත්සහාය අන්ත පරාජය වීමට යන බව දැනගත් විගසම එම පරාජයේ අවමානයෙන් මිදීම සඳහා පාර්ලිමේන්තුව හදිසියේම විසුරුවා හැරියා. ඔහුගේ ඒ ක්‍රියාකලාපය නිසා ජනවරම ද පාවා දුන්නා යැයිද සම්බන්ධන් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය වෙන්න එපා. දැන් ඉන්න ඔය ජනවරම පාවාදුන් ජනාධිපතිතුමා ව්‍යවස්ථාව උල්ලංඝනය කළා කියලා බලයෙන් පහකළාම, ඉදිරියේදී ජනාධිපතිවරණයක් තියලා, ජාති හිතෛෂී කෙනෙක් ජනාධිපති වෙලා, ජාත්‍යන්තර ප්‍රජාවෙත්, ඔබතුමාලාගේත් සිත් සතුටුවෙන විදියට කටයුතු කරාවි. එතකල් ඉවසන්න...
ජනපති කාගේ ජනවරමද පාවා දුන්නේ? ඔබලාගේ වරමද අපේ වරමද? අපි හොඳටම බය වුණා 20 හදාගෙන රටින් කෑල්ලක් පාවා දේවි කියා. යාන්තම් ඇති රට බේරුණා.
නැවතත් මේ රටේ ප්රජාතන්ත්රවාදය ත්රස්තවාදයේ විශබීජ වපුරන අය තමා මේයාලා.
ඔයා ඒ දවස් වල වරම අරගෙනනේ හිටියේ. දැන් ජනවරම මතක් උනාද??