නාලක සංජීව දහනායක
හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බලහත්කාරයෙන් අරලියගහ මන්දිරයේ රැඳීසිටීමට එරෙහිව ඉදිරියේදී නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.
ඒ අනුව රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ හිටපු අගමැතිවරයාට එරෙහිව ඉදිරියේ දී නඩු පවරන බව කලූතර දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මුලසිටම මෙම ප‍්‍රශ්න විසඳෙන ආකාරයට ක‍්‍රියාකළ බවත් පැවසූ හිටපු මන්ත‍්‍රීවරයා අවශ්‍ය නම් මේ මොහොතේ අරලියගහ මන්දිරයේ ජලය හා විදුලිය කප්පාදු කිරීමට රජයට බලය ඇතැයි ද කීය. එහෙත් රජය එවැනි ක‍්‍රියාමාර්ග වලට එළඹ මෙම ප‍්‍රශ්නය තවත් දිග්ගැස්සීමට බලාපොරොත්තුවක් නැතැයි ද සඳහන් කළේය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී අද (12) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් අවභාවිතය කිව්වම නයා ගහපු කේස් එකක් මතක් වුණා...
අනේ රත්තරං දැන් ඔයාද රට පාලනය කරන්නේ? දැන්වත් මංපහරන්නෝ සහ පල්හොරු පාර්ලිමේන්තු යවන එක නවතමු.
ඒ මනුස්සයාගේ තනතුර උදුරාගන්නනේ බලන්නේ...
පල්හොරුන්ට ගිය කලක්...
නඩු රොත්තක් තියන එක්කෙනා තව එක්කෙනෙකුට නඩුවක් දානවා. අර නයා මතක් වුණා.
පරණ රස්සාව මතක් වෙලා වගේ... අනේ මිනිස්සුනේ මේ වගේ දේශපාලකයින් නම් ආයිමත් යවන්න එපා පාර්ලිමේන්තුවට වඳින්නම් !!!
ජයවේවා!!! රත්තරන් මාල හොරුන්ට ජය නොවේවා!!!
චේන් එකක් කැඩුවා කෝච්චියෙන් පැන්න, මානා පඳුරු අස්සෙන් ගියා...
මේ වගේ කාලකන්නි පාර්ලිමේන්තු යවලා අපි රට හදනකන් බලාගෙන ඉන්නවා.. මේ අය අනිවාර්යයෙන් ඊළඟ පාර්ලිමේන්තුවේ ඉන්නවා.
ඒ වගේම ඔය කට්ටියම එක්ක මංකොල්ල කාපු රටේ සල්ලි ගැනත් කියන්න.
අනේ රත්තරන් අරලියගහ මන්දිරයේ රත්තරන් නැතෝ...