රංජන් කස්තුරි
ඉකුත් යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක්ව පැවති ගම්පෙරළිය වැඩසටහන වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කර තිබේ.
ගම්පෙරළිය වැඩසටහන සඳහා ඒ ඒ දිස්ත්‍රික්කවලට යැවු මුදල් නතර කරන ලෙස හා එම වැඩසටහන අත්හිටුවන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය දිසාපතිවරුන් වෙත දැනුම් දී තිබේ.
යහපාලන ආණ්ඩුවේ අයවැය යෝජනාවක් අනුව හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ගම්පෙරළිය සංවර්ධන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රායෝගික නැති දෙන්නන් වාලේ ණය දුන්නු වැඩසටහනක්. නිකන් මිනිස්සු ණය කාරයෝ කරන්න හදපු දැක්මකුත් නැති වැඩසටහනක්...
ඔව් දැන් ඉතින් කරපු සහ කරන්න තියෙන සංවර්ධන වැඩ ඔක්කොම නතරකරලා අලුතින් කොන්ත්‍රාත්තුවක් දෙයි... තමන්ට ගාණක් ලැබෙන විදිහට...
"ගම්පෙරලිය" වෙනුවට "ආණ්ඩුපෙරලිය" පැමිණීම නිසා, ඉන් අනතුරුව පැමිණීමට නියමිතව තිබූ "කලියුගය" ආරම්භයට පෙරම වැළකීගියා. කෙසේවෙතත් ඉදිරියේදී මනාප සටනත් සමග රටපුරා "වලියුගයක්" පැමිණීමට ඉඩ ඇති බැවින් ආරක්ෂක අංශ අවධියෙන් සිටීම වැදගත් වෙයි.
මොන ගම්පෙරලිද මල්ලි මේ වෙලාවේ...? ඉන්දියාව සේරම බකල් කළා. මස් රාත්තල හරියටම ඉල්ලපු ෂයිලොක් වගේ. ඉතින් බජට් එක බකල් වුණා. වැඩිය උඩපනින්න ගියොත් අපිත් පෙරලිලා යනවා.
මොන ගම් පෙරලිද මල්ලි මේ වෙලාවේ. ඉන්දියාව සේරම බකල් කළා මස් රාත්තල හරියටම ඉල්ලපු ෂයිලොක් වගේ... ඉතින් බජට් එක බකල් වුණා. ඒක නිසා ගම් පෙරලිකාරයෝ දාලා යන්න ගියා. ඔහෙලට පොඩි නාඩගමක් පෙන්නලා... තේරෙන්නේ නැතිද? අපි කොහෙන් දෙන්නද? නැති සල්ලි...
"කෝස්ට් ඔෆ් ෆන්ඩ්ස්" ගැන මෙලෝ හසරක් නොදැන ආරම්භ කරපු තකතීරු වියාපෘතියක් මේක. රුපියලේ අගය බාල්දුවෙන්න මේකත් හොඳින්ම බලපෑවා...
රුපියලේ අගය ක්ෂය වීමට බලපෑ මූලිකම හේතුව තමයි දේශීය කර්මාන්ත හා පරිභෝජනය ආනයන මතම රැඳීම. සරලව කිව්වොත් රට ඇතුලේ හදනවාට වඩා පිට රටින් ගෙන්වා විකුණන එක ලාභ වීම. ගම් පෙරළිය මඟින් වූයේ දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අවස්ථාව දුන්න එක. සම්ප්‍රදායික බැංකු ක්‍රමයෙන් නව ව්‍යාපාරයන්ට ණය ගන්න ලේසි වුනේ නෑ. ඒත් මේ ක්‍රමයෙන් නව ව්‍යවසායකයින්ට පහසුකම් ලැබුණා.
මම දන්නා තරමට මේක හොඳ වැඩක්. කව්රුහරි බොරුවට නැතිව මේකට සම්බන්දව වැඩ කල අයෙක් ඉන්නවනම් අපට පහදලා දෙන්න. පාට කන්නාඩි ගෙන බොරු ප්‍රතිචාර නැතිව
මාටින් වික්‍රමසිංහගේ ගම්පෙරලිය සදාතනිකයි. රනිල් වික්‍රමසිංහගේ ගම්පෙරලිය තාවකාලිකයි
ඔව් මහත්මයෝ ඔබ ඔය කතා කරන්නේ සාමාන්‍ය ජනතාව හිතන විදිහට. ඒ පැත්තෙන් ඔබ හරි. නමුත් රටේ රැකියා පිට රැටියනට විවෘත වන ගිවිසුම් ගහලා, පිටරටින් බඩු ගෙන්වීම නිසා රටේ ප්‍රධාන කර්මාන්ත වැසී යන තත්වයට පත්වෙලා. මේ රටේ ඉස්තරම්ම වර්ගයේ රෙදි නිෂ්පාදනය වුනා. කෝ දැන් ඒ කර්මාන්ත? මොන ආණ්ඩුවද ඒවා නැතිකලේ? ගම්පෙරලිය ගැන ලියන්න වෙන මහන්සියෙන් වැඩක්නැහැ. හැම වෘත්තියේම හැම බිස්නස් එකක්ම උතුරා යනවා කෙනෙකුට අමුතුවෙන් රිංගන්න ඉඩක් නැහැ.
සමහරු ආර්ථික ඔස්තාර්ලා වෙන්න යනවා දැන්, රුපිලේ අගය ගැන කිය කියා, සුළු ව්‍යාපාරයක් කරන කෙනෙක්ට කවදාවත් ලේසියෙන් බැංකු ණයක් ගන්න බෑ. මට හිතෙන්නෙත් මේක හොඳ ක්‍රමයක් කියලයි, කොස්ට් ඔෆ් ෆන්ඩ්ස් ගැන හිතුවනම්, මත්තල, හම්බන්තොට පොර්ට් එක හදනවද? එහෙම බලනකොට පහුගිය අවුරුදු 70 ටම හොඳ ආයෝජනයක් වුනේ නිදහස් වෙළඳ කලාප ටික විතරයි...