පකිස්තාන් අගමැති ඉන්දීය අගමැතිට ලියයි පකිස්තානය හා ඉන්දියාව අතර සාම කතිකාවත යළි ඇරඹීම සඳහා පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට පණිවුඩයක් යැවු බව එරට මාධ්‍ය වාර්තා කරයි. 20 September 2018
ශ්‍රී ලංකාවේ යුද්ධයට ඉන්දියාවෙනුත් ආධාර දීලා - පලනිස්වාමි කියයි ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේදී ඩී.එම්.කේ පක්ෂය සහ කොංග්රස් සන්ධාන රජය ඊට ආධාර ලබාදුන් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ඉන්දියාවේදී සිදුකළ ප්‍රකාශයෙන් තහවුරු වන බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ඊ.කේ. පලනිස්වාමි පැවසීය. 20 September 2018
ඥානසාර හිමිගෙන් අභියාචනයක් හෝමාගම අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හයක සිර දඬුවම් නියමව සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියාචන පෙත්සමක් ගොනු කර ඇත. 20 September 2018
ජනපති - ගෝඨා ඝාතන සැලසුමේ පරික්ෂණ විනිවිදභාවයෙන් කරන්නැයි අගමැතිගෙන් උපදෙස් ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමට සැලසුම් කළේ යැයි කියන සිද්ධිය පිළිබඳ සියලු පරීක්ෂණ පූර්ණ විනිවිදභාවයෙන් හා අපක්ෂපාතිව කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත දැනුම් දී තිබේ. 20 September 2018
මදුරු මර්දන සතියක් එයි ඩෙංගු රෝගය මැඩපැවැත්වීමේ අරමුණින් ලබන 26 වැනි දා සිට ඔක්තෝබර් 2 වැනි දා දක්වා ජාතික මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ. 20 September 2018
බඹර වදවලට ගිනිතබා ගින්න නිවන්න ගිනි නිවීමේ ඒකකය කැඳවයි කිලිනොච්චිය මහරෝහලේ බැඳ තිබූ විශාල බඹර වද දෙකක් ඉවත් කිරීමට බඹර වද වලට ගිනිතැබීමට පියවර ගැනීමෙන් ගින්න ව්‍යාප්ත වීම වැළැක්වීමට කිලිනොච්චිය ගිනි නිවීමේ ඒකකය ද කැඳවීමට සිදුව ඇත. 20 September 2018
ගිං-නිල්වලා ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යනය මුළුමනින්ම අවසන් ගිං- නිල්වලා ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය. 20 September 2018
පොලිස්පතිට අස්වෙන්න කිව්වේ නැහැ පොලිස්පතිවරයාට ඉල්ලා අස්වන්නැයි ජනපති හෝ අගමැති කිසිදු ඉල්ලීමක් කර නැතැයි නීතිය සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 September 2018
හොරණ කම්හලේ ගෑස් කාන්දුවෙන් තවත් අයෙක් මරුට හොරණ වගවත්ත ප්‍රදේශයේ රබර් කිරි කර්මාන්ත ශාලාවකට රැගෙන ආ ඇමෝනියා ගෑස් අඩංගු සිලින්ඩරයක් පිපිරීමෙන් බරපතල තුවාල ලබා හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු දින පහකට පසු මිය ගිය බව ඉංගිරිය පොලිසිය පවසයි. 20 September 2018
බඩේ අමාරුවට බෙහෙත් ගන්න ගිය දැරිය ගැබිනියක් වෙයි බඩේ අමාරුවක් බව පවසමින් ප්‍රතිකාර ලබාගැනීම සඳහා මිත්තනිය සමඟ වැලිමඩ මූලික රෝහලට ගිය බාලවයස්කාර දැරියක් ගැබිනියක් වී ඇති බව වෛද්‍ය පරික්ෂණයේදී අනාවරණය වී තිබේ. 20 September 2018
වේල් ගණනක් බත් නැතිව අඹුසැමි යුවළක් මුරුංගා කොළ තම්බාගෙන කාලා වගා කන්න හයක් පාළුවීමෙන් ඇතිවී තිබෙන ආහාර හිඟය නිසා වේල් ගණනක් බත් නැතිව මුරුංගා කොළ තම්බාගෙන ආහාරයට ගත් අඹු සැමි යුවළක් ගැන කහටගස්දිගිලිය ප්‍රදේශයෙන් වාර්තා වේ. 20 September 2018
නාමල් කුමාර පදිංචිය වෙනස්කර සැඟවෙයි පොලිසිය තමාට ලබාදී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් සෑහීමට පත්විය නොහැකි හෙයින් තමා පදිංචිය වෙනස් කර සැඟවී සිටීමට තීරණය කළේ යැයි දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර මහතා ලංකාදීපයට ඊයේ පැවසීය. 20 September 2018
පොලිස්පතිට ඉල්ලා අස්වන්නැයි නියෝගයක් පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට සිය ධුරයෙන් සති දෙකක් ඇතුළතදී ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා දැනුම්දී ඇතැයි ජනපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි. 20 September 2018
මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රාසක් අත්අඩංගුවට රජයට අයත් ආයෝජන අරමුදලක තිබිය යුතු එක්සත් ජනපද ඩොලර් මිලියන 628ක මුදලක් තම පෞද්ගලික ගිණුමේ තිබීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රාසක් අද (19) අත්අඩංගුවට පත්විය. 19 September 2018
මත්ද්‍රව්‍ය විෂවීමෙන් මැලේසියාවේ පුත්‍රජයාහි 21 ක් මරුට මැලේසියාවේ පුත්‍රජයාහි මත්ද්‍රව්‍ය විෂවීම හේතුවෙන් 21දෙනකු මියගොස් තවත් පිරිසක් රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ. 19 September 2018
ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයක් නෑ - චන්න ජයසුමන ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයක් නොමැති බවත්, පවතින්නේ ජාතිවාදී උගතුන් නිර්මාණය කළ ව්‍යාජ ඉතිහාසය කේන්ද්‍රීය කර ගත් ප්‍රශ්නයක් යැයි රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා ස්විට්සර්ලන්තයේ ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී (18) පැවසීය. 19 September 2018
තේ වලට සීනි කලවම් කරන කර්මාන්තකරුවන්ට දැඩි පියවර තේ නිෂ්පාදනයේදී සීනි කලවම් කිරීම සම්බන්ධ තේ නිෂ්පාදන කරුවන්ට එරෙහිව දැඩි පියවර ගැනීම කෙරෙහි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවැසීය. 19 September 2018
වැටුප් වැඩි නොකළොත් අයවැයෙන් පසු වැඩ වර්ජනයක් වැඩිවන ජීවන වියදමට සරිලන ලෙස රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවක වැටුප් වැඩිකර බඩු මිල ඉහළයෑම නතර නොකළහොත් එළඹෙන අයවැයට පසු රටතුළ මහා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය තීරණය කර ඇත. 19 September 2018
දේශිය නිෂ්පාදකයන්ගෙන් පුටු ගන්නැයි බස්නාහිර ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස් බස්නාහිර පළාත් සභාවේ නව සභා ශාලාවට ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පුටු පමණක් මිලදී ගන්නා ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා පළාත් සභාවේ ප්‍රධානීන්ට අද (19) උපදෙස් දී ඇත. 19 September 2018
සීනි වැඩිකරන්න අවසර නෑ - මුදල් අමාත්‍යංශය ලෝක වෙළෙඳපොළේ සීනි මිල බෙහෙවින් අඩුවී ඇති හෙයින් සීනි මිල ඉහළ නැංවීමට කිසිසේත් අවසර ලබා නොදෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. 19 September 2018
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යළි දිවයිනට මෙක්සිකෝවේ දින අටක සංචාරයක් සඳහා පිටත්ව ගොස් සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (19) යළි දිවයිනට පැමිණ ඇත. 19 September 2018
අතුරුදන් වූවන්ගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ඇමැති අනු කමිටුවක් අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ අධ්‍යයනය කර සුදුසු ඉදිරි ක්‍රියාත්මක යෝජනා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. 19 September 2018
මානව සංවර්ධන දර්ශකයේ ලංකාව 76 වැනි තැනට එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකයේ දකුණු ආසියාවේ ප්‍රමුඛස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. 19 September 2018
පෙර පාසල් දරුවන්ට බෑග් දීමට ගත් මුදල් නිල නොවන ගිණුමකට ගිහින් ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා පළාත් සභා ලිපි ශීර්ෂ යොදා ගනිමින් පෙර පාසල් සිසුන්ට බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවලින් ලබාගත් රුපියල් ලක්ෂ 35ක මුදලක් තම ගිණුමකට බැර කර ගෙන ඇති සිදුවීමක් පිළිබඳව අද (19) පාර්ලිමේන්තුවේදී අනාවරණය කෙරිණි. 19 September 2018
පෙම්වතාගේ ගිනිකූරෙන් ඇවිළුණු පෙම්වතිය මියයයි පිලියන්දල මාම්පේ නිවසක් තුළදී විසි හැවිරිදි පෙම්වතා විසින් ගිනි තැබීමෙන් බරපතල තුවාල ලද දහ නව හැවිරිදි පෙම්වතිය දින දොළහකට පසු අද (19) කලුබෝවිල ශික්ෂණ රෝහලේදී මිය ගිය බව පිලියන්දල පොලිසිය පවසයි. 19 September 2018
ආනයනික කිරිපිටි මිල පහළට ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 25කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 10කින් අඩුකිරීමට ජීවන වියදම් කමිටුව නිර්දේශ කර තිබේ. 19 September 2018
හෂිණි අමේන්ද්‍රාට රට යන්න අවසර ඕස්ට්‍රේලියාවේ සහ එංගලන්තයේ පැවැත්වෙන සංගිත සංදර්ශණ දෙකක් සඳහා විදෙස් ගත විමට අවසර දෙන ලෙස ඉල්ලා හෂිණි අමේන්ද්‍රා රත්නායක අද (19)තංගල්ල මහාධිකරණයෙන් කළ ඉල්ලීම සළකා බැලූ තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා සැකකාරිය රුපියල් ලක්ෂ දහයක බැදුම්කරයක් මත හා පුද්ගල ඇපයක් මත විදෙස් ගත විමට අවසර ලබා දුණි. 19 September 2018
බිරිඳටත් - නැන්දම්මාටත් අතවර කළ බෑනා අත්අඩංගුවට විසිදෙහැවිරිදි තම භාර්යාව අස්වාභාවිකව අපයෝජනය කර 37 හැවිරිදි වියේ පසුවන ඇයගේ මවට ද අතවර සිදු කිරීම සම්බන්ධයෙන් 37 හැවිරිදි බෑනා අත්අඩංගුවට ගත් බව සපුගස්කන්ද පොලිසිය කියයි. 19 September 2018
‘ජනපති ඝාතන සැලසුම ගැන ජනපතිගේ නිහඬතාවය සැකයක්’ තමන්ව ඝාතනය කිරීමේ උත්සාහය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දක්වන නිහඬතාවය සම්බන්ධයෙන් සැකයක් ඇතැයි එකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (19) පැවසීය. 19 September 2018
දිස්ත්‍රික්ක 18 ක තවමත් නියඟය දිස්ත්‍රික් 18 ක පවුල් 266,177 කට අයත් පුද්ගලයින් 964240 ක් තවමත් නියඟය නිසා පීඩා විඳින බව ආපදා කළමණාකරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය. 19 September 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026