අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.
කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ දී මෙලෙස පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන ඇත.
(28535)
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.
කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ දී මෙලෙස පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන ඇත.
(28535)
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රීලනිපයේ ගමනක අවසානය. මහින්දගේ තරම මෛත්‍රීට තේරෙයි වැඩි කල් නොගිහින්.
ඔන්න මම එයේ කියපු දේ අද වැඩ පටන් ගත්තා , රටේ ප්‍රධාන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක මහතා නිර්මාණය කලා හා දශක ගණනාවක් රටේ ජනතාවට බොහෝ දී ලබාදෙමින් රටේ ජනතාවට සේවය කරමින් බොහෝ උගතුන් විසින් පාලනය කල පක්ෂයකි. වත්මන් එහි තත්වය බොහෝ දුරට විනාශ මුඛයට වැටෙන්නට හේතුව වී ඇත්තේ නූගතුන් හා රටට ආදරය නොකරන පුද්ගලයින් මෙන්ම මුදල් ඉපයීම උදෙසා දේශපාලනය කරන පුද්ගලයින් එහි පාලකයන් බවට පත් වීමේ ඵලවිපාක හේතුවෙනි. දැන් මහින්ද ඇතුළු කණ්ඩායම විසින් එම පක්ෂය විනාශ කර තමන්ගේ පවුලේ නිර්මාතෘත්වය ලෙස පොහොට්ටුව යන නව පක්ෂය නිර්මාණය කර ඇත. මේ නිර්මානයේ ප්‍රධාන අභිලාෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා භූමියෙන් අතුගාදැමීම බව හොඳින් පැහැදිලියි. බණ්ඩාරනායක පරම්පරාවෙන් පැවත එන නාමය විනාශ කර රාජපක්ෂ පරම්පරාවේ බුදලයක් ලෙස අනගතයේදී රටේ ප්‍රභූ පාලකයන් වීමේ වුවමනාව මත හා තම පරම්පරාවේ සුගතිය සඳහා මෙය නිර්මාණය වූවකි.. මෙතුවක් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් ලෙස උන් සියලු දෙනාම තමන්ගේ පක්ෂය විනාශ කරලීම සඳහා මේ කරන නින්දිත ක්‍රියාව හොඳින් වටහා ගෙන එන මැතිවරණයේදී පොහොට්ටුවට එක් නොවී ඉන්න වග බල ගන්න
ශ්‍රී ලංකා නි.පක්ෂය කනත්තට ගෙන යන කම් එතන සිටියා. කුමාර වරැන්ට ඔටුන්න පවරන්න රාජ්‍ය ගොඩ නඟා ගැනීමේ පියවර සාර්ථකව සිදුවෙමින් පවතී.
ගොඩක් හොඳයි පොාහොට්ටුවෙන් යමු ඉදිරියටම...
මෝඩ වැඩක්.
එහෙම උනත් මෙච්චර කල් කයිවාරු ගැහුවේ, "මම තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර නොගිය එකම පුද්ගලයා" කියා ! පක්ෂේ හිටපු ලොක්කන් විටින්විට පක්ෂය හැර ගියත් එයා නම් එකේම ඇලී ගැලී හිටියලු. පක්ෂේ මාරු කිරීමට හේතුව සමහර විට මෙයා දැන් ශ්‍රීලනිපයේ "ලොක්කෙක්" නොවීම වෙන්න පුළුවන්. යළිත්වරක් මැතිවරණ එනතුරු රට පාලනය කිරීමට පක්ෂ දෙකක ලොක්කෝ එකතුවෙලා .... අප්පච්චිට ඉස්සරවෙලා "ඔටුන්න (අ)හිමි කුමාරයා පැන්නා, බාප්පාගේ පක්ෂෙට! දැන් පොහොට්ටුවත් රාජපක්ෂ පවුල් සංස්ථාවට හොඳින්ම සංස්ථාපිත වෙලා වගෙයි.
දැන් ඉතින් අත සමනලයින්ට දුන්නාද සර් ?
අගමැතිතුමනි ඔබට ජය පතමි.....
දැන් මේ සියල්ලම " කිසිදු වැඩ පිළිවෙලක් නොමැති හුදු පංචස්කන්ධ වන්දනාව පමණක්ම ඇති "විගඩමක් බව ස්ථිර වශයෙන්ම සහතික වෙනවා නේද? දකුණේ සිංහල, සිංහල බෞද්ධ වැනි ලොට්ට වේදිතයක් මත ගොඩ නැඟී ඇති මේ පුද්ගල වන්දනා බලවේගය "පොල්ලෙල්ලක් දැම්මත් දිනනවා, නයෙක් බැරිනම් මාපිලෙක් දාල හරි දිනනවා" කියා කීවට මහ මැතිවරණයකදී හෝ ජනාධිපති වරණයකදී එය එසේ විය හැකිද? මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහු වටා ඉන්නා කණ්ඩායම මෙතෙක් කල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය රඳවාගෙන සිටියේ මොන ක්‍රමයකින් හෝ එහි බලය තහවුරු කරගැනීමට බවත් ඒ වැඩේ හරි ගියේ නැති නිසා පොහොට්ටුවට එකතු උන බවත් කෙනෙකුට යෝජනා කරන්නට බැරි නැත.කවුරු මොන තර්ක ඉදිරිපත් කලත් තවමත් මේ රටේ පොදු ජනතාවගේ ආකර්ෂණය ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බව පැහැදිලිය.බණ්ඩාරනායක මහතා එජාපයෙන් ඉවත්වී නව පක්ෂයක් නිර්මාණය කර එය ජයග්‍රහණය දක්වා ගෙන ගියේ එදවස ඒ සඳහා සුදුසු වාතාවරණයක් ගොඩ නැගී තිබුන නිසාය.අද ඇත්තේ එවැනි තත්වයක් නොවේ.මහින්ද වටා ඉන්නා බොහෝ දෙනෙකුට දුෂණ චෝදනා ඇති බව කවුරුත් දනිති." මැරුණත් මහින්ද" කියන සුළු පිරිස සමඟ යන මේ ගමන අති දුෂ්කර එකක් හෝ බිහිසුණු එකක් වනු නොඅනුමානය.
අයියෝ ජනාධිපතිතුමනි.........
ජනාධිපතිවරයා ශ්‍රිලනිපය කනත්තට ගෙන යාමක් නේද මේ කළේ. මහින්ද මහතා පොහෙටේටු සාමාජිකයෙක් වූවා නම් කොහොමද ශ්‍රිලනිප යටතේ අගමැති කම් දරන්නේ
ජය වේවා . අපි කලින්ම කිව්වේ ඕක තම යි. එයා ටත් ගේම ලැබුන නේ .
හරියට හරි. මේක තමා නියම තුරුම්පු ගහන වෙලාව... කාපන් පිදුරු කියලා කිව්වේ නියම වෙලාවේ. කුම්බලා මාළු කෑවානම් දිරවාපන් බළලෝ කියලා හිතාගෙන පොදු ජනයා බලාගෙන ඉන්නවා. අතරමන් වූ අය?
මේ කමෙන්ට්ස් බැලුවාම කට්ටියගේ දුක පේනවා ඔවුන්ට... ඔහොම යමු..
මේක මෛත්‍රී පන්නා දැමීමේ පළමු පියවර... හොඳ වැඩේ දෙපැත්ත කනවට දඬුවම..
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසානය..., දැන් සභාපති තුමාට සතුටුද?
මෛත්‍රී ලව්වා ආණ්ඩුව විසුරුවාගෙන මිනිහව විනාශ කරලා පැන්නා. මෙච්චර දේශපාලනය කරලා දකුණේ ටිපිකල් තක්කඩින්ව ශිෂ්ඨ මිනිස්සුන්ගෙන් වෙන්කරලා අඳුනගන්න බැරි බැරිවුනා මේ හාදයාට...
හැමදාම ඒ.ජා.ප, ශ්‍රී,ල,නිප රජ කරන්න ඕන කියල නීතියක් නැහැ. අකමැති අයට තමන්ගේ කැමති පක්ෂයකින් ජනතාව අතරට එන්න පුළුවන්. රාජපක්ෂ පරම්පරාවේ බූදලයක් වෙයි කියලා බයනම් මිනිසුන්ට තියෙන්නේ ඡන්දේ නොදී ඉන්න. බලෙන් බලයට එන්න බැහැනේ. මේ වෙලාවේ පොහොට්ටුවට තියන ඡන්ද පදනමේ විදියට සුළු පක්ෂ එකක්වත් නැතුව බහුතරයක් හදන්න පුළුවන් ලේසියෙන්ම. ඒක කාට නැතත් මේ රටට ආදරේ කරන, සිංහල බුද්ධාගමට ආදරේ කරන මිනිසුන්ගේ ජයග්‍රණයක්...
දැන් මේ සියල්ලම "කිසිඳු වැඩ පිළිවෙලක් නොමැති හුදු පංචස්කන්ධ වන්දනාව පමණක්ම ඇති "විගඩමක් බව ස්ථිර වශයෙන්ම සහතික වෙනවා නේද? දකුණේ සිංහල, සිංහල බෞද්ධ වැනි මත ගොඩනැඟී ඇති මේ පුද්ගල වන්දනා බලවේගය "පොල්ලෙල්ලක් දැම්මත් දිනනවා, නයෙක් බැරිනම් මාපිලෙක් දාල හරි දිනනවා" කියා කීවට මහ මැතිවරණයකදී හෝ ජනාධිපතිවරණයකදී එය එසේ විය හැකිද? මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහු වටා ඉන්නා කණ්ඩායම මෙතෙක් කල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය රඳවාගෙන සිටියේ මොන ක්‍රමයකින් හෝ එහි බලය තහවුරු කරගැනීමට බවත් ඒ වැඩේ හරි ගියේ නැති නිසා පොහොට්ටුවට එකතු වුණු බවත් කෙනෙකුට යෝජනා කරන්නට බැරි නැත. කවුරු මොන තර්ක ඉදිරිපත් කළත් තවමත් මේ රටේ පොදු ජනතාවගේ ආකර්ෂණය ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බව පැහැදිලිය. බණ්ඩාරනායක මහතා එජාපයෙන් ඉවත් වී නව පක්ෂයක් නිර්මාණය කර එය ජයග්‍රහණය දක්වා ගෙන ගියේ එදවස ඒ සඳහා සුදුසු වාතාවරණයක් ගොඩ නැගී තිබුණු නිසාය. අද ඇත්තේ එවැනි තත්වයක් නොවේ. මහින්ද වටා ඉන්නා බොහෝ දෙනෙකුට දූෂණ චෝදනා ඇති බව කවුරුත් දනිති. " මැරුණත් මහින්ද" කියන සුළු පිරිස සමඟ යන මේ ගමන අති දුෂ්කර එකක් හෝ බිහිසුණු එකක්වනු නොඅනුමානය.