( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන ජනාධිපතිගේ ගැසට් නිවේදනය ව්‍යවස්ථා විරෝධි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන රත්නජීව හුල් මහතා විසින් ද අද (12) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.
මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති , මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපිය , ජනාධිපති ලේකම් ඇතුළු පස් දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
ජනාධිපතිවරයා ගේ එම ගැසට්ටුව බලරහිත කරන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් , පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීමට අවශ්‍ය පියවර ගැනිමෙන් මැතිවරණ කොමිසමේ සභාපති සහ එහි සාමාජිකයන් කටයුතු කිරීමෙන් වළකාලන අතුරු නියෝගයක් ද නිකුත් කරන්නැයි ද පෙත්සමින් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතැනදී මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ස්වාධීනව සිටිය යුතුයි. නැතහොත් ඔවුන් කොමිසමෙන් ඉල්ලා අස්විය යුතුයි!.
එතකොට මැතිවරණ කොමිසම ස්වාධීන නැද්ද? නටන්නේ කාගේ පදයටද? ඉස්සර නම් කොටි පදයට නැටුවා. දැනුත් එහෙමද?
මෙතුමා අකමැති වෙන්න ඇත්තේ ඡන්දෙට මහන්සි වෙන්න තිබෙන කම්මැලිකමට වෙන්න ඇති... නැත්නම් මුදලට විකිණෙමින් සිටින පා. මන්ත්‍රීවරු පිරිසක් තවදුරටත් තබා ගැනීමට මෙතරම් උනන්දුවක් මොකද?
අවුරුදු 3 ක් ඡන්ද තියන්නේ නැතුව ඉන්නකොට මෙතුමා කොහේ හිටියද දන්නේ නැහැ. ඔන්න ලංකාවේ ස්වාධීන කොමිසම්...
මෙන්න ස්වාධීන කොමිසමේ සාමාජිකයෙකුගේ ස්වාධීනත්වය...
පළාත් සභාව කල්දානකොට මේ කවුරුවත් උසාවි ගියේ නැහැනේ... රණවිරුවන් පෝරකයට යවද්දී හරි සතුටින් ඉන්න ඇති මෙයාලා.
මේ නම් වැඩ කරන්න වෙන නිසාද කොහෙද?
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ වගේද?
අපි නම් අහලා තියෙන්නේ මැතිවරණ කොමිෂම ස්වාධීනයි කියලා. මැතිවරණ අනිසිලෙස කල්දමද්දී තමුන්නාන්සේ හිටියේ මරනින්දේද?
අවුරුදු 3ක් ඡන්ද නොතියා හිටියා කියන එකේ තේරුම මොකක්ද? එහෙම ඡන්ද තියතියා හිටියම රටට යනකල දවස කුමක්ද? තියන්න තිබුණු ඡන්දය කුමක්ද?
මෙයා ඇමෙරිකානු පුරවැසියෙක්. මොහුට තියන අයිතිය කුමක්ද ශ්‍රී ලංකාවේ මැතිවරණ කල් දාන්න ඉල්ලීම් කරන්න. අනික මේ වගේ අය පත් කරපු යහපාලන නායකයෝ කොච්චර බටහිර ගැතිද?
ඕනම පුරවැසියෙකුට ජනපති තීරණයට එරෙහිව පෞද්ගලිකව අධිකරණයට යන්න පුළුවන්. ඒත් මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් කොහොම ද ස්වාධීන (?) කොමිසමේ නාමයෙන් පෙත්සමක් ඉදිරිපත් කරන්නෙ. මදෑ ස්වාධීන මැතිවරණ කොමිසමක් පත් කළා? ඉතින් අනිකුත් ස්වාධීන (?) කොමිසම් ගැන මොන කතා ද? පසුගිය කාලෙ පළාත් සභා ඡන්ද කල් දානකොට මේ පුද්ගලයා කොහේද හිටියෙ?
හලෝ ෆූල් මහතා, ජනවාරි 7 වෙනිදා ගෙදර යන්න ලැහැස්තිවෙන්න. මැතිවරණ කොමසාරිස් වීමේ යටි අදහසක් වත් තිබෙනවාද කියා සැකයි.