නාලක සංජීව දහනායක
පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පොදුජන පෙරමුණේ සාමාජිකයන්ගේ ඡන්ද ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමට තමා සූදානම් නැතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ‘ලංකාදීපයට ’පැවසීය.
තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් හා එහි අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා කීය.
ඉදිරි මහා මැතිවරණය ජය ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ නායකත්වය යටතේ පොදු සන්ධානයක් ගොඩනැඟිය යුතු බවත් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය හා දෙමළ පක්ෂ ඇතුලූ ප්රගතිශීලී බලවේග එකට එක්ව පොදු සන්ධානයක් ගොඩ නැඟිය යුතු බවත් සඳහන් කළේය.
මැතිවරණය ජයග්‍රහණය කිරීමේ අරමුණින් එක් එක් පක්ෂවලට යාම සහ ඒවායේ සාමාජිකත්වය ලබාගැනීමේ උවමනාවක් තමන්ට නැතැයි කී අමාත්‍යවරයා තමා කැප වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරිගමන වෙනුවෙන් පමණක් යැයිද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් කියලත් හිතෙනවා... යන එන මන්නේ...
රිලවුන් කිසිම පක්ෂයකට නොගත යුතුයි...
අනේ බට්ටා පනිමුද?
ඔබ කියන වචන නම් අනිවාර්යෙන්ම අපි විශ්වාස කරනවා.. ඔබට ජය..
ශ්රීලනිපය සහ පොහොට්ටුව දෙකම එකම කාසියේ දෙපැත්තක්..
මේ හාදයා කියන්නේ මේ අමූලික බොරු... මේ මනුෂ්‍යයා පොහොට්ටුවට ගත්තේ නෑ. ජොන්ස්ටන් කියලා ගන්න එපා කියලා. දැන් පස්ස බිම අැනගෙන බොරු කියනවා, හයියෝ මෙහෙමත් විලිලැජ්ජාවක් නැති මිනිස්සු...
දැන් ප්‍රමාද වැඩියි.
ඔය වගේ කතාවල් ඉස්සරත් කිව්වා නේද?
යන්නේ නැද්ද ගන්නේ නැද්ද?
අන්න බුද්ධිමත් මිනිස්සු. ඊලඟ පාර්ලිමේන්තුවේත් කාටවත් 113 ගන්න බෑ.
ඕනවට වඩා කැප වෙන්නේ පනින්න කිට්ටුවෙන කොට තමයි.
එජාපෙ ඉන්න කාලෙත් ඔහොම කීවා වගේ මතකයි
ඔබතුමාට ජයවේවා!!! එකෙක් දෙන්නෙක් කොන්ද තියෙන අය ඉන්නවා. ජනාධිපතිතුමා ගිය තැන හත්පොලේ ගාගන්නවා...
අම්මට සිරි දයාසිරි සිරිසේන...