නිමල කොඩිතුවක්කු
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන සියලු කණ්ඩායම් ඒකරාශී වී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවි කරුණානායක මහතා පැවසීය.
සියලූ කණ්ඩායම් එක්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් කැප වෙන බවත් ඒ වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුන දෙන බවත් කරුණානායක මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පෙරමුණ සංවිධානය කළ ‘අඳුරට එරෙහිව පහනක් දල්වමු’ නිහඬ සත්‍යග‍්‍රහය කොළඹ ගංගාරාම විහාරස්ථානය ඉදිරිපිට අද රාත‍්‍රියේ පැවැත්විණි. ඊට සහභාගී වෙමින් රවී කරුණානායක මහතා එලෙස ප්‍රකාශ කළේය.
එහිදී පිරිස ඉටිපන්දම් දල්වමින් පැයකට අධික කාලයක් නිහඬව විරෝධතාවයේ නිරත වූහ.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන මංගල සමරවීර, රාජිත සේනාරත්න, රවී කරුනානායක, ඩී. එම් ස්වාමිනාදන්, ජෝන් අමරතුංග, රුවන් විජයවර්ධන, ලකී ජයවර්ධන, නලින් බන්ඩාර, මුජබර් රහුමාන්, චමින්ද විජේසිරි, හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර, හර්ෂ ද සිල්වා සහ අනෝමා ගමගේ යන මහත්ම මහත්මීහු ද කොළඹ පුරපති රෝසි සේනානායක මහත්මිය ඇතුලූ පිරිසක් එක්ව ද සිටියහ.
මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවි කරුණානායක මහතා මෙසේ ද කීවේය.
‘‘අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ ශක්තිය දැකලා පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීන් 105ක්වත් හදා ගන්න බැරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා තියෙනවා. කවුරුත් නොදන්වා ව්‍යවස්වථාට පටහැනිව ජනාධිපතිවරයා මෙම ක‍්‍රියාමාර්ගය ගෙන සිටිනවා.
අපි ඕනෑම නෙවලාවක ඡන්දයකට සූදදානම්. හැබැයි යන මාර්ගයක් තියෙනවා. ව්‍යවස්ථාවට අනුකූලව තියෙන විධිවිධානයන්ට අනුව එම කටයුතු කරන්න අවශ්‍යයි.
අපි පත් කරපු ජනාධිපති අද අපිව ප‍්‍රතික්ෂේප කරලා තමාව මරන්න ඕන කියපු පිරිස් එක්ක එකතු වෙලා අද නාඩගමක් නටමින් සිටිනවා. ජනාධිපතිවරයාගේ මෙම තීන්දුවට එරෙහිව අපි අධිකරන තීන්දුවක් ගෙන තිබෙනවා.
අපි එදා තිබුණු ඒකාධිපති වියුරුවට එරෙහිව යහපාලනය ඇති කලා. අපි සියලූදෙනා එක්ව මේ ආණ්ඩුව යලි ස්ථාපිත කිරිමට කටයුතු කරනවා යැයිද ඔහු එහිදී පැවැසීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා :
‘‘අවිහාංසාවාදීව අපි මේ විරෝධතාවය පල කරන්නේ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙනුයි. මේ රටේ තිබෙන සියලූම සිවිල් සංවිධාන, වෘත්තියවේදීන්, මාධ්‍යවේදීන්, කලාකරුවන් මේ පොදු කරුණ වෙනුවෙන් අපිත් එක්ක දිගින් දිගටම එකතු වෙමින් සිටිනවා.
මේ ජනාදිපතිවරයා බලයට පත්වුනේ යහපාළනය ඇතිකිරීමටයි. අද එතුමා යහපාලනයෙන් සම්පූර්ණයෙන්ම පිට පැනලා විධායක ජනාදිපති ක‍්‍රමය අහෝසි කරනවා වෙනුවට විදියක ජනාධිපතික‍්‍රමයේ නැති බලතලකත් ක‍්‍රියා කරමින් සිටිනවා. ජනාධිපතිවරයාගේ මේ ක‍්‍රියාකළාපයට විරෝධය පළකරමින් අපි දැඩි ක‍්‍රියාමාර්ග වලට යොමුවෙනවා යැයිද ඔහු එහිදි කියා සිටියේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා :
‘‘දින 16කට කලින් අපේ රටේ නීතියට, වයවස්තාවට, සම්ප‍්‍රදායට විරුද්ධව කල මේ වැඩපිලිවළට ජනතාවගේ නිහඩ විරෝධතාවය අපි ඉටිපන්දමක් දල්වමින් ප‍්‍රකාශ කලා. මෙම අවස්තාව සදහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන සියලූ කණ්ඩායම් ඒකරාශී වී තිබෙනවා.
අපි ඕනැම වෙලාවක නීත්‍යානුකූල මැතිවරනයකට මුහුන දිමට සූදානම් වෙනවා. පාර්ලිමේන්තු මන‍්‍රීවරුන් 113ක් හොයා ගන්න බැරුව පාර්ලිමේන්තුව විසුරුවන්න තරම් ඒකාධිපති යුගයකට අද රට පත්ව තිබෙනවා. මේ කටයුත්තට අපේ විරෝධතාවය පළ කරනවා යැයිද ඔහු එහිදි කියා සිටියේය.
ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර තුනක් මේ අය මොනවද කලේ?
මංගලම්!!!!!!!!
දැන්ද පන්සල මතක් උනේ ?
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම කියන්නේ ජනතාවගේ අදහස් විමසීමට මැතිවරණයක් තියන්න එපා කියන එකටද? සමාවෙන්න ටිකක් පැහැදිලි මදි නිසයි අහන්නේ...
ඇයි රටේ ජනතාවට ප්රශ්නය විසඳා ගැනීමට ඉඩ දීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොවෙයිද? එහෙනම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ මොකක්ද? මේගොල්ලෝ මෙතන වාඩිවෙලා ඉන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන එකේ තේරුම දැනගෙනද?
බලය නෑති වෙන්න ඕන හෑමෝටම පොදු ජනතාව මතක් වෙන්න, මෙන්න මෙයාලට ආපහු පොදු ජනතාව, දුක්විදින ජනතාව මතක් උනා....
ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැදගත්, නමුත් ඊට වඩා වැදගත් රටේ අනාගතය හා ආරක්ෂාව.
කාරිය කෙරෙන තුරු කාගෙත් රැවැටිල්ල ...
ජනතාවට අවශ්‍ය රජයක් තෝරා ගැනීමට හොඳම අවස්ථාව. ජනාධිපතිට ස්තුතියි .
රටේ ප්රජාතන්ත්රවාදයට මුකුත් වෙලා නෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. වැඩි දෙනාගේ කැමැත්ත අනුව සිද්ධ වෙන්න ඕනේ දේ සිද්ධ වෙනවා. රාජපක්ෂ ආණ්ඩුව ගැටළු සහිත නිසානේ 2015 ජනවාරි 8 වෙනිදා අලුත් පිරිසකට බලය දුන්නේ. එකත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තමයි. ඊට පස්සේ ආර්ථිකය පල්ලම් බැස්සුවා. රටේ සම්පත් විකුණුවා. දුෂණය ඉහ වහා ගියා. ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදය නෙවෙයි.
ඔය ගමන්ම පරණ පත්තරයක් එළාගෙන හිඟාකෑවා නම් බටහිර තානාපතිලා කීයක් හරි දෙයි.
සූ ගාලා 20ක් විතර ඉන්නවා! ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ ටික වගේනේ...
ජනතාවගේ මනාපය නිසා මේ සැරේ ගොඩක් විශ්‍රාම යවයි,