(මනෝප්රිය ගුණසේකර)
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ව්‍යවස්ථාවට අනුකූල බව ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා පැවසීය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවට විවිධ පාර්ශවයන් ඉදිරිපත් කරන තර්කයේ ඇති බලාත්මකභාවය පිළිබඳව විමසු අවස්ථාවේදී එසේ පැවසු ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් මත පළ කිරීමෙන් කිසිඳු ප්‍රයෝජනයක් නැතැයිද මෙහි යම් ගැටළුවක් ඇත්නම් එය නිරාකරණය කරගත යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම තුළින් යැයිද පැවසීය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වසර 4 1/2ක කාලයක් ගත වනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවත් ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය දෝෂ සහගත බවත් මේ වන විට විවිධ දේශපාලන පක්ෂ හා විවිධ පුද්ගලයින් මත ඉදිරිපත් කරන බව පෙන්වා දෙමින් ඒ සම්බන්ධයෙන් වන පැහැදිලි කිරීම කුමක්දැයි කළ විමසීමකදී ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා එසේ පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වගත්තියේදී 33 වැනි වගන්තියේ කුමක් සඳහන් වුවත් යනුවෙන් සඳහනක් වත්, 33 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි වගත්තියට යටත් බවට සඳහනක්වත් නැහැ.
කතානායකවරයා පාර්ලිමෙන්තුවේ කටයුතු හසුරුවනු ලබන තැනැත්තා පමණයි. ඔහුට රට පාලනය කළ නොහැකියි. අගමැතිවරයා සම්බන්ධයෙන් මතුවු ගැටළුවේදී කතානායකවරයා ක්රියකළ ආකාරයෙන් සුවිශේෂි තත්වයක් නිර්මාණය වී තියෙනවා. මේ අනුව ජනාධිපතිවරයාට ඇති අමතර බලය මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔහු ගත් තීරණය ව්‍යවස්ථාවට අනුකූලයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගන්ති දෙක එකිනෙකට අදාල බව දෙකේ පන්තියේ ළමයෙකුටත් තේරෙනවා.
ඔය කියන විදිහට ව්‍යවස්ථාවක් ඕනෙ නැහැ... ජනාධිපතිට ඕනෙ එකක් කරතැහැකි. ඇයි දන්නේ නැහැ 113 හදලා ගන්න දැඟලුවේ කෙළින්ම මැතිවරණයකට නොයා...
මෙයා ඉතිං කාගේ සක්කුවේද ඉන්නේ කියලා රටම දන්නවනේ...
එජප, ජේවීපි, ටින්ඒ තුන් කට්ටුව දේශපාලන උගුලකට හසුවෙන්න නියමිතයි, ජනාධිපතිවරයාගේ තීන්දුව ශ්‍රේෂ්ටාධිකරණය විසින් අනුමත කලහොත් තම මැතිවරණය ව්‍යාපාරය කපෝතියි, අධිකරණයට නොගියොත් තවත් පිචන් වෙයි
දී කිරට බලල්ලුත් සාක්කි. එතකොට 19 ගෙනාවෙ විහිළුවට ද ? මෙයා නේ විශේෂ අධිකරණයට විරුද්ධව උසාවි ගියේ.
දීකිරට බළල්ලුත් සාක්කි කියනවනේ....
මේ රට කන්නේ පෙරකදෝරුවන්...
කෙස් පලන්න ඕනේ නෑ සිල්වා මහත්තයෝ, මෛත්‍රි පාලනය කරපු වැඩේ කිසිම සදාචාරයකට, ශීලාචාර කමකට, සංගෙකට නැති අලුගුත්තේරු වැඩක්. මේ රට අගාධයට යාමට ඔහෙල වගේ අයත් වග කියන්න ඕනෑ...
ප්රජාතන්ත්රවාදය කියන වචනයටත් අනුකූලද කියන එකයි ගැටළුව. මොකද අපේ ජනාධිපතිතුමා බලය ඉල්ලුවෙත්, ජනතාව බලයට පත් කළෙත් ප්රජාතන්ත්රවාදය රැක ගැනීමටයි.
10 සහ 11 ශ්‍රේණිවල ළමයින්ගෙන් ඇසුවානම් මේ ව්‍යවස්ථාවේ කරුණු කාරණා නිවැරදිව පහදලා දෙයි. අවුරුදු 15ව 20 පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ඇමැතිකම් දරලා නොතේරෙනවයි කියන්න බැහැ. කන්න හිතුණාම කබරගොයා තලගොයා ලෙස පෙනීමයි වරද...
අපිටනම් ඔය නීතිය තේරෙන්නේ නෑ. නමුත් රටකට ඕන නිතිය කොයි කාටත් එක විදියකට.