නිමල කොඩිතුවක්කු
අලූත් සලකුණක් සහ අලූත් නමක් සහිත පුලූල් සන්ධානයක් ඉදිරි මැතිවරණ වෙනුවෙන් ගොඩනගන බව එක්සත් ජාතික පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දොස්තර රාජිත සේනාරත්න මහතා අද(11) කොළඹදී පැවැසීය.
එම සන්ධානයේ කෙටුම්පත් මේ වනවිට සකස් කර ඇති බවත් සියලූ පක්ෂ නායකයන් එක්ව ඉදිරි දිනකදී එම පුලූල් සන්ධානය ප්රකාශයට පත් කරන බවත් සේනාරත්න මහතා සඳහන් කළේය.
රාජිත සේනාරත්න මහතා මෙසේ ද පැවසීය.
‘‘ඉදිරි මැතිවරණ සදහා අපි පුලූල් සන්ධානයක් ගොඩනගනවා. එහි කෙටුම්පත් අපි මේවනවිට සකස් කරලා තියෙනවා. අපි සියලූම දේශපාලන පක්ෂවලට මේ වනවිට ඒවා බෙදාහැරලා තියෙනවා. රවුෆ් හකීම් මහතා ඇතුලූ අනිකුත් දේශපාලන පක්ෂ නායකයන් ලංකාවට පැමිණීමට නියමිතයි. ඉන්පසු මෙහි තින්දු තීරණ ප්රකාශයට පත් කිරීමට නියමිතයි.
මේ මහා සන්ධානය අපි අලූත් සළකුණකින්, අලූත් නමකින් ගොඩනගනවා. එහි දේශපාලන තීන්දු තීරන නායකත්ව මණ්ඩලයකින් ගැනීමට නියමිතයි. ප්රජාතවන්ත්රවාදය ආරක්ෂා කිරීමටත් ඕනෑම මැතිවරණයකට තරඟ කිරිමටත් හැකි වන පරිදි අපි මේ සංවිධානය ගොඩ නගනවා.
සාධාරණව සහ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් සිතන සියලූ දෙනාට අපි ඒ වෙනුවෙන් ආරාධනා කර සිටිනවා. ලංකාවේ පැවැතුණු පුලූල්ම සන්ධානය එක්ක අපි ඉදිරි සියලූ මැතිවරණ ජයග්රහන කිරිමට කටයුතු කරනවා. 2015 ජනවාරි 08 වෙනිදා පෙලගැහුණු ජනතාව එක්ක ජනවාරි 05 මෛත්රිපාල සිරිසේන මහතාට අපි හොඳ පාඩමක් උගන්වනවා.‘‘ යැයිද ඔහු පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කවුරු වෙනස් කළත් ඔයාට මේ පාර ඡන්දෙ දෙන්න අපි හරක් නෙවෙයි.
පව් හලෝ මෛත්රිට එහෙම කරන්න එපා...
අලුත් ලකුණකින්, අලුත් නමකින් පරණ හොරු සෙට් එකම පාර්ලිමේන්තු යයි කියලද හිතන් ඉන්නේ? ඒවා හඳේ තමයි.
මොන නමින් ආවත් රනිල් ඉන්නකන් දිනන්න ලැබෙන්නෙ නෑ..
අලුත් ලකුණයි නමයි විතරක් මඳි. ඔය පරණ මහත්තුරු සේරම පැත්තකට වෙලා අලුත් කට්ටියකට වැඩේ බාරදෙන්නත් වෙයි. මොකද ඔය මහත්තුරුන්ගේ ලකුණයි නමයි දෙකම දැන් හේදිලා ගිහින් තියෙන්නේ.
එතකොට පරණ ලකුණින්, පරණ නම් වලින් තියෙන පක්ෂ එක්කල තියෙන අවබෝධතා ගිවිසුමට මොකද වෙන්නේ මින් ඉස්සරහට?
නම් ගම අලුත් උනත් පරණ කට්ටිය නම් එන්නේ ජනතාව හොඳින් සලකයි. පසුගිය දේවල් තවම අමතක වෙලා නැහැ...
විමුක්ති කුමාරතුංග යනු විජය සහ චන්ද්රිකාගේ දරුවාය. SLFP ඡන්ද සහ පාවෙන තරුණ ඡන්ද ගැනීමට ශ්රීලංකා මහජන පක්ෂය හෝ වෙනතකින් UNP සමග පෙරමුණට යවන්න.
අළුත් ලකුණු අළුත් නම් තිබුනට මදි, ජනතාවට වැදගත් අළුත් ප්රතිපත්ති හා අළුත් මූණු.
අලුත් සලකුණකින් අලුත් නමකින් පරණ මුහුණු ටිකමද?
මොන පෙරමුණෙන් ආවත් නැවත මිල සූත්ර සමග අධික බදු බර දරන්නවෙයි කියල ජනතාව බය නිසා ඡන්ද ලැබීම ටිකක් අඩුවෙයි
අලුත් නමක් සහ ලකුණක් දමාගෙන, පෙරට යන්න තරම් කරපු දෙයක් තියෙන්න එපැයි
එහෙනම් ඔබතුමාගේ උප්පැන්නේ ඉඳලම වෙනස් කරගන්න වෙයි.
මොකෙන් ආවත් මගේ ඡන්දේ නම් දෙන්නේ නෑ... ආයේ මේ ගොල්ලන්ට...!!!
බදු ගෙවන්නන්ගෙන් අහගෙන අලුත් මුහුණක් දාගන්න...
මුලින්ම ජනතාව ගැන හිතලා... දෙවනුව රටේ සංවර්ධනය හිතලා වැඩ කරලා තිබුණා නම් අද මෙහෙම වෙන්න ඉඩ තිබුණේ නැහැ.