අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්. වීරවංශ
ලෝකාන්තය නැරඹීමට පැමිණ ඉන් පහළට ඇද වැටුණු ජර්මන් ජාතික සංචාරක තරුණියකගේ සිරුර ලෝකාන්ත බෑවුමෙන් අඩි තිහක් පමණ පහළ ගසක රැඳී ඇති බව ගුවන් හමුදා හෙලිකොප්ටරයක් මගින් කළ සෝදිසි මෙහෙයුමකදී නිරීක්ෂණය කළ බව සමනලවැව පොලිසිය පවසයි.
අනතුරට පත් තරුණිය තවත් සංචාරකයන් පිරිසක් සමඟ අද (11) ලෝකාන්තය නැරඹීමට පැමිණි අවස්ථාවේ පහළ නිරීක්ෂණය කරද්දී ඇය පහළට ඇද වැටුණු බවට මුලික තොරතුරු වලදී අනාවරණය වී තිබේ.
සිරුර රැඳී ඇති ප්රදේශය පට්ටිපොල පොලිස් වසමට අයත් බව පැවසූ සමනලවැව පොලීසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැතපුම් හයක් විතර කන්න බොන්න නැතිව පයින් යන්න ඕන තැනක් ඕක. ඔතනින් වැටුන් නැති මිනිස්සුත් බාගෙට මැරිලා තමයි එළියට එන්නේ. හදිසියේ ලිස්සුනත් අල්ල ගන්න තුත්තිරි ගහක් වත් අහල පහළ නැහැ. ඇතුළට යවන්නේ නම් හරියට ගුවන් තොටුපල පිටත් වෙන පර්යන්තයෙන් වගේ චෙක් කරලා. පොඩි ළමයන්, වයසක අය නම් යන්න එපා...
වෙනත් රටවල නම් මෙවැනි ස්ථාන වල සංචාරකයින්ගේ ආරක්ෂාවට නොයෙක් ක්රියාමාර්ග ගන්නා නමුත් අපේ රටේ එවැන්නක් නැත. සංචාරකයින් සඳහා නැරඹුම් මැදිරි සකස් කිරීම එවැනි එක් ක්රියාමාර්ගයකි. හදිසියේ කෙනෙක් වැටුණොත් රඳවා ගැනීමට හැකි අන්දමේ ආරක්ෂක බාධක සවිකිරීම තවත් සුදුසු ක්රමයකි. රජයේ බලධාරීන් මේ ගැන වහාම අවධානය යොමු කොට නිසි ක්රියාමාර්ග නොපමාවම ගත යුතුයි...