තරිඳු ජයවර්ධන
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවනු ලැබීමට එරෙහිව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ සමස්ත ලංකා ජනතා කොංග්‍රසය යන පක්ෂ දෙකද ලබන සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩු ගොනු කිරීමට සූදානම් වන බව ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංගසයේ නායකයා ලෙස කටයුතු කරන්නේ හිටපු ඇමැති රාහුෆ් හකීම් මහතාය. සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේ නායකයා ලෙස කටයුතු කරන්නේ හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාය. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීම පිළි නොගන්නා බව ද ඔවුන් දෙදෙනා මීට පෙර ප්‍රකාශ කළහ. නව රජයක් පිහිටුවීමට මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය ඔවුන්ගෙන් සහාය ඉල්ලා තිබුණත් ඊට එකඟතාවය නොලැබුණු බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ දෙදෙනා සහ මන්ත්‍රීවරු පසුගිය සතියේ මක්කම වන්දනාවේ නිරත වූහ. මක්කමදී නායකයන් දෙදෙනා හමුවී සාකච්ඡා කළ බව ආරංචි මාර්ග කියයි. ඔවුන් පිරිස යළි ලංකාවට පැමිණීමට නියමිතව තිබුණේ පාර්ලිමේන්තුව යළි රැස්කිරීමට කළින් තීරණය කර තිබූ ලබන 13 වැනි දා ය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුව විසිරුවනු ලැබීමෙන් පසු හකීම් මහතා ඇතුළු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරු අද ලංකාවට පැමිණියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්න, යන්න... උසාවි රජුන් තනන්නට මෙවර ඉඩ නොතබන්න රට වැසියන් දන්නවා. පක්ෂ භේදයෙන් තොරව ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට එම බලය ලබා දීම බහුතර සිංහල ජනාතවගේ යුතුකමයි. නැතිනම් මේ අය මෙන්ම දමිළ ජාතිවාදීන්ටද අපට යටත්ව සිටීමට සිදුවනු අැත...