නාලක සංජීව දහනායක
මැතිවරණයක් දිනාගත හැකියැයි විශ්වාසයක් තිබෙන කිසිඳු දේශපාලන පක්ෂයක් මැතිවරණ පැවැත්වීමට එරෙහිව අධිකරණයට නොයන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (12) පැවසීය.
එක්සත් ජාතික පක්ෂය ඇතුළු තවත් දේශපාලන පක්ෂ කිහිපයක් මහා මැතිවරණයක් පැවැත්වීමට එරෙහිව අධිකරණයට යෑමෙන් සැබෑ ජනමතයට ඔවුන් තුළ ඇති බිය පෙන්නුම් කෙරෙන බවද ඔහු කීය.
මන්ත්‍රීවරයා මෙසේද කීය.
මැතිවරණයක් දිනාගත හැකියැයි විශ්වසායක් තිබෙන කිසිම දේශපාලන පක්ෂයක් මැතිවරණ පැවැත්වීමට එරෙහිව උසාවි යන්නේ නැහැ. නමුත් එක්සත් ජාතික පක්ෂය මහා මැතිවරණය පැවැත්වීමට විරුද්ධව අධිකරණයට යනවා. මැතිවරණය පවත්වන්නටත් පෙරම ඔවුන් පරාජය පිළිගෙන තිබෙන බව ඉන් වැටහෙනවා. එක්සත් ජාතික පක්ෂ රජය දිගින් දිගටම මැතිවරණ කල් දැම්මා. ඔවුන්ගේ එකම බළාපොරොත්තුව මැතිවරණ නොපැවැතවීමයි. ඔවුන් ජනමතයට බයයි.
නමුත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ අපේ උනන්දුව තිබෙන්නේ මැතිවරණ පැවැත්වීම සඳහායි. මැතිවරණයක් පැවැත්වුවහොත් ලැබෙන ප්‍රතිඵලය කුමක්දැයි අපි දන්නවා. ඒ නිසා අපි මැතිවරණවලට බය නැහැ. මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම කිසිසේත්ම වැරදි ක්‍රියාවක් නොවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව කැඳවීමට, කල් තැබීමට අමාත්‍යධූර වෙනස් කිරීමට ජනාධිපතිවරයාට අසීමිත බලයක් තිබෙනවා.
අර්බුද මැදින් ඉදිරියට යන්න බැහැ. එම අර්බුද විසඳගැනීම සඳහා ජනතාව ඉදිරියට යෑම ඉතාම හොඳ දෙයක්. මේ මැතිවරණයෙන් පිරිසිදු ජනතා තීන්දුවක් ලැබෙනවා. පැවැති රජය දේශපාලන බලය ජනතාව වෙනුවෙන් යෙදවූයේ නැහැ. නමුත් අපිට ලැබෙන බලය ජනතා සේවය වෙනුවෙන් යොදවන්න අපි සූදානම්. ජනතාවට සේවය කිරීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉලක්කයක් තිබෙන බවද ඔහු කීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී අද (12) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඡායාරූප - ඉෂාන් සංජිව


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවගේම තමා බහුතරක් දිනන්න පුළුවන් පක්ෂයක් පාර්ලිමේන්තුව විසුරවන්නෙත් නෑ.
යුක්තිය ජයවේවා
අනේ මහචාර්යතුමෝ.. උසාවි ගිහින් තියෙන්නේ මැතිවරණ ගැන නෙවෙයි. ව්‍යවස්ථාවට පටහැනිව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන... අනික කවුරුවත් මැතිවරණයක් ඉල්ලුවේ නෑනේ. බලෙන් පටවපු එකක් මිසක්.
පොඩ්ඩක් බය වෙලා වගේ අධිකරණයට?
කෝකටත් ලොක්කට කියන්න අනෙක් තුරුම්පු ටිකත් පරිස්සමට තියාගන්න කියලා...
2015දී ජනාධිපතිවරණය කලින් තියලා ඇන ගත්තු ඇන ගැනිල්ල මෙයාලට අමතක වෙලා. මේ සැරෙත් වෙන්නේ ඒ ටිකම තමයි. 2020 වෙනකන් හිටියා නම් රනිල්ගේ රජය තවත් අප්‍රසාදයට පත්වෙලා තියේවි. මෙයාලට ලේසියෙන්ම දිනන්න තිබුණා. එ්ත් දැන් මේ කරපු ව්‍යවස්ථා විරෝධී වැඩේ නිසා ජනමතය ආපහු කැරකෙනවා.
මේක මේ වෙනකොට බලල තියෙන්නෙත් 565.. එහෙත් නිමල්ගේ කොමෙන්ට් එකට ලයික් 2705 ක් වැටිලා. නිමල් මහතාණෙනි, මුදලට මේකේ කොමෙන්ට් කොටන්න එපා.
ඔයා බය නැත්තන් ඡන්දෙ ඉල්ලන්නකෝ ලිස්ට් එකෙන් එන්නේ නැතුව...
තමන්ව නීති විශාරදයෙක් කියාගන්නා ඔබතුමා අපව නොමග යවන්න හදනවා. කිසිවෙකු මැතිවරණෙට එරෙහිව උසාවි ගොස් නැහැ. ඔවුන් උසාවි ගියේ නීති විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිවයි. කරුණාකර ඔවුන්ගේ ඒ අයිතියට ගරු කරන්න.
උගත් මෝඩයින් තමයි.
පරිණත නීතිවේදියෙක් වන ඔබ නීතිවිරෝධී ක්‍රියාවකට උසාවි ගිය අයට ඔවැනි අනුවණ කතාවක් කීම ගැන කණගාටුයි..
අපි දැක්කා මහාචාර්යතුමා පක්ෂයේ සභාපති වුණාට සාමාජිකත්වය දෙන්නේ වෙන කෙනෙක් බව. ඔබතුමා රට බේරාගන්න කලින් පක්ෂයේ සභාපතිකම බේරාගන්න උසාවි යන්න....
කවුද කිව්වේ උගත්තු පාර්ලිමේන්තු යැව්වම හරි කියලා? පේනවානේද නීතිය සම්බන්ධ මහාචාර්යවරයගේ කතා...
ඒ කියන්නේ රටකට ව්‍යවස්ථාවක් අනවශ්‍යයි කියන එකනේ?
පිටකොටුවේ නාටාමියෙකුට ඔයිට වඩා හොඳට නීතිය තේරෙනවා. මෙයා මිනිස්සුන්ව ගොනාට අන්දවනවා.
උග්‍ර බඩගෝස්තරවාදියෙකු බව ඔහුගේ කතාවලින් පැහැදිලි වෙනවා...
ඒ වගේම ජනතා ඡන්දෙකින් දිනන්න පුළුවන් පක්ෂයක් ව්‍යවස්ථා විරෝධීව බලය ගන්නෙත් නැහැ. ගිය මහ මැතිවරණයෙන් පරාද වුණු බව අමතක ඇති.. බලයට, ධනයට ඇති කෑදරකම නිසා නීතිය, යුක්තිය හඳුනන්නෙත් නැහැ.
මේ වගේ නීති විශාරදයෙක් කියන දෙයක්ද මේ...? ලැජ්ජයි කරපු දේකුත් නැහැ... ඉන්නකන් තව සිල්ලර කතාත් කියනවා. මේක හරියට හොරකමක් කරන්න චාන්ස් එක අහුවුණාම කටවහගෙන හොරකම් කරනවා වගේ කතාවක්...
මේක කාරණ 2 ක්. මැතිවරණය කියන්නේ ජනතා පරමාධිපත්‍යය උරගා බලන්නත් රටක් තුල ක්‍රියාත්මක විය යුතුයි. ප්රජාතන්ත්රවාදය රැකගන්න උසාවි යනවා. මැතිවරණයකදී ජනතාව අතරට යනවා. මේ දෙක පටලවා ගන්න එපා ගරු බුද්ධිමත් මැතිදුනි!!! රොහාන් දයාදර පැරිස්
මේ ඉන්නේ රටේ පිළිගත් උගත් පුද්ගලයෙක්... නමුත් දේශපලන වහලෙක්... අපි උගත් මිනිස්සුන්ව පාර්ලිමේන්තු යවන්න ඉල්ලනවා. එ්ත් වැඩක් නැහැ. උගත්කම වහල්කමට යටවෙලා. මේ ගොඩක් අය තමුන්ගේ දේවල් ලියවා ගන්නේ වෙන අයට සල්ලිදීලයි..
වැහි නැති හෙන වදින්න ඕනෑ පක්ෂ මාරු කරන්න අවසරය දීපු එකට, මුළු පාර්ලිමේන්තුවම අවුල් ජාලයක් වුණා.. ඒ තීන්දුවෙන්, මේකටත් ඒ වගේ අසමජ්ජාති තීරණක් ලැබුණොත් ආයේ ජනාධිපතිකම කරලා හමාරයි... කවුරු මොන පක්ෂයෙන් ආවත් ...
ලැබී තියන ප්‍රතිචාර බලපුවහම මහාචාර්යතුමාගේ මතයට මොනතරම් සාධාරණයක් ඉටුවෙලා තියනවද කියලා පැහැදිලියි...
මෙයා කැම්පස් එකේදිත් මෝඩයෙක් වගේ දොඩවනවා.
අනේ මහාචාර්යය තුමෝ ඔබගේ අධ්‍යාපනය ගැනනම් සැක සහිතයි. කඩේ යන එක නවත්වන්න.... ජනතාව මුළා කරන්නේ නැතුව.