(ඩයනා උදයංගනී)
දේශපාලන කටයුතු සහා නොමිලයේ ලංගම බස්රථ ලබානොදෙන ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට තමන් උපදෙස් දී ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ඕනෑම අයෙකුට මුදල් ගෙවා එම බස්රථ ලබාගත හැකි බව ද ඇමැතිවරයා කීය.
එමෙන්ම කිසිම පොදු දේපලක් දේශපාලන කටයුතුවලට යොදා නොගන්නැයි තමන් සියලූ දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා සඳහන් කළේය.
පසුගිය වසර තුනක කාලයක් තිස්සේ මූල්‍ය වශයෙන් වර්ධනයක් ලැබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තුළට නැවත දේශපාලනය සම්බන්ධ කරගෙන යළිත් එය අගාධය කරා ගෙන නොයන ලෙස තමන් එම මණ්ඩල සේවකයින්ගෙන් ඉල්ලා සිටින බව ද ඇමැතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලගේ කට්ටියම තම පිනට බස්රථ අරගෙන දේශපාලනේ කෙරුවේ 2015, තවම ඒවාට ගෙවන්න තියනවානේද ඇමතිතුමෝ?
අනේ සිරිපාල ඔබලාගේ කියුම් අපට දැන් අහලා එපා වෙලා ඉන්නේ... 2015 මැතිවරණයටත් කලේ ඕකමනේ.. රෙදි ඇඳගෙනද කතා කරන්නේ?
පොහොට්ටුවෙන් ඉල්ලුවොත් ණයට වුනත් දෙන්න..
මීට පෙර හිටපු දේශපාලකයන් දේශපාලන කටයුතුවලට නොමිලයේ යොදාගෙන තිබෙනවා නම් එයත් අපි දැන ගැනීමට කැමැත්තෙමු. කව්ද? කොපමණ මුදලක්ද? නැවත ඒවා අයකර ගත්තාද? යන්න...
එදා සිරිසේන සහ මහින්ද පාර්ලිමේන්තුවට කළ මොකක්ද ජන මහිමයකට ගෙන්වපු සියලුම ලංගම බස් රථ නොමිලේ දීපු නිසා ලංගමයට කෝටි ගාණක් පාඩුයි. ඒවා කාගේ එකවුන්ට් එකටද දාන්නේ...?
කාගේ කාලේද දන්නේ නැහැ ලංගමට ලක්ෂ ගණන් පොලු තියලා බලෙන් සෙනඟ ඇද්දුවේ?
නමුත් ලංගම කියන්නේ මම දැකපු දූෂිතම ආයතනයක්. පක්ෂ මාරුවුණු ගමන්ම ඉහළ නිලධාරින් මාරුවෙනවා. කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති මිනිස්සු සේවක සංගම් බලතල මත ඉහළ තනතුරුවලට පත්වෙනවා. සරලම උදාහරණයක් ලෙස මම පුද්ගලිකවම දන්නවා කම්කරු ආපු මිනිස්සු ඉන්නවා කළමනාකරණ තනතුරු වල... කිසිම හැකියාවක් හෝ සුදුසුකමක් නැතිව තනිකරම දේශපාලන බලයෙන්. ඉතින් මේ ආයතන දියුණුවෙයිද? රට දියුණු වෙයිද? මේ විදිහට පත්වෙන මිනිස්සු බලන්නේ තමන් ඉන්න කාලය තුල පුළුවන් තරම් හම්බ කර ගන්න. ඉතින් ආයතනය දුෂණ වංචා අතින් අන්තිම ඉහළයි. මේ විදිහට පුටු මාරු වෙනකොට අතිරික්ත සේවකයන් වැටුප් ලබමින් නිකන් ඉන්නවා. සෑමවිටම එක අයෙක් සේවයේද අනෙකා නිකන්ද වශයෙන් එකම තනතුර සඳහා සේවකයන් දෙදෙනෙකුට ආයතනය වැටුප් ලබා දියයුතු වෙනවා. මේක අලාභ ලබන ආයතනයකට දැරිය නොහැකියි. මෙවරත් අගමැති ඇතුළු ආණ්ඩුව මාරුවීමත් සමග මේ දේම සිදුවුණා. පුද්ගලිකවම මම දන්නා කරුණක් තමයි මෙහෙම අලුතින් ආපු සමහර අයට හිටපු අයට තරම් කිසිම සුදුසු කමක් නැහැ. ඉහළම ලාභ ලැබිය හැකි ආයතනයක් ඉතාම කණගාටුදායක ලෙස පාඩු ලබන තත්වයට පත් වීමෙන් ජනතා මුදල් ලක්ෂ ගණනින් නාස්ති කරන ආයතනයක් ලංගම...