නාලක සංජීව දහනායක
අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙවරද කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහා මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙවර මහා මහාමැතිවරණයට තරඟ කිරීම සඳහා දිස්ත්‍රික්ක කිහිපයකින්ම ආරාධනා ලැබුණද නැවතත් කුරුණෑගල දිස්ත්රික්කයෙන්ම තරඟ කිරීමට අගමැතිවරයා තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
මහින්ද රාජපක්ෂ මහතා මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජන්ය කරමිනි.
2015 වසරේ පැවැති මහාමැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරෙන්කෝ දෙන්න ඡන්දේ?
මොනවද මේ වෙන්නේ? මෙවැනි ජනතා නායකයෙකුට සලකන විදිය හොඳ නැහැ...
දන්නා අය දන්නවා.. මොකද කුරුණෑගලින් එන්නේ කියලා...
සර්පයා දොරෙන් ආවත්, හිලෙන් ආවත්, වහලයෙන් ආවත් උෟ කරන්නේ උගේ කාර්ය වන්නේය.. කොහෙන් ආවත් විස විසමය.. විඳවන්න වන්නේ ජනතාවටයි..
අනිවාර්යයෙන් කුරුණෑගලින් එන්න.. ජය නියතයි...!!!
මේ පාර කුරුණෑගල අපි දෙනවා මෙයාට දොබෙන් යන්න...
කුරුණෑගලට යන්න පාර මතකද දන්නේ නැහැ.
තංගල්ලේ සභාපති ඇතුළු කීපදෙනෙකුට විශේෂ සමාවක් දෙන්න බලාපොරොත්තු වෙනවාද? මෙය ජනතාවට තියෙන ලොකු සැකයක්.
හම්බන්තොටින් තරග කළොත් ඔක්කොම මනාප ඡන්ද සහෝදරයින්ට ලැබී නාමල්ට ආසනය නැතිවෙනවනේ...
වාසනාවක්
එහෙ ගමේ අයට වටින්නේ නැතිව ඇති.
නියමයි
රටේ අනාගතය ඔබතුමාගේ අතේ... ජනපති සමග එක්කව කරගෙන ආපු සංවර්ධන වැඩ කටයුතු තුන්ගුණයක වේගයෙන් කරන්න. කාලය නිරපරාදේ අවුරුදු තුනක් ගෙවිලා ගියා. රටේ පවතින සමාගම් සමග එක්වී ලෝකය ජයගන්න වැඩ පිළිවෙලක් ආරම්භ කරන්න. රටේ පවතින ජීවන වියදම අනුව විදේශ යෝජනා එන්නේ නැහැ. එමනිසා රටේ පවතින ව්‍යාපාර වලට අත හිතදෙන්න. එතකොට ඒවායේ දියුණුව යනු රටේ දියුණුව වේ. නව නිෂ්පාදන හා ආනයන භාණ්ඩ රටට හැකි අයුරින් නිපදවීමට පටන් ගන්න. ඔබට ජය වේවා !!!