ඖෂධ දත්ත පද්ධතිය ව්‍යාප්ත කිරීම ඇරැඹේ පරිගණක ගත කළ ඖෂධ දත්ත පද්ධතිය පළාත් සභා රෝහල් සදහා ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළෙහි පළමු අදියර ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පැවැති පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේදී ඇරැඹිණි. 18 September 2018
බන්දුල ඇතා නිදහස් කරන්නැයි මනේකා ගාන්ධි ඉල්ලයි දෙහිවල සත්වෝද්‍යානයේ වසර විස්සක් තිස්සේ බැඳ දමා සිටින බන්දුල නමැති ඇතා නිදහස් කොට රිදියගම වනෝද්‍යානයට යවන්නැයි ඉන්දීය කාන්තා හා ළමා ඇමතිනී මනේකා ගාන්ධි මහත්මිය ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් එවමින් ඉල්ලීමක් කර ඇතැයි අද (18) ‘‘ද හින්දු පුවත් ’’ පුවත්පත අනාවරණය කළේය. 18 September 2018
විජයකලාට අධිකරණය දෙන තීන්දුව අනුව කටයුතු කරනවා එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කතාවක් කළ බවට චෝදනා ලත් විජයකලා මහේෂ්වරන් හිටපු රාජ්‍ය ඇමැතිතුමිය ගැන අධිකරණය දෙන තීන්දුව අනුව ඉදිරියේදී කටයුතු කරන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවැසීය. 18 September 2018
සිංගප්පුරු ගිවිසුමෙන් තහනම් රසායනික ද්‍රව්‍ය ආනයනයට ඉඩ ශ්‍රී ලංකාව තුළ තහනම් කර ඇති රසායනික හා විවිධ අපද්‍රව්‍ය රාශියක් සිංගප්පූරු ගිවිසුම හරහා ආනයනයට ඉඩ ලබා දී ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රය කියයි. 18 September 2018
පුද්ගල ජාවාරම් කළේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු නොවේලු පුද්ගල ජාවාරම් චෝදනා මත ඉතාලියේ මිලාන් නුවර ගුවන්තොටුපළකදී අත්අඩංගුවට පත් ලාංකිකයා රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු නොවන බවට තහවුරු වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටී. 18 September 2018
අය වැය යෝජනාවලිය ඉදිරිපත් කිරීමේ දිනයේ සංශෝධනයක් අය වැය යෝජනාවලිය මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබන දිනය සංශෝධනය කිරිමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත. 18 September 2018
යතුරුපැදි අනතුරකින් 17 හැවිරිදි පාසැල් සිසුවෙකු මරුට වැල්හේන්ගොඩ - තිත්තගල්ල මාර්ගයේ වැල්හේන්ගොඩ ගුණරතන විදුහල අසලදී අද (18) යතුරුපැදියක වේගය පාලනය කර ගත නොහැකිව එම යතුරුපැදිය පෙරලී ගොස් ලොරි රථයක හැපීමෙන් බරපතල තුවාල ලැබූ 17 හැවිරිදි පාසැල් සිසුවෙකු මිය ගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි. 18 September 2018
විග්නේෂ්වරන්ට එරෙහි නඩු විභාගය කල් යයි අභියාචනාධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වූ සී.වී. විග්නේශ්වරන් මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල සම්බන්ධ මුලික විරෝධතා පිළිබද වැඩිදුර විභාගය ඔක්තෝබර් 16 දිනට කල් තැබීමට අද (18) අභියාචනාධිකරණය නියම කළේය. 18 September 2018
නාමල් කුමාරගේ හෙළිදරව්ව පාර්ලිමේන්තුවද උණුසුම් කරයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කළ කුමන්ත්‍රණය පිළිබඳව නාමල් කුමාරගේ මහතා කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද (18) පැයකට වැඩි කාලයක් උණුසුම් විවාදයක් ඇතිවිය. 18 September 2018
ලංකාවේ ගුවන් කලාපය නිදහස් ගුවන් කලාපයක් කිරීමට සැලසුම් ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපය ‘නිදහස් ගුවන් කලාපය’ක් බවට පත්කිරීමට අදාළ කෙටුම්පතක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. 18 September 2018
‘සර්පයා‘ගේ ෆේස්බුක් ගිණුමට ඇතුළු වුණ හැටි සොයන්න නියෝග ද්විත්ව ඝාතනයක් සම්බන්ධයෙන් මරණ දඩුවම නියමවී සිටින සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන හසිත සම්පත් හෙවත් සර්පයා නමැත්තාගේ මුහුණු පොතේ ගිණුමට ඇතුළු වීමට අදාළ වාර්තා ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් ලබාගෙන ඒ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වාර්තා වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය රහස් පොලිසියට නියම කළාය. 18 September 2018
කජු කතාවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කීර්තිය නැතිවුණා ජනාධිපතිගේ කජු කතාවෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ කීර්ති නාමය සම්පුර්ණයෙන්ම නැතිවුණු බව පත් කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවැසීය. 18 September 2018
රජයේ සංවර්ධන වැඩ ගැන නව සන්නිවේදන වැඩපිළිවෙළක් රජයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමේදී සම්පත් දායකයක් හැටියට අදාළ විෂයේ ප්‍රාමාණික දැනුමක් ඇති රාජ්‍ය නිලධාරින් ජනමාධ්‍ය ආයතනවලට සම්බන්ධ කිරීමට ක්‍රමවේදයක් සකස් කරන බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පවසයි. 18 September 2018
‘‘පලාලි ගුවන් තොටුපළ ඉන්දියාවට දෙන්නේ නෑ‘‘ පලාලි ගුවන් තොටුපළ ඉන්දියාවට දෙන්නේ නැතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවැසීය. 18 September 2018
‘ආනයනික රෙදිපිළි සඳහා පනවා තිබු බද්ද අඩු වුණත් කම්කරුවන්ට සහනයක් නෑ‘ ආනයනික රෙදිපිළි සඳහා පනවා තිබූ රුපියල් පහලොවක වැට්බද්ද රුපියල් පහ දක්වා අඩුකිරීමෙන් එම කර්මාන්තයේ නියුතු පිරිස් සඳහා යම් සහනයක් ලැබුණද ඔවුන්ට සිදුවූ අසාධාරණය සම්පූර්ණයෙන්ම ඉවත් නොවූ බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි. 18 September 2018
දැරියකට කෲර ලෙස සැලකීම ගැන විමර්ශන දෙකක් කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක දැරියක කෲර සහ අවමන්සහගත සැලකිල්ලට භාජනය කෙරුණේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙන වෙනම විමර්ශන දෙකක් ආරම්භ කර ඇත. 18 September 2018
‘ජනපති ඝාතන කුමන්ත්‍රණය සුළුවෙන් තැකිය නොහැකියි‘ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ගැන කර ඇති හෙළිදරව්ව සුළු කොට තැකිය නොහැකි භයානක දෙයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. 18 September 2018
මඩකලපු රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කරේ කොළඹ-මඩකලපුව, ත්‍රිකුණාමලය හා මඩකලපුව, ත්‍රිකුණාමලය-කොළඹ බලා අද(18) රාත්‍රියේ ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය දෙක අවලංගු කළ බව දුම්රිය පාලන කාර්යාලය පවසයි. 18 September 2018
ඇමෝනියම් සිලින්ඩරය පිපිරීමෙන් රෝහල්ගත කළ අයෙක් මරුට පෝරුවදණ්ඩ වගවත්ත ප්‍රදේශයේ පිහිටි රබර් කිරි පිරිසිදු කර බෙදා හොරණ හැරීමේ ආයතනයකට ලොරි රථයකින් රැගෙන ආ ඇමෝනියම් අඩංගු සිලින්ඩර තොගයක් බෑමට යාමේදී සිදු වූ පිපිරීමක් සමගින් ඇති වූ ඇමෝනියා කාන්දුවක් නිසාවෙන් දැඩි ලෙස රෝගාතුරුව හොරණ මූලික රෝහලෙහි දැඩි සත්කාර ඒකකයෙහි ප්‍රතිකාර ලබමින් සිටි එක් අයෙකු අද (18) දින මියගොස් ඇතැයි ඉංගිරිය පොලිසිය පවසයි 18 September 2018
ගෑස් මිල 195 කින් ඉහළට ගෑස් මිල රුපියල් 190 කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත. 18 September 2018
පිවිසුම් දොරේ වටිනාකම කෝටියක් නෙමේ ලක්ෂ 83 යි බස්නාහිර පළාත් සභාවේ සභාපති පිවිසුම් දොරේ වටිනාකම කෝටියක් නොව රුපියල් 83,76,000ක් පමණක් යැයි මහඇමති ඉසුර දේවප්‍රිය මහතා අද (18) පැවසීය. 18 September 2018
වායු රයිපලයක් පත්තු වී තුවාල වු දරුවෙක් රෝහලේ කරාපිටිය මලිගස්පේ ශ්‍රි සුභද්‍රාරාම විහාරස්ථානයේ තිබූ වායු රයිපලයක් සාමනේර හිමිනමක් අතින් අද(18) පෙරවරුවේ පත්තුවිම එම හිමියන්ගේම බාල සහෝදරයකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කල බව ගාල්ල පොලිසිය පවසයි. 18 September 2018
සීනී මිල ඉහළට සිනී ආනයනය කරනු ලබන බදු මුදල රුපියල් 18.00 කින් පමණ වැඩි කර ඇතැයි සීනී ආනයනකරුවන්ගේ සංගමය පවසයි. 18 September 2018
පංච පුද්ගල සීමා නිර්ණය සමාලෝචන හමුව 20 වැනිදා පළාත් සභා සීමා නිර්ණය කොමිෂන් සභා වාර්තාව සමාලෝචනය කිරීමට කතානායකවරයා විසින් පත්කරන ලද පංච පුද්ගල සීමා නිර්ණය සමාලෝචන කමිටුවේ මීළඟ රැස්වීම ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 03 හි දී පැවැත්වීමට නියමිතය. 18 September 2018
ඩොලරය 166 පනී මේ සතියේ අඛණ්ඩව දෙවැනි දිනටත් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව තවදුරටත් පහත වැටෙමින් ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය අද (18) 166.64ක් දක්වා ඉහළ ගියේය. 18 September 2018
හිමිකරුවකු නැති මෝටර් රියක් සොහොන්පිටියක හිමිකරුවෙකු නොමැතිව දමා ගිය සුඛෝපභෝගී මෝටර් රථයක් වැලිගම බටවල ප්‍රදේශයේ සොහොන් පිට්ටනියක තිබී අද (18) උදෑසන සොයා ගත් බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි. 18 September 2018
පොලිස් ස්ථානාධිපතිවරුන් 27කට ස්ථාන මාරු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 27 දෙනකු ට ස්ථානමාරුවීම් ලබා දී තිබේ. 18 September 2018
මියගිය අලින්ගේ කෑලි එකතු කරති කොළඹ සිට මඩකලපුව දක්වා ඉන්ධන රැගෙන ගිය දුම්රියේ වැදීමෙන් මිය ගිය අලි සිව් දෙනා මිහිදන් කිරීම වනජිවී දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් අද (18) දහවල් එම ස්ථානයේදීම සිදු කෙරිණි. 18 September 2018
නාලක සිල්වාට බය ආණ්ඩුවේ රහස් රකින නිසයි - ගම්මන්පිල නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත් අඩංගුවට ගැනීමට තබා වැඩ තහනම් කිරීමට හෝ ආණ්ඩුව පියවර නොගන්නේ පසුගිය මාර්තු මාසයේ දිගන සිදුවූ ජාතිවාදි කෝලහලය පිටුපස ආණ්ඩුව සිටි බව නාලක සිල්වා හෙළි කරනු ඇතැයි බිය නිසා යැයි පිවිතුරු හෙළ අරුමය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උයද ගම්මන්පිල මහතා පැවසීය. 18 September 2018
මඩකලපු දුම්රිය මහවට පමණයි මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට මහව දුම්රිය ස්ථානය දක්වා සීමාකර ඇතැයි දුම්රිය පාලන කාර්යාලය පවසයි. 18 September 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026