(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු වනජිවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පිරිසක් මතුගම යටදොල ප්‍රදේශයේදී තමාට පහර දුන් බව කියමින් අගලවත්ත ප්‍රදේශීය සභා මන්ත්‍රී වින්දික කරුණාසේන මහතා රෝහල් ගත වී ඇතැයි පොලිසිය කියයි.
පහරකෑමට ලක්වූ බව කියන මන්ත්‍රීවරයා පාලින්ද නුවර ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සමඟ අද (8) ගාලු මුවදොර පැවැති එක්සත් ජාතික පක්ෂයේ රථ පෙළපාළියට සහභාගි වීම සඳහා පැමිණෙමින් සිටියදී ඔවුන් පැමිණි වාහනය පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාගේ නිවස ආසන්නයේ නවතා තිබෙන අවස්ථාවේ මෙම පහරදීම සිදුකළ බව පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරයා පොලිසියට කරන ලද ප්‍රකාශයේ සඳහන් වේ.
වාහනයෙන් බැස සිටින අවස්ථාවේදී තමන් අසලට පැමිණි පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා පරුෂ වචන කියමින් මුහුණ හා ගෙල ප්‍රදේශයට පහරදී තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා පැළඳ සිටි සපත්තුවෙන් උදර ප්‍රදේශයට පහරදුන් බව පැමිණිල්ලේ සඳහන් වේ.
තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාගේ පුතා සහ තවත් පුද්ගලයන් තිදෙනෙකු පොලු මුගුරු රැගෙන එම ස්ථානයට පැමිණ පහරදුන් බව බවද පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පැවැසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙවරප්පෙරුම මහත්තයා මිනිස්සුන්ට නිකම් පහර දෙන්නේ නැහැ. මොකක්හරි අසමජ්ජාති වැඩක් කරලා ඇති!
ඔන්න යූ.එන්.පී. චණ්ඩින්ගේ හැටි.. කෝ හිටපු අගමැති මොනවද කලේ මෙයට.. යහපාලනේ කියන්නේ ඕකද? පක්ෂේ අයවවත් බේරගන්න බැරිනම් තව කොහෙද විරුද්ධ පක්ෂය ගැන..
සෙට් එකම ඇතුළට දාන්න දවස් 15ක්...
මේ මනුස්සයට බලය නැතුව මෙහෙම නම් බලය ඇතුව කොහොමට හැසිරෙයිද?
දැන් මොන පක්ෂයෙද දන්නෙ නෑ.. ගුටි බැට හුවමාරු වෙන්නේ....
ඔන්න යහපාලනයේ මන්ත්‍රීවරු....
ඔය කසකාරයෝ.පෙරහැර ලඟම එනවා !
තෙවරප්පෙරුම එයත් එක්සත් ජාතික පාක්ෂිකයෙක් නේ .