(අංජුල මහික වීරරත්න)
කරුණු තුනකට එකඟ වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා ඇතුළු මන්ත්‍රීවරුන් හය දෙනෙකුගෙන් ඉල්ලා සිටි බවත් තමන් ඒ කරුණු තුනම ප්‍රතික්ෂේප කළ බවත් දෙමළ ප්රගතිශීලි සංධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහත් මාධ්‍ය හමුවකදී අද (7) පැවැසීය.
ජනාධිපතිගේ ආරාධනයකට අනුව අද (7) තමා ඇතුළු මන්ත්‍රීවරුන් හය දෙනා ගිය අවස්ථාවේ මෙම ඉල්ලීම් තුන කළ බව මනෝ ගනේෂන් මහතා කීවේය.
නව ආණ්ඩුව එක්වී සහය දීම ජනාධිපතිගේ පළමු ඉල්ලීම වූ බවත් ඊට එකඟ නොවූ විට පාර්ලිමේන්තුවේ බහුතරය විමසීමේදී ඡන්දය නොදී සිටින ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටි බවත් මනෝ ගනේෂන් මහතා පැවැසීය.
තමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම එම ඉල්ලීමට එකඟ නොවූ විට එක්සත් ජාතික පෙරමුණ බහුතරය පෙන්වුවහොත් රනිල් වික්‍රමසිංහ මහතා යලි අගමැති ලෙස පත් කිරීමට විරුද්ධ වන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා සිටි බව කීය.
ජනාධිපති ඉදිරිපත් කළ කරුණු තුනම ප්‍රතික්ෂේප කළ තමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වැඩ කරන්නට නොහැකි නම් නියමිත කාලයට පෙර ජනාධිපතිවරණය පවත්වා සුදුසු තීරණයක් ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටි බවද මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
5 වෙනිදා 13 හරි කීවට දැන් මොකද මේ
අපි ඔබලාව සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර බොහෝ කල්ය.
පාර්ලිමේන්තුව විසුරුවා පාර්ලිමේන්තු මැතිවරණය තියන්න. පොහොට්ටුව දිනනවා.
මේ අය තනතුරු සහ මුදල් අභිබවා යම් ප්රතිපත්තියක සිට ක්‍රියා කිරීම අගය කල යුතුයි.
මුන්ට ඕන කොහොම හරි ඊලම ගන්න ඒක කරන්න පුළුවන් රනිල් ගෙන් විතරයි. ඒකයි තමයි ඔක්කොම හුරතල් වෙන්නේ. නැතුව අපේ රටට ආදරේට නෙමෙයි
සෙක්කුව අය්යෝ මෙහෙමත් පිචන් වීමක්.
ඔබතුමා දමිල ජාතිකයෙක් වෙලත් රටේ ව්‍යවස්තාවට එකගව ප්‍රතික්ෂේප කල එක අපි ඉතාම අගය කරනවා. ලංකාව ලෝකෙන්ම කොන් වෙන තැනට දැන් ඇවිත් ඉවරයි.
ඔබලා කැමති වුනත් නැතත් අපිටනම් ඒකෙන් වැඩක් ඇත්තෙම නැහැ, ජාතින් හැමෝම සමගියෙන් ඉන්න අපිට ඕන කරන්නේ. තමන්ගේ බඩ වඩා ගන්න දගලන හැම දේශපාලුවෙකුටම ඊලග මැතිවරණයකදී සියලුම ජාතින් එකතුවෙලා හොද පාඩමක් උගන්වාවි.
ජනාධිපති රටින් කෑල්ලක් දෙන්න, ව්‍යවස්ථාව වෙනස්කරන්න යෝජනා කලේ නැහැනේද? කළානම් උඩින්ම කැමති වෙනවා නේද? අපි නොදන්නා ඔයගොල්ලෝ...
ටොමී, ඒ අය තනතුරු සහ මුදල් ප්‍රතික්ෂේප කරන්නෙ මේ ආණ්ඩුව තුළින් ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටු කර ගැනීමට නොහැකි නිසා මිස රටේ යහපතට නොවේ..