රොමේෂ් මධුෂංඛ
උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයෙන් ඉවත් වන බවට වූ නිල ලිපිය එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙත බාරදී තිබේ.
මේ අනුව සී.වී.විග්නේස්වරන් මහතා තවදුරටත් දෙමළ ජාතික සන්ධානයේ නිල සාමාජිකයකු නොවන අතර මෙම ඉවත්වීමේ ලිපිය යාපනයේ පිහිටි දෙමළ ජාතික සන්ධාන පක්ෂ කාර්යාලයට පැමිණි විග්නේස්වරන් මහතා මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයාට බාර දීමෙන් පසුව පැයක පමණ කාලයක් දෙදෙනා අතර ඉතා සුහද සාකච්ඡාවක් පැවතිණි.
එහිදී සී.වී.විග්නේශවරන් මහතා පවසා ඇත්තේ තමන් විසින් පිහිටුවා ගන්නා ලද ටී.එම්.කේ.පක්ෂය ඔස්සේ ඉදිරියට තමන්ගේ දේශපාලන කටයුතු කරගෙන යන බවත් තමන් කිසි විටකත් උතුරු පළාතේ දේශපාලන කටයුතු වලින් බැහැර නොවන බවත් මෙහිදී පවසා තිබේ.
එමෙන්ම රටේ වත්මන් තත්ත්වය ගැන සාකච්ඡා කළ අවස්ථාවේදී විග්නේස්වරන් මහතා මාවෙයි සේනාධිරාජා මහතාට පවසා ඇත්තේ ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟ දෙමළ ජාතික සන්ධානය ගනුදෙනු කිරීමේදී මීට වඩා පරෙස්ස්සම් විය යුතු බවයි.
පසුව මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා එම අවස්ථාවේදී විග්නේස්වරන් මහතාගේ ඉදිරි දේශපාලන ගමනට සුබ පතා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ගියහම ඔක්කොම දේශපාලුවෝ එකයි...
එතුමා කතා කරන්නේ හරියට වෙන රටක කෙනෙක් වගේ හිතාගෙන. දෙපැත්තම හොඳින් තියාගෙන උතුරේ මහජනතාවට වැඩක් කරගන්නේ ඩග්ලස් විතරයි.
අපේ ලංකාවෙනුත් ඉවත් වෙලා යන්නකෝ අපු තමිල් නඩුවටම.
හිටියා කියලා රටට වැඩක් නැහැ
අනේ හිටියත් කාටවත් සතපහකට වැඩක් නැහැනේ.. නරකද දැන් විශ්‍රාම ගත්තොත්? තවත් ත්රස්තවාදයක් බිහි නොකර...