ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ තවුසන්ඩ් ඕක්ස් නගරයේ අවන්හලක සිදුකල වෙඩි තැබීමකින් 12දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මියගිය අය අතර පොලිස් නිලධාරියකු ද සිටින බවත් 10දෙනකු පමණ තුවාල ලබා ඇති බවත් බලධාරීහු පවසති.
පොලිසිය පවසන්නේ වෙඩි තැබීම සිදුකල බවට සැකකරන පුද්ගලයාද මියගිය අය අතර සිටින බවයි.
ඔහු සිය දිවි හානි කර ගන්නට ඇති බවට සැකකෙරේ. ඔහුගේ අනන්‍යතාවය හෙළි වී නොමැති අතර වෙඩිතැබීම සිදුකිරීමට හේතුව කුමක්ද යන්න අනාවරණය වී නොමැති බවද පොලිසිය පවසයි.
වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ අවන්හලේ 200ක පමණ පිරිසක් සිටි බවත් ඔවුන් සංගීත ප්‍රසංගයක් පවත්වමින් සිටි බවත් හෙළිවී ඇත.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd