තරිඳු ජයවර්ධන
රටේ පාලකයා ව්‍යවස්ථාව සත පහකටවත් ගනන් නොගෙන ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් වැඩ කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසීය.
එහෙම් මෙහෙන් පිරිස් අහුලාගෙන 113 හැදුවායැයි කියනවා නම් අගමැති පත් කර ඇත්තේ 113ක් නැතිව බවත්, එනම් බහුතරයක් නැතිව අගමැති පත් කර ඇති බවත් ෆොන්සේකා මහතා කීවේය. ඔවුනට තවමත් 113ක් හදා ගැනීමට බැරිව සිටින බව ද ඔහු කීවේය.
මහින්ද රාජපක්ෂ මහතා ඒකාධිපතියකු බව හා ඔහු දිනුවා නම් තමා ඉන්නේ අඩි 6ක් පොළව යට යැයි කී මෛත්‍රීපාල සිරිසේන මහතා දැන් මහින්ද රාජපක්ෂ ළංකරගෙන ඇති බව කී ෆොන්සේකා මහතා එක්කෝ එදා සිරිසේන මහතා බොරු කීවා විය යුතු යැයි ද ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ මහතා ද මේ අවස්ථාවේ ජනතාව ගැන සිතිය යුතු බවත්, ඔහු ගොඩනගා ගත් දේශපාලනට විනාශ කරගෙන සිරිසේන මහතාගේ ව්‍යවස්ථා විරෝධී වැඩ වලට අනුබල නොදිය යුතු බවත් සරත් ෆොන්සේකා මහතා කීවේය.
‘‘හෙජිං ගිවිසුමෙන් බිලියන 76ක් රටට පාඩු වුණා. ග්‍රීක බොන්ඩ් කියලා බිලියන 7ක් දැම්මා. ඒ කාලේ ඒවා ගැන කවුරුත් කතා කළේ නෑ. ඒවා වුණේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව යටතේ. පාලකයා ඒවා ගැන කතා කරන්නේ නෑ. ‘‘
‘‘නම ගිය පාතාලකාරයෝ කියලා පිරිසක් ඉන්නවා. ඔවුන් සමහරුන් අතීතයේ අහිංසක ජීවත ගත කරපු උදවිය. මාකඳුරේ මදූෂ් කියලා කෙනෙක් ඉන්නවා. ඔහුගේ බයිසිකලයට කකුල යට වුණා කියලා පළාත් සභා මන්ත්‍රී කෙනෙක් ඔහුට නගරය මධ්‍යයේ පහර දීලා තියෙනවා. ඉන් පස්සේ ගෙදර ඇවිත් උඩට වෙඩි තියලා තර්ජනය කළාලු උඹව මරනවා කියලා. ඉන් පස්සේ ඒ තරුණයා ගල්කටස් එකක් අරං ගිහින් නගරයේදි වෙඩි තිබ්බාලු. අද ඉතා ප්‍රසිද්ධ බරපතල පාතාල නායකයෙක්. පාතාලේ කියන අය ඒ විදියට තමයි හැදිලා තියෙන්නේ.
මෛත්‍රීපාල මරන්න සරත් ෆොන්සේකා කතා කළා කියලා කියන්න කියලා මෙයාලා පාතාල නායකයන්ට කතා කරලා තියෙනවා. දැන් ඒ වෙනුවෙන් ඔවූන්ට මිලියන 3000ක් දෙන බවත් ප්‍රකාශ කරලා තිබෙනවා. පාතාල නායකයන්ට පවා මිලියන තුන් හාර දහසක් දීලා අපිව කූඩුවල දාන්නයි හදන්නේ. අපිට හිරබත් කාලා පුරුද්ද තියෙනවා. අසාධාරණ වැඩ කරන අයට පැවැත්මක් නෑ. ඒවට මුහුණ දෙන්න අපට ශක්තියක් තියෙනවා.‘‘
ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ අද පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන ඒවා සත්‍ය නම්,පොදුරාජ්‍ය මණ්ඩලයෙන් කල ඉල්ලීමට එකඟවී රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකිරීමට කටයුතු කිරීම ජනතාවගේ වගකීමක්.
මාකඳුරේ මධුෂ් ලඟින් ආශ්‍රය කරනවා ඇති නේද ? එකනේ ඔහු ගැන එච්චර හොඳට දන්නේ.
පුහුල් හොරා කරෙන් දැනේ
අහිංසකයා ලග ගල්කටස් එකක් තිබුණේ කොහොමද දන්නේ නෑ..
මේ පාර නම් සිරිසේන, මහින්ද සහ සමාගමට අයත් අයගේ ප්‍රජා අයිතිය අහෝසි කල යුතුයි. රට අගාදයට දාල පිස්සු කෙලින එකේ සීමාවක් තියෙන්නත් ඔව්නේ....
හොරාට ඉස්සර කෙසේල්කන වැට පනිනවා කියන්නේ මේවට තමයි. මෙය මධුෂ් ව සුද්දකරන්න හදන්නේ අැයි දන්නේ නැහැ. බබා වගේ කතාකරන්නේ
ඔන්න ඕකනේ කියන්නේ තවම මේ රටට දේව බැල්ම තියනවා කියලා. කොටින්ටත් ට්‍රයි කරලා, කරලා බැරිවෙච්ච දේ මේ මනුස්සයා හැදුවේ බන්දේසියක තියලාම පූජා කරන්න බලයට ඇති කෑදරකම නිසා. අපිට මතකයි මේ මනුස්සයා ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙලා ඉන්නකොට උසාවි නියෝගයකින් මෙයාගේ බැංකු සේප්පු චෙක් කරපුවාම ඒවා ඩොලර් නෝට්ටු වලින් පිරිලා තිබුණු හැටි. ඔබලා "කමල් ගුණරත්නගේ" නන්දිකඩාල් පොත සහ "වසන්ත කරන්නාගොඩගේ" "අධිශ්ඨානය" පොත් දෙක කියවල බලපුවහම තෙරුම් ගනියි මේ මනුස්සයට මේ දීලා තියන "මාෂල්" පට්ටම තනිකරම දේශපාලන ඔටුන්නක් කියලා. මේ මනුස්සය දැන් මේ හොරාව කරෙන් දැනිලා තියෙද්දී මරු කියවනවා.
ගිය සැරේ ඇතුළට දැම්මේ පාතාලයෝ ගෙනැල්ලා නොවෙයි, ඔබලාගේම මිනිස්සු ගෙනැල්ලා....