(අංජුල මහික වීරරත්න)
බලය ලැබුණු දේශපාලකයින් හැප්පිය යුත්තේ තමන්ගේ නායකයන් සමඟ නොව දුප්පත්කම තුරන් කිරීම සඳහා යැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවකදී අද (07) පැවැසීය.
පාලක පරපුර හැසිරෙන්නේ කෙසේදැයි කුඩා දරුවන් පවා බලා සිටින හෙයින් සෑම ක්‍රියාවකදීම ප්‍රතිපත්තිගරුක වී නිසිලෙස හැසිරෙන්නට වගබලාගත යුතු බවද ප්‍රේමදාස මහතා කීය.
අග්‍රාමාත්‍ය ධූරය බාර ගන්නැයි ජනපති ආරාධනා කළාද? ඊට පිළිතුරු ලෙස නායකතුමා සමඟ හැප්පෙන්නට නොහැකි යැයි ජනපතිට පැවැසුවාදැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීය.
තමාට අගමැති ධූරය බාරගන්නැයි ජනාධිපතිවරයා පැවැසූ බව කී ප්‍රේමදාස මහතා අර්බුදයක් මුල් කරගෙන පෞද්ගලික වාසි ගැනීම තම අරමුණ නොවූ බවද පැවැසීය.
‘‘අපි බලයට පත් වුයේ සම්මුතිය එකමුතු බව සහ යහපාලනය ක්‍රියාත්මක කරන්නයි මගේ අරමුණ වුයේ ජනපති සහ අගමැති එකට එකතු කරගෙන ගමනක් යාමයි.
ප්රජාතන්ත්රවාදී පක්ෂ දේශපාලයේදී කටයුතු කළ යුත්තේ විධිමත් වැඩ පිළිවෙළක් යටතේයි.අප ප්‍රතිපත්තිගරුක විය යුතුයි අචාර ධර්ම පිළිගත යුතුයි.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොදයි. අගමැතිකම හොරෙන් නීතියට පටහැනිව ලබා ගන්නවට වඩා
මෙතුමා හරියට නිවිලා තැන්පත්වෙලා වගේ යහපාලනය හොදයි කියලා නොකියා කිව්වට, යහපාලානේ බෝඩ් එක ගහගෙන කරපු සහ ගත් වැරදි තීරණ නිසා රටට වෙච්ච දේවල් ගැන වචනයක්වත් කියන්නේ නැහැ. අද රටට අවශ්‍ය පක්ෂග්රාහී නොවී මුළු රටම ගැන එකම විදිහට හිතන්න පුළුවන් අයෙක්වයි.
ඕවා ඔච්චර ගණන් ගන්න එපා.
ලැබුණු අවස්ථාව ප්‍රතික්ෂේප කරලා, එක් එක්කනාට දොස් කියලා හරියන්න නැහැ. ඔබ නායකයාට ගරු කලාට, එයා ඔබට අවස්ථාවක් දෙන්න නැහැ. දැන්වත් රට ගැන හිතලා වැඩේට බහින්න.
ඉතා හොඳ තීරණයක්.
මේ අවස්තවේ ඔබේ යුතුකම සහ ප්‍රධාන වගකීම වන්නේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් සමග එකට සිටීමය. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකලාපය පාක්ෂිකයන් අගයකරනු ඇත. කතානායකතුමාගේ ක්‍රියා කලාපයත් අගයකරමු.
රට ගැන හිතන්න එපැයි නායකයා ගැන හිතන් නැතුව.
මම කවදත් ඔබතුමා අගය කරනවා. මේ වෙලාවේ ඔබ නිශ්ශබ්දව ඉන්න. වැඩි දවසක් යන්න කලින් මේ සියලු දෙනාම ඔබ ලගට එනවා. ඔබතුමා, නවින් දිස්සනයක. හරින් ප්‍රනන්දෝ, රුවන් විජේවර්ධන, බුද්දික පතිරණ, හොද නායකයෝ. මම ඔබලාට සුබ පතනවා හොද අනාගතයකට.
මෙතන එක එක්කෙනාගේ ක්‍රියා කලාප අගය කරලාවත් පක්ෂ ආරක්ෂා කරලවත් වැඩක් නෑ. දවසින් දවස රට වලපල්ලටම යනවා රටේ ආරක්ෂාවක් නෑ අපේ ළමයින්ට අනාගතයක් නෑ රටේ ඉන්න පුළු පුළුවන් හැම කෙනාම රට අත්හැරල යනවා අන්තිමට මෝකවත් කරගන්න බරි මිනිස්සු ටික ඉතුරු වෙයි. ඔබලා පක්ෂ කිය කිය නාඩගම් නටනවා. මොනව කලත් අපේ අහිංසක දරුවන්ගේ අනාගතය කබාසිනියා කරන්න ඔබලාට අයිතියක් නෑ අද ඉපදුන හා ඉපදෙන්න ඉන්න දරුවන් පවා ඔබලාගේ තීරණ වල පවු ගෙවන බව මතක තියා ගන්න. මේ රට තවත් අප්‍රිකානු දේශයක ලක්ෂණ පෙන්වමින් තිබෙන බවයි මටනම් පේන්නේ. වෙනස කියල යහපාලනේ තෝරාගෙන අපි පොට වරද්දා ගත්තා. ඒකෙන් රටේ බාගයක් විනාශ වෙලා කැලෑ ටික පවා කාන්තාර වුනා අන්තිමට අපිට බොන්න තියන වතුර බින්දුවත් නැතිකරල තමයි මේ රටේ දේශපාලකයො කියන කට්ටිය නවතින්නේ. කොටින්ම අපිට ඔබලාගේ පක්ෂවලින්වත් වැඩක් නෑ. අපිට ඔන මේ කරුමයෙන් ගාල්වීමක් පමණි. එය කල හැක්කේ පඹයෙකුටද අපි ඌට හෝ ඡන්දය දී මේකෙන් ගැලවීමට බලා සිටින්නෙමු.
මෙතුමාගේ ක්‍රියා කලාපය සිරිසේන ජනපතිටත් හොඳ ආදර්ශයක් එදා 2014 නොවැම්බර් මස තමන්ට අගමැතිකම නුදුන්නු නිසා පක්ෂයට ද්‍රෝහිවූ මෙතුමා අද තමන්ගේ බලය යොදවා මෙවන් ඉල්ලීමක් කල විට ප්රජාතන්ත්රවාදී දේශපාලකයෙක් ලෙස ඔහු ප්‍රතික්ෂේප කිරීම ඉහලින් ගරු කරමි. තවද එදා අගමැති කම නොලැබීමෙන් පිල් මාරු කල සිරිසේන ජනපති අද එන ජනපතිවරණයේ නව ජනපති අපේක්ෂකත්වය නොලැබෙන බව දැනගත් විගස මෙලෙස යලිත් සුපුරුදු පිල් මාරුව කිරීම අරුමයක් නොවේ "අතීතයේ පැරන්නක් කී කතාවක් අනුව අත්තෙන් ඇත්තට පනින කුරුල්ලා තෙමී නසී " යන කතාවේ අරුත නුදුරීදීම සනාථ වනු ඇත.
රටේ මහජනයා කිසිම අවබෝධයකින් ජීවත් වෙන්නේ නැති බව තමයි පෙනෙන්නේ. කලින් ආණ්ඩුව කරගෙන ගිය අය මිනිස්සු මෝඩයට ඇඳගෙන රටේ දේවල් වික්කා. මතකනේ සීනි කම්හල, නකල්ස් කන්ද, මත්තල වී දාපු එක. මේවා ඔක්කොම මිනිස්සු අන්දන්න ගොතපු කතා. එකම දේශපාලකයෙකුටවත් කඩේ යන්න එපා. තමන්ට කඩේ ගිහින් තමන්ගේ බඩුමල්ල පුරවාගන්න. මොකද ඔය එක කෙනෙක්වත් සතයක්වත් දෙන්නේ නැහැ ඕනවෙලාවක....
නොදන්නා නොත්රෙන මගුල් කොරන්න ගිහිල්ලා තිබෙන අමතිකම්ටත් කෙලවාගන්නේ මොකටද කියා හිතුනා නේද?
ඇත්ත තමයි , නායකයා ගැන නොවෙයි රට ගැනයි හිතන්න තිබේ ,.