ඩයනා උදයංගනී
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය එස්.බී දිසානායක මහතා පත්කර තිබේ.
ඔහු පාර්ලිමේන්තුවේදී හෙට (9) උදෑසන සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.
එස්.බී දිසානායක මහතා මහා මාර්ග හා මාර්ග සංවර්ධන ඇමැතිවරයා ලෙස ද අද (8) දිවුරුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලා මෙයාට ආසනයක් දිනා ගන්න කියන්නකෝ. අපිටනම් මෙයා එපා
ඡන්දෙ ඉල්ලලා, මිනිස්සුන්ගේ ඡන්දෙ හම්බ වුනේ නැතිව පැරදුනු කෙනෙක්ට සංවිදායකකම දීලා. මරු... මොනවා සංවිධානය කරයිද? හිතා ගන්න බෑ.
මේකට සුදුසුකම වැඩිම වාර ගානක් පක්ෂ මාරු කරපු එක වෙන්න ඇති...
රංගේ, ඔයා කවදද එන්නේ?
ඔබතුමා දක්ෂයෙක් ජයවේවා... 2001 පක්ෂය මාරු නොකළා නම් අද ..ඔබතුමා ඔතන නොව.. සමෘද්ධියේ සාර්ථකම පාලකයා ඔබයි. හිටපු ක්‍රීඩා අැමතිවරුන්ගෙන් සාර්ථකම ඇමැතිවරයෙක් ඔබතුමාට සුබපතමි...
හප්පා කීදෙනෙකුට සල්ලි දෙන්න කතා කරයිද දන්නේ නැහැ. පහුගියකාලේ වගේ මහා බැංකුව කොල්ල කයිද? නැතිනම් කොමිස් ගහයිද? පොදු ජනයා එපා කියා එලවපු කෙනෙක්ව පත් කලේ?
අන්තිමට ගෙදර පුටුවත් නැතිවෙයිද කියලා බයයි.
මෙයා ආසනයත් පැරදිලා වැරදි පාරෙන් පාර්ලිමේන්තු ඇවිත් පාර්ලිමේන්තු සම්ප්රදාය මොන තරම් සමච්චලයකට ලක්වෙනවද? අපේ රට මේ යමින් පවතින්නේ මහා අදුරු අගාදයකට. මේකට ඡන්ද දායකයන් වන අපි සියල්ලන්ම වගකිවයුතුයි.