හර්ෂණ තුෂාර සිල්වා
ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙමින් තිබෙන දරුණු අවිනිශ්චිත තත්ත්වය විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව කැඳවූ සැණින් පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්වීම අත්‍යවශ්‍ය යැයි කොළඹ යුරෝපා සංගම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිවරයා, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව යන රටවල තානාපතිවරුන්, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරයා සහ නෝර්වේ සහ ස්විට්සර්ලන්ත යන රටවල තානාපතිවරු ප්රමුඛ යුරෝපා සංගම් දූත පිරිස ඒකාබද්ධ නිවේදනයක් නිකුත්කරමින් ඒ බව සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ යුරෝපා සංගම් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කළ තෙවැනි අවස්ථාව මෙය විය.
කොළඹ යුරෝපා සංගම් කාර්යාලය නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
“යුරෝපා සංගම් තානාපතිවරයා, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව යන රටවල තානාපතිවරුන්, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරයා සහ නෝර්වේ සහ ස්විට්සර්ලන්තය යන රටවල තානාපතිවරුන් පාර්ලිමේන්තුව කැඳවන ලෙස නියෝග කරමින් නිකුත් කර ඇති ගැසට් පත්‍රය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.
වර්තමානයේදී රට මුහුණ දී තිබෙන දරුණු අවිනිශ්චිත තත්ත්ව විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව කැඳවූ පසු පාර්ලිමේන්තුවට එහි විශ්වාසය සනාථ කිරීම සඳහා ඡන්දයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බව අපේ සැළකිල්ලට ලක්ව තිබේ. තවදුරටත් එය ප්‍රමාද වීම ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ලබා තිබෙන කීර්තියට හානි කරනු ඇති අතර ආයෝජකයන් රටට පැමිණීමට ද වළක්වනු ඇත.
ශ්‍රී ලංකාවේ ජනතාව ප්රජාතන්ත්රවාදී පාලනය සහ නීතියේ ආධිපත්‍යය මත තබා තිබෙන විශ්වාසය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා සියලු පාර්ශව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට ගරු කළ යුතු යැයි ද අපි විශ්වාස කරමු”.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්නැයි සහ පාර්ලිමේන්තුව කැඳවන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලමින් යුරෝපා සංගමය මීට පෙර දෙවතාවකදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නිවේදන නිකුත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපා සංගමය පසුගිය කාලේ නිදි ඡන්ද කල් දානකොට. දැන් තමයි මේ අයට ප්රජාතන්ත්රවාදේ මතක් වෙලා තියෙන්නේ
මේ යුරෝපය නෙවේ. ශ්‍රී ලංකාව, වැඩක් බලාගෙන ඉන්න.
මේ අයට පුදුම දුකක්නෙ තියෙන්නෙ අපෙ රට ගැන
මේ රට පාලනය කරන්න ඕන පාර්ලිමේන්තුව පවත්වන්න ඕන යුරෝපා සංගමය කියන විදිහටද? අපේ නිෂ්පාදන මිළදී ගන්නා නිසා මෙපමණ දීන ලෙස මේ අයට යටත් විය යුතුද ? පසුගිය රජය මේ අය ඕනවට වඩා ළං කරගැනීමේ ප්‍රතිඵල තමා මේ
දැන් සියලුම රටවල් ලෝකය සමග එකට යායුතුය
ඒ අයට ඕන විදියටද අපි වැඩ කරන්න ඕන
හරිම වැඩක් තමයි මෙහෙම යනකොට ලංකාවේ මිනිසුන්ට වැසිකිලියට යන්නත් ජාත්‍යන්තරයෙන් අහන්න වෙයි. අවසර ගන්න වේවි මේ තත්වයට රට පත්කරලා තියෙන්නේ රට පාලනය කරපු අපේම අය නිසා තමයි
"එහෙම නියෝග දෙන්න අපි ඒ අයගේ යටත් වැසියෝද?". මේ බොහෝ දෙනෙකුගේ තර්කයයි. දේශපාලකයා සිංහයන් සේ ගර්ජනා කලද යථාර්තය නම් මේ බලවතුන්ගේ එක තීරණයෙන් රටේ බොහෝ දේ වෙනස් වන බවයි. ජාතිය සතුටු කිරීමට ආණ්ඩුව පිනට දෙයි. පිනට දීමට ආණ්ඩුව මේ බලවතුන්ගෙන් හිඟමන් ඉල්ලයි. අපේ මිනිසුන් ජීවත්වන්නේ අපි චන්ඩි කතා කියමින් හෙළාදකින බලවතුන්ගෙන් ලැබෙන හිගමනෙන් බව බොහෝ අය නොදනී.
18 වන සංශෝදනය ගෙනාවේ මහින්ද දිගටම බලයේ ඉන්න. 19 වන සංශෝදනය ගෙනාවේ කවදාවත් ජනාදිපති වෙන්න බැරි රනිල්ට අගමැති වෙලා ජනාදිපති බලතල ගන්න. ඕකයි ඇත්ත. මේ තියෙන අවුලට එකම විසදුම මහා මැතිවරණයකට යන එක විතරයි.
පටු දේශපාලන මති මතාන්තර නිසා විදේශීය රටවල් අපේ රටේ කටයුතු වලට මැදිහත් වීමක් නොවේද?
ජාත්‍යන්තරේ අගය තේරෙන්න සම්බාධක දාලා බලන්න ඕනෑ...
දැන් පෙන්වා නේද පහුගිය කාලේ මේ රට පාලනය වෙලා තියෙන්නේ කාට ඕන විදියටද කියලා...? ඉතින් ඔය මිනිස්සු බලයෙන් නෙරපපු එක සාධාරණයිද? නැද්ද?
අනේ යන්න.. රටවල් වලට ගිහින් හිඟාකන්න හොඳයි. හිඟන්නා බව අමතක වීමෙන් හිඟමන් නැතිවෙනවා. අනික මේ රට මේ ලෝකේ තියන එකක් මිසක් වහල් දූපතක් නෙමේ..
මේක තමා අපි බොහෝ දෙනෙක් පිළිගන්නට අකමැති තිත්ත ඇත්ත.
මේ ලොකු කතා දෙන අය කියන්නකෝ ඔය රටවලින් නය ගන්නෙත් නැතිව යුරෝපා සංගමයේ සමුළු වර්ජනය කරලා ලෝකල් චණ්ඩි වෙලා ඉන්න කියලා...
නැහැ හලෝ අපි පාර්ලිමේන්තුව විසිරවූ සැනින් චන්දය විමසනවා.