බිඟුන් මේනක ගමගේ
ගත වූ සතියක කාලයේදී ජනාධිපතිවරයා ගත් තීරණ හේතුවෙන් ඔහු ගැන තිබූ ප්රජාතන්ත්රවාදයේ අපේක්ෂා භංග වී ඇතැයි ද එනිසා පසුගිය වසරේදී ඔහුගේ අතින් තමාට පිරිනැමුණු දේශමාන්‍ය සම්මානය නැවතත් ජනාධිපති කාර්යාලයටම යොමු කරන්නේ යැයි සඳහන් කරමින් ආචාර්ය දේවනේසන් නේසයියා මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කර ඇත.
උදා වී ඇති තත්ත්වය මත ශ්‍රී ලංකාවට හිතැති දේශප්‍රේමියකු හැටියට සම්මානය හා සහතිකය නැවත ජනාධිපතිවරයාටම යොමු කිරීම හැර විකල්පයක් නොදකින්නේ යැයි ද ආචාර්ය නේසයියා එහි සඳහන් කර තිබේ.
වසර 60 ක සිය පරිපාලන සේවා ඉතිහාසයේදී ශ්‍රීලනිප හා එජාප යන ආණ්ඩු දෙක යටතේම තමා තාඩන පීඩනවලට මුහුණ දුන්නේ යැයි ද ඔහු එහි සඳහන් කර ඇත.
මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වූ අවස්ථාවේදී තමා හා නෑසිය මිතුරන් සියලු දෙනා දැඩි සන්තෝෂයට පත් වුව ද අද වනවිට එම හැඟීම වෙනස් වී ඇතැයි ද ආචාර්ය නේසයියා මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් ඇගයීම සඳහා පැවැති ‘ජාතික සම්මාන(2017) උළෙල‘ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පසුගිය වසරේ මාර්තු මස 20 වැනිදා පැවැති අතර ජාතිය උදෙසා කරන ලද අතිවිශිෂ්ට වූත්, ප්‍රශංසනීය වූත් සේවයට උපහාර වශයෙන් පිදෙන දේශමාන්‍ය සම්මාන 10ක් එහිදී පිරිනැමිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකනං හොඳ පාඩමක්.
රටේ යමක් කමක් තේරෙන සියලුම දෙනාට දැන් හිතිලා තියෙන්නේ මෙහෙම තමයි.
රනිල් ඉවත් කිරීමේ කිසිම අසාධාරණයක් නෑ එත් නව අගමැති තනතුර වෙන අයෙකුට දෙන්න තිබුණා
සම්මානය නම් ආපසු ඕන වෙලාවක දෙන්න පුළුවනි. අපි දීපු ඡන්දයට මොකද කරන්නේ. 2020 වෙනකම්ම ඉන්න වෙනවා. මෙතුමාට තිබෙන ගැටළුව අපටත් නැතුවා නොවේ.
මොනවටද මෙයාට ඕක දුන්නේ..?
නියම විරෝධය පෑමක්. ඔබට මගේ ආචාරය
ආචාර්ය තුමාට ප්‍රණාමය
ගරු කරනවා ඔබ තුමාට
අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බලා ඉන්න සමාජයක සිට මේ සිදුවේගෙන යන දේවල් වලට තමන්ගේ විරෝධය බුද්ධිමත්ව පෙන්වීම ගැන අප මෙතුමා අගය කල යුතුයි.
නිවට විද්වතුන් වරද දැක නිහඩව සිටිද්දී, වරද වරදක් ලෙස පෙන්වාදීමට තරම් එඩිතර වීම ඉතාමත් අගය කරමි. " නරක මිනිසුන් ක්‍රියාත්මක වීමට වඩා, හොඳ මිනිසුන් අක්‍රිය වීම වඩාත් අහිතකර "බව කොහේ හෝ කියවා ඇත. රටේ අනෙකුත් උගත් බුද්ධිමත් අයටත් ඔබමෙන්ම සවිමත් කොන්දක් ලැබේවායි පතමි.
ඉගෙන ගන්න වියදම්කරපු දුප්පත් මහජනයාගේ සල්ලිත් ආපසු දෙනවද ?
ජය වේවා නේසයියා මැතිඳුනි!
මේ විදිහට හැමෝම තීරණ ගන්නවානම් රටට හොද කලක් යාවි.
රනිල් ඉවත් කිරිම සධාරණ වුවත්, එ.ජා.ප ය ආණ්ඩුවේන් ඉවත් කිරීම අශිෂ්ට යි..නින්දා සහගතයි..
මහා බැංකුව ගැටලුවේදී, ඇමතිවරු කෝටි ගණන් වාහන ගන්නකොට නිහඬව හිටියේ ඇයි