ප්රසාද් රුක්මල්
කලු රෙදි වලින් මුහුණු ආවරණය කරමින් පළාත් සභා මාසික රැස්වීමට පැමිණි ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස ඉල්ලා අද (08) සිය විරෝධය පළ කළහ.
හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතාට අගමැතිකම ලබාදෙන ලෙසටත් කථානායකවරයාගේ තීරණය වහා ක්රියාත්මක කර ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන ලෙසටත් ඔවුහු ඉල්ලා සිටියහ.
ඌව පළාත් සභාවේ මාසික රැස්වීම සභාපති ඒ. එම්. බුද්ධදාස මහතාගේ ප්රධානත්වයෙන් අද (08) පෙරවරු 10.20ට පළාත් සභා ශාලාවේදී ආරම්භ කෙරිණි.
රැස්වීම ආරම්භ වීමත් සමඟ මෙම මන්ත්රීවරුන් මුහුණු ආවරණය කර ගනිමින් කෑකෝ ගසමින් සභා ශාලාවට පැමිණ ඇතැයි වාර්තා වේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔය පුටුවල වාඩිවන්න අය නැතිනම් අපේ දුප්පත් ගමේ ඉස්කෝලෙට එවන්නකෝ. පින් සිද්ද වෙයි...