ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කැඳවූ පසු පැවැත්වීමට නියමිතව තිබෙන ඡන්ද විමසීම ප්‍රතික්ෂේප කරන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව දැඩි විමසිල්ලෙන් හා අවධානයෙන් පසුවන බව මෙරට ඕස්ට්‍රේලියා මහ කොමසාරිස්වරයා ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් මහතා නිකුත් කළ එම ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්වේ.
“ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කැඳවූ පසු විශ්වාසය පළ කිරීම සඳහා පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම වළක්වන බවට වාර්තා පළ වෙනවා. ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව දැඩි විමසිල්ලෙන් හා අවධානයෙන් පසුවෙනවා”.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිට රැටියන් අපේ රටේ කටයුතුවලට ඇඟිලි ගැසීමට ඉඩ තියන්න එපා.
අපිත් ඔයාලා ඕස්ට්‍රේලියාවෙ ස්වදේශික ජනතාවට සලකන හැටි ගැන සෝදිසියෙන් ඉන්නෙ
විදේශ රටවල් නොතිබෙන්න අවනීතිය රජකරවනවා තවදුරටත්...