අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර
අගමැතිවරයා පත්කළ ආකාරය සුදුසු නැතැයි විරෝධය දක්වමින් කලූපටි සහ කලූ පැහැති සාටක පැළඳ ප්රාදේශීය සභා මාසික රැස්වීමට පැමිණි එක්සත් ජාතික පක්ෂ සභිකයන්ට සභා ගැබෙන් ඉවත්වන ලෙස කොළොන්න ප්රාදේශීය සභාවේ සභිපතිවරයා කළ නියෝගයත් සමඟ අද (8) පෙරවරුවේ පැවති එම ප්රාදේශීය සභා මාසික රැස්වීම උණුසුම්කාරී විය.
කොළොන්න ප්රාදේශීය සභාවේ මුළු සභික ගණන 20කි. ශ්රී ලංකා පොදුජන පෙරමුණට සභාපතිවරයා සමඟ සභිකයන් 11කි.
එක්සත් ජාතික පක්ෂයට සභිකයන් 6කි. ජනතා විමක්ති පෙරමුණට සභිකයන් 2කි. එක්සත් ජනතා නිදහස් සංවිධානයට එක් සභිකයෙකි.
සභාපති ටී.රූපසේන මහතාගේ ප්රධානත්වයෙන් අද (8) පෙරවරු 10.00ට පමණ කොලොන්න ප්රාදේශීය සභාව රැස්විණි.
එක්සත් ජාතික පක්ෂයේ සභිකයන් හය දෙනා කලූපටි සහ කලූපාට සාටක පැළඳ සභාවට පැමිණේදී ඔවුන් සමගම එක්සත් ජාතික නිදහස් සන්ධානයේ සභිකයා ද සභාවට පැමිණියේ ය.
එක්සත් ජාතික පක්ෂයේ සභිකයන් පැවසුවේ රට තුළ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කළ යුතු බවයි. වර්තමාන අග්රාමාත්යවරයා පත් කිරිම ප්රජාතන්ත්ර විරෝධී බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සභාපති කොහොමද ඒ නියෝජිතයන්ට පිටවෙන්න කියන්නේ? මොකෝ කොලොන්නාවේ ආදිපාදතුමාද?
මොළයක් ඇති පිරිස් නම් කළ යුත්තේ නීති මාර්ගයෙන් කටයුතු කිරීම මිස විරෝධය දැක්වීම නො වේ ..