(ඩයනා උදයංගනී)
තමන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට ඉකුත් 28 වැනි දා ගිය අවස්ථාවේ ඇතිවූ සිද්ධියට වගකිව යුතු කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව හිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
එදින ඇතිවූ සිද්ධියේදී තමා හෝ තමන්ගේ ආරක්ෂකයින් ගැටුමක් ඇතිකර නොගත් බවත්, ගැටුමක් ඇතිකලේ නාගරික මන්ත්‍රීවරයෙක් ඇතුළු තෙල් සංස්ථා භූමියට පිටතින් පැමිණි පිරිසක් බවත් සිද්ධිය දැක්වෙන සී.සී.ටී.වී කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී හොඳින් පැහැදිලි වන බව ද හිටපු ඇමැතිවරයා සදහන් කළේය.
තමන් අද ජීවත්ව සිටින්නේ තමන්ගේ ආරක්ෂක නිලධාරියා නිසා බව කී ඇමතිවරයා තමා නිදහසේ සිටියදී ඔහු සිරගතව සිටීම ගැන මෙන්ම සිද්ධියට වගකිව යුතු කිසිවෙක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම ගැන කණගාටු වන බව ද කීවේය.
මෙම සී.සී.ටී.වී කැමරා දර්ශන මාධ්‍ය වෙත මුදාහැරීමට තමන් තීරණය කළේ ඉන්පසු හෝ තමාට සාධාරණයක් වනු ඇතැයි යන අපේක්ෂාවෙන් බව ද හිටපු ඇමතිවරයා පැවසුවේ කොළඹ දී අද (8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
වීඩියෝ දසුන් නැරඹීමට පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක තමයි කියන්නේ ඔබතුමාගේ ලොක්ක අවුරුදු 4 ක්ම ආරක්ෂා කළාට, මේගොල්ල එහම නැහෙ. දැන් තේරනවද වෙනස?
බලපෙරලිය කලේ එවැනිදේ කරන්න කියලයි අපිට හිතෙන්නෙ
අපි ඔබ සමගයි . ආරක්ෂක නිලධාරියකු දෙන්නේ තුවක්කුවක් සමග ඔබගේ ජීවිතය ආරක්ෂා කිරීමටයි , නැතිනම් කාගෙන්වත් මැරුම් කන්න නෙවයි .
පොඩ්ඩක් රෙස්ට් කරන්න... 14 වෙනිදාට පස්සේ අපි සේරම ගම්මු... ඔය ඉන්නේ .. ඒ අය මැරුණේ නැහැනේ. කොකාගේ වාරේ 14න් ඉවරයි.
ගන්න ඕනෑ කෙනා ගත්තා එක්ස්ප්‍රස් අැප අරන් තවත් ගන්න අහන්නේ.. එ්කත් සේවකයින්ගේ පිටින් යවන්නද...? කොහොමත් පොලිසිය නම් ෂුවර් නැහැ.. මෙයා යූ.එන්.පී., අරයා පොහොට්ටුවේ... හැබැයි අගමැතිතුමනි, නීතිය නමන්න එපා. පසුගිය වැරදි, නිවැරදි කරාවි කියන විශ්වාසය මිනිසුන් තුළ තියෙනවා. මෙයා ඉන්න ඕනේ එළියේ නෙමෙයි... දුමින්ද සිල්වාගේ ක්‍රියාවට වඩා බරපතලයි මේක...
කවුද නාගරික ඇමති?
තමන්ට හෙල්ප් කිරීමට පැමිණි හෙන්චයියලා අත්අඩංගුවට ගන්නේ මොළයක් නැති ගොබ්බයින් බව ඔබ තවම නොදන්නේද?
මහත්මයා තව ටික දිනක් ඉවසා ගෙන ඉන්න.
එක්කෙනෙක්ව අරන් තියෙනවා.