විනීතා එම් ගමගේ
ජනාධිපතිවරයා විසින් 2015 දී අගමැති රනිල් පත් කළ ආකාරය නීතිවිරෝධී වන බවත් මෙවර ජනාධිපතිවරයා විසින් අගමැතිවරයකු පත් කරන්නේ ඒ ආකාරයෙන්ම බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩි. යු. ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.
එදා ගොවි පුතෙකු වූ දිමු ජයරත්නට අගමැති අසුන නීතිවිරෝධී ලෙස අහිමි කරද්දී නිහඬව සිටි බලවේග අද ඒ අයුරින්ම රනිල් ඉවත් කරද්දී දැඩි විරෝධය පළ කරන්නේ ඔහු කොන්සර්වේටිව් නියෝජිතයකු වන බැවින් යැයි ද ගුණසේකර මහතා කියා සිටියේය. මෙහි පවතින්නේ පන්ති ප්‍රශ්නයක් යැයි ද ඔහු කීය.
මේ අගමැතිවරු දෙදෙනාගේම පත් කිරීම් එකම වගන්තිය යටතේ සිදුකර ඇති පත්වීම් දෙකක් බවත්, 19 වැනි සංශෝධනය යටතේ ජනාධිපතිවරයා සතු එම අයිතිය වෙනස් වී නැති බවත් කී ගුණසේකර මහතා ජනාධිපතිගේ පරමාධිපත්‍යයට අභියෝග කරන්නට නොහැකි කියා සිටියේය.
එදා විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා නම් රනිල් ගෙදර යන්නේ එදාම යැයි ද ගුණසේකර මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරයාට තනි පුද්ගලයකු ලෙස ජනතාව බලය දී ඇතැයි ද එවැනි බලයක් අගමැතිවරයාට දී නැතැයි ද කී කොමියුනිස්ට් පක්ෂ ලේකම්වරයා අගමැතිවරයා යනු මන්ත්‍රී 225 න් එක් අයෙකු පමණක් යැයි ද පෙන්වා දුන්නේය.
පවතින ප්රශ්නය වන්නේ තම අගමැති තනතුර අහිමි කිරීමට විරුද්ධව රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට නොයන්නේ මන්ද යන්න යැයි ද එයට මෙතෙක් එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙක් හෝ පිළිතුරු දී නැතැයි ද ගුණසේකර මහතා කියා සිටියේය.
අපේ රට පාර්ලිමේන්තු ක්‍රමයට මෙතෙක් ගොස් නැතැයි පැවසූ ඔහු එසේ පාර්ලිමේන්තු ක්‍රමයකට යෑම වළක්වනු ලැබුයේ රනිල් මහතා බවත් කීය.
ජේ ආර් ජයවර්ධන මහතා ගේ සිට මහින්ද රාජපක්ෂ මහතා දක්වා සියලූ ජනාධිපතිවරුන් කළ දේ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නොකරනු ඇතැයි සිතිය නොහැකි යැයි ද හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.
වත්මන් දේශපාලන අර්බුදයේ දී කථානායකවරයාගේ හැසිරීම ඉතා නින්දා සහගත යැයි පැවසූ ගුණසේකර මහතා මොලමුරේ මහතා ගේ සිට කරු ජයසූරිය මහතා දක්වා කථානායකවරු අතර අනුර බණ්ඩාරනායක වැනි ඓතිහාසික තීන්දු දුන් කථානායකවරු ද සිටියේ යැයි ද කීය.
කල් දමා ඇති පාර්ලිමේන්තුවක් නැවත කැඳවන තුරු ඔහුට එවැන්නක් කරනු නොහැකි බවත් කරු ජයසූරිය මහතා සිරිකොත සාමාජිකයෙක් ලෙස කටයුතු කරන නමුත් කථානායකවරු පක්ෂයෙන් ඉවත් වන බව ද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල්ල ලැහැස්තියි කඩේ යන්න. මේ කොමියුනිස්ට් වාදියෝද? කොමියුනිස්ට් වාදියෝ වහ කනවා දන්නවා නම්...
ඩී. යු. ගුණසේකර,..ගැටළුවක්ද?
මෙය සත්‍යයක් නොවේ. දීමු ඉවත් කිරීමට පෙර එවකට ආණ්ඩුවේ සභානායක හා අනෙකුත් මන්ත්‍රීවරු තමන්ට බහුතරය නොමැති බව ප්‍රසිද්ධියේ පිළිගත් අතර විරෝධය පෑමක් ද නොවිය. පවිත්‍රා, අනුර යාපා, ඩිලාන්, සුමේධා සහ තවත් අය රනිල් යටතේ ඇමතිකම්ද ලබා ගත්තේය. මේ තත්වය එදාට සමාන කිරීම මෝඩ ප්රයත්නයකි. ප්‍රධානම කාරණය වන්නේ දීමු තමාට බහුතරය නොමැති බව පිළිගැනීමයි.
ගොවි පුතා නෙමේ...
සුපුරුදු වාමාංශික ප්‍රලාප අවනීතිය සාධාරණය කරන්න.
දිමු ජයරත්න මහතා ඉවත් කරන ලද්දේ නීත්‍යානුකූලව පසුගිය ව්‍යවස්ථාව යටතේ මේ ව්‍යවස්ථාව යටතේ අගමැති ඉවත් කළ නොහැකියි...
ඕනම දෙයක් මතක හිටින්නේ දවස් 7යි. 2015 මැතිවරණයේදී මෛත්‍රී ජනපති වුනොත් රනිල අගමැති කරනවා කියල ඡන්ද රැස්වීම්වල කිව්වා. ජනතාව ඡන්දය දුන්නේ ඒනිසා. මෙවර අගමැති පත්කලේ ඡන්දයකින් පසුව නොවේ.
එකනේ ඉතිහාසය නැවත සිද්ද වෙනවා කියන්නේ. හැබැයි ඒගොල්ලෝ නම්බු ඇතිව ගියා.
19 වෙනි සංශෝදනය ඇත්තටම පාස් උනාද?
19 ට පෙර ජනාධිපතිවරයට එවැනි බලතල තිබූණා. නමුත 19 න් අගමැති පත්කිරිම කල හැකි වුවත් ඉවත් කිරීම ජනාධිපතට කල නොහැක.එසේම හිටපු ජනිධිපතිවරයා මහජනතාව විසින් ජන්දයකින් ඉවත් කලවිට ඔහුට සහායට සිට කැබිනට්ටුව සහ එහි ප්‍රධානිය වන අගමැති ද නිතතිතිනම ඉවත්වේ. තවද සිරිසේන ජනාධිපති අපේක්ෂකයා ජනතතාව ජනාධිපතිවරයට පෙර රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත් කරන බව ජනතාවට ප්‍රකාශ කලා එම සමය තුල එම ප්‍රකාශය වැරදි බව කිවිවෙත් නැත
මේ තරම් බුද්ධිමත් මිනිස්සු ඉන්න රටක් මන්ද තවම දුප්පත්...
වයසට යනකොට ඔහොම තමයි. සිරිසේන ජනාධිපතිවරයා දී. මු ජයරත්නව ගෙදර ඇරියේ පරණ ව්‍යවස්ථාවෙන් 2015 ජනවාරි 9. 19 වෙනි සංශෝදනය ආවේ 2015 අප්‍රේල් 22. ඒ හින්ද කරපු වැඩේ නීති විරෝධියි, ගුණසේකර උන්නැහේට 5 පන්තියේ ළමයෙක්ගෙන් අහන්න කියන්න.
අසව්'''' අසව්'''' මේ ශ්‍රී ලංකාදීපයේ දේශපාලකයෙක් . 19 ව්‍යවස්ථා සංශෝධනය දන්නෙත් නැහැ , කියවලත් නැහැ වගේ . එතකොට තිබුනේ 18 , අනික ජාතික රජයක් ගොඩ නගා දින 100 වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න තමයි වික්‍රමසිංහ මහතාව අගමැති හැටියට පත් කලේ . ඒ ගැන අවබෝදයක් ඇතිව , පට්ටම් ලබා ගැනීම සදහා හිටපු මැති ඇමතිවරු නිශ්ශබ්දව රාජකාරි කළා . නැතිනම් වහාම විශ්වාස භංගයක් ගෙන්න තිබුනානේ . ඒක නේද ඇත්ත . අනික එක්සත් ජනතා නිදහස් සන්දානයේ නායකත්වය සිරිසේන මහතා අතට පත් වුනා නේද ? එතකොට ඒ ආණ්ඩුවේ අගමැති වික්‍රමසිංහ . දැන් එකයි මේ කෙරුවාවයි එකද ? එහෙම වෙද්දී දැන් ක්‍රියාත්මක වෙන්නේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය . දැන් 18 වලංගු නැතිය . හරිය .
දි.මු ඉවත් කිරීමට ජනාධිපති රටට කිව්වා රනිල් අගමැති කරනවා කියලා..
අපි නොදන්නවට ලෝකේ කියමනක් තියනවා "සිදුවන හැම දෙයක්ම යම් කාල පරාසයක් තුල නැවත නැවතත් සිදුවෙනවා" කියලා. ප්‍රශ්නේ තියෙන්නේ නූගත් මිනිසුන්ට එදා වූ දේ අද වෙද්දී තණ්හාව නිසා උහුලාගෙන බලා ඉන්න බැරිවීමයි...
19 වැනි ව්‍යවස්ථාව අනුව අගමැතිවරයෙක් ජනාධිපතිතුමාට ඉවත් කලකල හැකිද ? පත් කිරීම කෙසේවෙතත්. අගමැතිවරයා සිටිනවිට කෙසේද තවත් කෙනෙක් පත් කරන්නේ?
උවමනා වෙලාවට කබරයා තලගොයා වෙනවලු නේ !!