නාලක සංජීව දහනායක
අවශ්‍යතාවයක් ඇත්නම් නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය පැවරී ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (7) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පැවසූ බව සන්ධානයේ ප්‍රකාශකයෙක් පැවසීය.
එහෙත් නව රජයට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිව තිබෙන බැවින් මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ද අගමැතිවරයා පැවසූ බවද එම ප්‍රකාශකයා කීවේය.
නව අගමැතිවරයකු පත්කිරීමට මූලික වූ කරුණු පිළිබඳව ජාත්‍යන්තරය දැනුවත් කර තිබෙන බවත් නව රජයට ජාත්‍යන්තරය සහය ද නොවඩුව ලැබෙන බවත් එබැවින් රජය පිළිබඳව කිසිම සැකයක් තබා නොගත යුතු බවත් ජනාධිපතිවරයා පවසා ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (7) පස්වරුවේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
එමෙන්ම කතානායකවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව හා කතානායකවරයා සම්බන්ධයෙන් ගනුලබන ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකාච්ඡා කළ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොහොතේ බහුතරය මහින්ද රාජපක්ෂ මහතාට නිසා ඔහු අගමැතිවරයා වේ. ලබන මාසේ මන්ත්‍රී අඩු වැඩි වීම අනුව අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා වේද? මේ ප්රජාතන්ත්රවාදය නම් තේරුම් ගැනීම පහසු නැත.
ඔබතුමාට නම් අවශ්‍ය නැහැ නමුත් අපට අවශ්‍යයි එක .එ් ඔබතුමාව අපේ ඡන්දයෙන්ම පත් කර ගන්න ඔනා නිසා. ඔය මොකා කෑගැවුවත් ඡන්දයකට උන් බයයි. ඡනදය දෙන්න ඉතුරු හරිය ජනතාව බලා ගනී.. අපිත් විදෙස්වල හිටියට මෙවර නම් අනිවාර්යයෙන්ම එනවා ඔබතුමා වෙනුවෙන් ඡනදය දෙන්න.
"එහෙත් නව රජයට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිව තිබෙන බැවින් මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ද අගමැතිවරයා පැවසූ බවද එම ප්‍රකාශකයා කීවේය." ඒ කියන්නේ 113 නැත්තම් පාර්ලිමේන්තුව විසුරුවා ප්රජාතන්ත්රවාදයට පටහැනිව කොහොමහරි බලය ගන්නවා කියන එක නේද
ඔව් ඔව් මහින්ද මහත්තයෝ ඔයා කියන විදියටම වෙයි.....
18 ද කියෙව්වේ?
2002දී මේකම වුනා. පාර්ලිමේන්තුව විසුරුවලා මැතිවරණයකට යන එක ප්රජාතන්ත්රවාදය නෙවෙයිද? එජාපය මැතිවරණයට බයද?
ඔබ තුමාට අනවශ්‍ය උනාට රටේ අනිත් බොහෝ දෙනෙක්ම ඕනෑ කියල නේද කියන්නේ?
එක නේ කියන්නේ. පාර්ලිමේන්තුව විසුරුවාහැර පැවැත්වෙන ඡන්දෙන් පැරදුනාම දෙන්නටම වෙන්නේ මදමුලනටත්, පොලොන්නරුවටත් ගිහින් කරපු පව් සමා කරගැනීම සඳහා භාවනා කරන එක විතරයි......