( තිළිණි ද සිල්වා )
පවතින දේශපාලන අර්බුදය විසඳීම සඳහා වහාම පාර්ලිමේන්තුව නැවත කැඳවීමට පියවර ගන්නා ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය යළිත් වරක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
පාර්ලිමේන්තුව කැඳවීම ප්‍රමාදවීම තුළින් ශ්‍රී ලංකාවේ කීර්තියට හානි සිදුවන අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හේදර් නයර් මහත්මිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
රට තුළ යහපාලනය හා ස්ථාවරත්වය ඇති කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාව පෙන්වා දුන්නාය.
මේ අතර ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ කණස්සල්ලට පත්ව සිටින බව බ්‍රිතාන්‍යය පවසයි.
බ්‍රිතාන්‍යයේ ආසියා හා පැසිෆික් කලාපීය අමාත්‍ය මාර්ක් ෆීල්ඩ් මහතා පෙන්වා දෙන්නේ බ්‍රිතාන්‍ය කටයුතු කරනු ලබන්නේ රජයන් සමඟ නොව රාජ්‍යයන් සමඟ බවයි.
බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගනු ලබන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට එල්ල වූ පැනයකට පිළිතුරු ලබාදෙමින් මාර්ක් ෆීල්ඩ් මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පවතින දේශපාලනික ගැටලුව නිරාකරණය කරගන්නා ලෙස තමන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගෙන් සහ කථානායකවරයාගෙන් ඉල්ලා සිටි බව ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලෝ කොහොමද අපේ රටට අණ කරන්නේ මේ විදිහට අනික පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම ව්‍යවස්ථානුකූලයි
අපි ස්වාධීන රාජ්‍යක් කියලා මේ හැමෝටම අමතක වෙලාද? අපේ දේට ඇගිලි ගහන්නේ හැමවෙලාවෙම
කැඳවලා තියෙද්දී තව මොකක්ද මේ කියන්නේ? සමනළ රෑන මකබෑවිලා පලයව්. තරු 20ක විතර ප්රජාතන්ත්රවාදයක්ද අපෙන් බලාපොරොත්තු වෙන්නේ...? අපේ රටේ මිනිසුන් හිටපු අගමැතිට කැමැති නැහැ.
ඇමරිකාවේ ප්‍රශ්න ගොඩක් තියනවා... ෂූටින්ග්, කුඩු, අපචාර කළුජාතික කෙනහිලිකම්, මානසික ලෙඩ්ඩු, පරිසර දූෂණ, දූෂණ වංචා ඉතින් මේවා ගැන මේ ගොල්ලන්ට හොයන්න කාලය නැද්ද?
මේක අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. පිටරට වලින් කොහොමද අපේ රටේ අභ්‍යන්තරික ප්‍රශ්නවලට අැඟිලි ගහන්නේ? කොන්ද පණතියෙන නායකයෙක් අපේ රටට ඕනෑ. එදා 2009 යුද්ධය අවසන් කරන මොහොතේත් අපි ජාත්‍යන්තරයට ඔලුව පහත් කළානම් අද අපේ රට පාලනය කරන්නේ එල්ටීටීඊ එකයි..
සමන් ගමගේ. ඔහෙට සිංහලවත් කියවලා තේරුම් ගන්න බැරිද? කොහෙද.. කවුද.. කාටද අණ කරලා තියෙන්නේ?
අපි කන්නේ බොන්නේ ඔක්කොම පිට රටවලින් දෙන දේවල් සහ ආධාර වලින්. අපේ රටේ මොනවද නිෂ්පාදනය කරන්නේ? ජාත්‍යන්තරේට අයිතියක් තියෙනවා හොයලා බලන්න මොකද වෙන්නේ කියලා... මේ ලෝකේ තනියම රටක් විදියට මුකුත් කරන්න බැහැ. මේවා තේරුම් ගන්න හැමෝටම බැහැ..
මෙයාලා හරියට ගමේ චන්ඩි වගේනේ වැඩ කරන්නේ. අපිට ජාත්‍යන්තරයෙන් කොන් වෙලා තනියෙන් ඉදිරියට යන්න අමාරු බව දැනගෙන මෙහෙ ඡන්දවලට පෙරේත කමේ ඕන බලුවැඩක් කරනවා
ලංකාවේ යුද්ධය ඉවර කරන්න කිට්ටු වෙනකොට මේ විදියටම තමයි බටහිර රටවල් බලපෑම් කලේ.
ජනතාව මහන්සිවෙලා තමන්ගේ. ජිවන වියදම. හොයාගන්නවා. ,නමුත් ආණ්ඩුව කිසිම. මහන්සියක් නැතිව. මුදල්. බිලියන ගණනින් , ගන්න. යන්නේ. විදේශයට අනුන්ගෙන් කනකොට. ප්‍රශ්න. වැඩියි නොකත් බැහැ , ඉතින් මෙරටවල් නය ගනුදෙනු. කරපු කෙනා. අවුලක. ඒ. වෙලාවේ අයි. පිහිට වෙන්න. බැරි ණය, ඕනවුනා නම් විතරද මේ රටවල් වලට. කතා. කරන්න. පුළුවන්. ව්‍යවස්ථාව වැඩිය. ලොකු. බැදීමක්. තියෙන්නේ. මේරටවල් අතර. , දැන්. අපේ. කට්ටිය. තනියම. කරගන්නම්ලු වසංගත රෝගයක් පතිරුනොත්. බෙහෙත්. පෙත්තක්වත්. ලග. තියෙනවද
වැඩිය ඇමෙරිකාවට බනින්න එපා.. පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත් ඇමෙරිකානු පුරවැසියෙක්
වදයක් නොවී ඉන්නවද .?බයවෙන්න එපා අපි ගත් ණය ආපසු පොලි සමග දෙනවා.
අවාසනාවකට ඔය රටවලට අපිට බලපෑම් ඇති කළ හැකියි. ඊට හේතුව නම් ඇඟලුම්, තේ, කෘෂි භෝග වැනි අපේ අපනයන සඳහා අප මේ රටවල් වල ආර්ථිකය සමග බැදී සිටිනවා. එමෙන්ම ලංකාවට අද වැඩියෙන්ම සංචාරකයින් පැමිණෙන්නේ එංගලන්තය වැනි බටහිර රටවලිනුයි...
රට පාවා දෙමුද? අපේ ප්‍රශ්න අපිම විසඳා ගනිමුද?
අපි ඇමෙරිකාවේ කොලොනියක් නොවේ...
අපේ රට ඇමෙරිකාවේ කොලිනියක් නොවේ. අපට හොඳ නායකයෙක් ඉන්නවා.
ලංකාව තියෙන්නේ ලෝකේ ඇතුලේ මිසක් ලෝකේ තියෙන්නේ ලංකාව ඇතුලේ නොවන බව අප තේරුම් ගත යුතුයි. රටේ අපනයනයන්ගෙන් 65% ක් ඇමරිකාවට යවලා ජීවත්වෙන ජාතියකට ඒ ආදායම නැති උනොත් ඇතිවෙන තත්වෙට මුහුණ දෙන්න පුලුවන්ද කියලත් හිතලා බලන්න වෙනවා.