(රංජන් කස්තුරි)
බදු අභියාචනා කොමිෂන් සභාව අද (8) සිට ක්‍රියාත්මක වන පරිදි නැවත ක්‍රියාත්මක බව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
බදු අභියාචනා කොමිෂන් සභාව කලක් තිස්සේ අක්‍රීයව පැවැති අතර නව මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එම කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කර තිබේ.
ඒ අනුව විනිශ්චයකාර හෙක්ටර් යාපා මහතා බදු අභියාචනා කොමිෂන් සභාවේ සභාපතිවරයා වන අතර විනිශ්චයකාර සුනිල් රාජපක්ෂ , හිටපු විගණකාධිපති එස්.ස්වර්ණජෝති යන මහත්වරු එහි සෙසු සමාජිකයෝ වෙති.
2011 අංක 23 දරන බදු අභියාචනා කොමිෂන් සභා පනත යටතේ පිහිටුවා ඇති මෙම බදු අභියාචනා කොමිෂන් සභාව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හෝ රේගු අධ්යක්ෂ ජනරාල්වරයා හෝ සමඟ බදු ගෙවන්නෙකුට ඇතිවන යම් ආරවුලක් ඉක්මනින් විසඳා ගැනීමට අවස්ථාව හිමිවේ.
බදු ගෙවන්නෙකුට තමන්ගේ වාර්තාව අනුව ගෙවිය යුතු යම් බද්දක් , ගාස්තුවක් හෝ අයකිරීමක් පැනවීම හා අදාළ යම් කාරණාවක් සම්බන්ධ දුක්ගැණවිල්ලක් තිබේ නම් ඒවා බදු අභියාචනා කොමිෂන් සභාවට යොමු කළ හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නිකන් වක්කඩේ හකුරු හංගනවා වගේ දේවල් 14 වෙනිදා පැරදුණාම මේවත් අහෝසි හොර අගමැතිත් අහෝසි ඇමතිලත් අහෝසියි. කමක් නැහැ තාවකාලික සතුට වෙනුවෙන් මේවා පිහිටුවා ගත්තාවේ... ඉක්මනින් ගණිකාවනුත් නීති ගත කළානම් හොඳයි..