(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරයාගේ ක‍්‍රියාකලාපය සාධාරනීකරණය කරමින් නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යූ. ආර්. ද සිල්වා මහතා ඔහුගේ තනතුර අවභාවිතා කරමින් සිටින බව නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා කොළඹදී අද (11) පැවැසීය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා නීතීඥයෝ සංවිධානය පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවත්වූ මාධ්‍ය හමුවකදි ඔහු මේ බව සඳහන් කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා මෙසේද කීවේය.
‘‘නීතීඥවරුන්ගේ මතය අධිකරණයේ මතය වෙන්නේ නැහැ. බොහෝ නිතීඥවරුන් කටයුතු කරන්නේ තමන්ගේ දේශපාලන අභිමතාර්ථ ඔලූවේ තියාගෙන. නීතීඥ සංගමයේ සභාපතිවරයා මේ අවස්තාවේදි කරන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ක‍්‍රියාකලාපය සාධාරණිකරණය කරන එකයි.
යූ. ආර්. ද සිල්වා මහතා හෝ වෙනත් කවුරුත් කියන කාරනා මත ජනතාව අතරමං විය යුතු නැහැ. මේ සම්බන්ධයෙන් නියම අර්ථ නිරූපණය කිරිමේ හැකියාව තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි’’ යැයිද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි ලැබෙනවා නම් නීතිඥයෝ ඕනේ පැත්තකට කතාකරනවා. මෙයා එජාපෙට කතාකරන කෙනෙක් ඉතින් මෙයාගේ කතාවෙත් විශේෂත්වයක් අපිට නැත. මෙයා අපිට තවත් නීතිඥයෙක් පමණයි.
නීතිඥයින් කවදත් මුදල වෙනුවෙන් ඕනෙම අපරාදයක් කල පුත්ගලයන් නිදොස් කොට නිදහස් කරලීම සඳහා කටයුතු කරයි. ඔහුගේ කාර්යය වන්නේ ලැබෙන මුදල මත සේවය කිරීම මිස ලොවට, ජනතාවට සාධාරණය කිරීම නොවේ. වරප්‍රසාද, වරදාන වෙනුවෙන් ජීවිතය කැප කරන මොවුන් අද මෙසේ හැසිරීම අරුමයක් නොවේ..
ඉවසන්න, ඉවසන්න. ගරු අධිකරණය තීරණයක් දේවී.
නොදන්නාකම නිසා අහන්නේ. මට දවසක් ප්රවෘත්ති වෙලාවක ඇහුනා යම් කරුණකදී අධිකරණය නිතීඥ සංගමයේ අදහස විමසනවා කියලා. දැන් ඔය පැමිණිලි කරනවා කියන පැමිණිලි වලටත් එහෙම වුනොත්?
100% ක් එකඟයි.