හර්ෂණ තුෂාර සිල්වා
නීතියේ ආධිපත්‍යයට සහ අදාළ නෛතික ක්‍රියාවලියට අනුව යමින් අර්බුද විසඳා ගන්නා ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට සහ ආයතනවලට ගරු කිරීම ඉතා වැදගත් බවත් ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා සඳහන් කර ඇත.
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මීට පෙර ද ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබූ අතර මහලේකම්වරයා නොවැම්බර් 1 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දුරකතන ඇමතුමක් දෙමින් වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා ද කළේය.
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
“ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හරමින් 2019 වසරේ ජනවාරි 5 වැනිදා මැතිවරණයක් පැවැත්වීමට තීරණය කර ඇති බව දැනගන්නට ලැබිණි.
නීතියේ ආධිපත්‍යයට සහ අදාළ නෛතික ක්‍රියාවලියට අනුව යමින් අර්බුද විසඳා ගන්නා ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට සහ ආයතනවලට ගරු කිරීම ඉතා වැදගත් බවත් පෙන්වා දිය යුතුයි.
සාමය සුරක්ෂිත කරන අතරවාරයේදීම ශ්‍රී ලංකාව ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කළ යුතුයි. එමෙන්ම මානව හිමිකම්, යුක්තිය හා සාධාරණත්වය සහ ප්‍රතිසන්ධානය පවත්වාගෙන යා යුතුය. එම කරුණු වෙනුවෙන් කළ කැපවීම් හා ප්‍රතිඥා ද දිගටම පවත්වාගෙන යා යුතුයි”.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ප්රශ්නය තමයි රටේ ජනතාවට ඉදිරිපත් කරලයි තිබෙන්නේ. එමනිසා එය ඔවුන්ට විසඳගන්න ඉඩදීලා ඔයගොල්ලෝ පැත්තකට යන්න. රනිල් කියන පුද්ගලයාට ඉතිහාසයේ කවමදාකවත් අවුරුදු 5ක් රට පාලනය කරන්න බැරිවුණා.
මේ රටේ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදී තීරණයක් ගැනීමට ඉහළම පරමාධිපත්‍යය සතු රටේ ජනතාවට භාර දීලයි තියෙන්නෙ. ඒ තීරණය ලැබෙන තෙක් පොඩියක් ඉවසමු.
ඡන්ද මුකුත් තියන්නේ නැතිව සුද්දන්ට කඩේයන රනිල් අගමැතිකමේ හැමදාටම තියාගෙන හිටියානම් ඔය ජාත්‍යන්තරේ කියන බූරුවන්ට කිසිම ප්‍රශ්නයක් නෑ.