ජයන්ත සමරකෝන්
බදුල්ල බන්ධනාගාරයේ මරණ දඬුවම නියමව සිටි මොහොමඩ් නව්ෆර් නොහොත් ‘පොට්ට නව්ෆර්’ නමැත්තා දුම්බර බන්ධනාගාරයට මාරුකර යවා ඇත.
ආරක්ෂක හේතුන් මත මෙම පියවර ගත් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී පැවසීය.
මීට වසර 3කට පෙර එවකට පිහිටි බෝගම්බර බන්ධනාගාරයේ දී පලා යාමේ සැලසුමක් හෙළිවීම නිසා බදුල්ල බන්ධනාගාරයට මාරු කර යවන ලද නව්ෆර් නමැත්තා මෙහිදී ද පලායමේ සැලසුමක් පිළිබඳව හෙළි වූ තොරතුරු මත මෙම දුම්බර බන්ධනාගාරයට මාරු කර යැවූ බවද එම නිලධාරියා කීය.
හිටපු මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොට්ට නව්ෆර් ඇතුළු කිහිප දෙනෙකුට මරණ දඬුවම නියම වූයේ 2004 වසරේ අගෝස්තු 4වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොට්ටයාව කරුවල කාමරේකට දාලා වහලා තියන්න.
මේ කාලකන්නි රටට මහා බරක්... බන්ධනාගාරයෙන් පලායාමට තැත්කළොත් මෙවැනි අයට වෙඩි තැබිය යුතුයි.
පොඩ්ඩක් ඉවසන්නකෝ!!! තනියට පොට්ට සිරාව එවන්න ඉක්මණින්...