(ඩයනා උදයංගනී)
නව අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු රජය පිළිගන්නා බව මුලදී ප‍්‍රකාශ කළ කතානායකවරයා දැන් කාගේ හෝ බලපෑමකට යටත් වී 14 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම අවුල් කිරීමට සැරසෙන්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
කතානායකවරයා මේ වන විට එක්සත් ජාතික පක්‍ෂයේ දේශපාලන ක‍්‍රියාවක නිරත වෙමින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, නීතිරීති හා සම්ප‍්‍රදායන්වලට පයින් ගසා දඩබ්බර ක‍්‍රියාවක යෙදීමට උත්සාහ කරන බව පෙනෙන්නේ යැයි ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ කාටද විමසා ඡන්ද පැවැත්වීමේ හැකියාවක් නොමැති බව කී ඇමැතිවරයා විශ්වාසභංගයක් මගින් හෝ රජය ඉදිරිපත් කරන අතුරු සම්මත ගිණුම පැරදවීමෙන් බහුතරය පෙන්වීමේ හැකියාව රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාර්ශවයට තිබෙන බව ද කීවේය.
ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ කොළඹ, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.
ඡායාරූප - ඉෂාන් සංජීව


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නින්දෙන් අහැරිලාද කතා කරන්නේ? රට අවුලෙන් අවුලට පත්කෙරුවේ කවුද? කතා කරන්නේ කටින්ද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිලෙස ජනාධිපතිවරයාට අභියෝග කරමින් රට ලේ විලක් කිරීමට කුමන්ත්‍රණය කරන කථානායකවරයා වහාම අත්අඩංගුවට ගෙන නීති මගින් ක්‍රියා කළයුතුය.
කොහොමත් නිදාගන්න එකනේ....
අර අනික් තුරුම්පු ගැහුවාම කට්ටියටම යන්න වෙනවා කියල දුකටද මේ එක එක ඒවා කියන්නේ?
පුදුමයි මෙතන මොහුට නින්ද ගියේ නැති එක...
මේ සැරේ මේ මහත්තයා නැගිටලා අනිත් මහත්තයාට නින්ද ගිහින්. අපේ රටේ දේශපාලනයේ පුදුම දේවල් තමා දකින්නට තියෙන්නේ.
කොහොමත් දේශපාලකයා කියන්නේ එහෙන් පනිද්දී මෙහාට දෙහි කපන එකයි මෙහෙන් එහාට පනිද්දී එහාට ගොට්ට අල්ලන එකයි තමයි.