හර්ෂණ තුෂාර සිල්වා
ශ්‍රී ලංකාව එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ දක්වා ඇති පරිදි සහ ආරක්ෂා කර ඇති පරිදි නීතියේ ආධිපත්‍ය සහ පාර්ලිමේන්තුවේ කාර්යභාරය පවත්වාගෙන යනු ඇතැයි අපේක්ෂා කරන බව පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල පාර්ලිමේන්තු සංසදය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල පාර්ලිමේන්තු සංසදය විධායක කමිටුව රැස්වීම් මේ දිනවල බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී පැවැත්වෙන අතර එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
නොවැම්බර් 14 වැනි දා පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසුව අර්බුද විසඳා ගැනීමට හැකිවනු ඇතැයි පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල පාර්ලිමේන්තු සංසදය බලාපොරොත්තුවෙන් සිටී.
පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල පාර්ලිමේන්තු සංසදය නිකුත් කරන ලද අදාළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
“ ශ්‍රී ලංකාව එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ දක්වා ඇති පරිදි සහ ආරක්ෂා කර ඇති පරිදි නීතියේ ආධිපත්‍ය සහ පාර්ලිමේන්තුවේ කාර්යභාරය පවත්වාගෙන යෑමේ වැදගත්කම පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල පාර්ලිමේන්තු සංසදය මෙමඟින් අවධාරණය කර සිටීයි.
පොදු රාජ්‍ය මණ්ඩලයීය සංවිධානයේ සාමාජික රටවල් 2012 දී අනුමත කරන ලද ප්‍රඥාප්තියට අනුව රාජ්‍ය, ආණ්ඩු, දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජය ඇතුළු සියලු පාර්ශව ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය සහ පිළිවෙත් පවත්වාගෙන යෑමටත් ප්‍රවර්ධනය කිරීමටත් වගකීමෙන් බැඳි සිටින බව සිහිපත් කළ යුතුයි.
ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික ආයතනයක් වනුයේ පාර්ලිමේන්තුව බවත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් පවත්වාගෙන යෑමේදී කාර්යක්ෂම සහ ඵලදායී පාර්ලිමේන්තුවක් අවශ්‍ය බවත් එම ප්‍රඥාප්තියේ සඳහන් වනවා.
පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යෑමේ අවම සම්මත සහ මාර්ගෝපදේශ ද එහි සඳහන්ව තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලයීය ප්‍රඥාප්තියේ මූලධර්ම සහ පුළුල් වටිනාකම් ආරක්ෂා කිරීමේදී එම අවම සම්මත ඉතා වැදගත් බව ද සඳහන් කළ යුතුයි”.
මීට පෙර පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරිය ද ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඬුකඳ ටික ටික තද වෙනවා වගෙයි ප්රජාතන්ත්රවාදය කුණු බක්කියට දැමු ශ්‍රී ලංකා ජනපතිගේ අසාමාන්‍ය හැසිරීම පිළිබඳව. ජනපති ඉක්මන් නොකළොත් රට බකල් වීමට ඉඩ ඇත. ලෝක ප්‍රජාවගෙන් අපේ රට කොන්වනු ඇත...
14 වෙනිදාට කොන්ද පනතියෙන ජනපතිවරයෙක් සමග අලුත් රජයක්... අගමැතිකම අනුරකුමාර මහතාට. ගොයියෝ, බයියෝ පොළොන්නරුවට...