(රංජන් කස්තුරි)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක් අද (9) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයට ගොස් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වූහ.
එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් රජ්‍ය සේවයටත් , සෞඛ්‍ය පද්ධතියටත් සහ පොදුවේ වෛද්‍යවරුන්ටත් බලපාන ප්‍රධාන ගැටලු කිහිපයක් ගැන නව අග්‍රාමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවැසීය.
ලෝක වෙළඳ සංවිධානය තුළ සිංගප්පූරු වෙළඳ ගිවිසුම පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ගිවිසුම නැවත සමාලෝචනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එම සාකච්ඡාවේදී අගමැතිවරයා එකඟතාවය පළකළ බවද ඔහු කීවේය.
එමෙන්ම වෘත්තීය සමිති මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරකම් මර්දනය කරන නීති ප්‍රතිපාදන අන්තර්ගත යෝජිත පනත මර්දනකාරී ස්වභාවයෙන් කිසිසේත් ඉදිරියට ගෙන නොයෙන බවට අග්‍රාමාත්‍යවරයා සහතික වූ බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.
මීට අමතරව ජාතික වැටුප් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමටත් විශ්‍රාම වැටුප් ක්‍රමවේදය නැවත ක්‍රියාත්මක කිරීම සහ රාජ්‍ය සේවය සඳහා දීමනා ප්‍රතිපත්තිය සකස් කිරීම ආදී කරුණු ගණනාවක් සඳහාද එහිදී එකඟතාවය පළකළ බවද ලේකම්වරයා පැවැසීය.
මීට අමතරව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දේශපාලන අතපෙවීම් වලින් තොර ස්වාධීන ආයතනයක් ලෙස පවත්වා ගැනීමට අවශ්‍ය පරිසරය සකස්කර දීමටත් නව සෞඛ්‍ය ඇමතිවරයා සමඟ එක්ව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමටත් අග්‍රාමාත්‍යවරයා ආශීර්වාදය පළකළ බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාදෙනියට කුරුණෑගලින් නොමිනේෂන් ඉල්ලුවේ නැත්ද?
දැන් ඕනේ නම් සයිටම් එක වහගන්නත් පුළුවන්නේ...
සයිටම් ගැටලුව මතකම නැති වෙලාද දැන්?
මේගොල්ලෝ පසුගිය කාලේ වැඩකරේ දේශපාලන න්‍යාය පත්රයකට...
අන්තවාදී NGO නඩ ක්‍රියාත්මක රටේ වෛද්‍ය සභාව වැනි උගත්, වියත් සංවිධානයක් රටකට ආභරණයක්...
ටිකක් ඉවසනවලකෝ මේ කචල් ටික සංසිඳෙන කල්. පුදනකොටම කාපි යකා වෙන්නේ නැතුව.
අගමැති එහෙම පොරොන්දු වුණු එක හොඳයි. මොකද රජයේ මුදල් දීලා මෙයාමනේ සයිටම් හැදුවේ දැන් එයම වසන්න ඕනේ..
බයවෙන්න දෙයක් නැහැ. සයිටම් අහෝසි කරනවා කියලා කතාවක් ඇහුණා. දැන් අනිත් කට්ටිය කරපු කියපු දේවල් අල්ලාගෙන ඒවා පතුරු ගහන්න ක්‍රමවේදයන් ගැන හොයලා බලන්න. මහාමැතිවරණයක් එන කාල වකවානුවක මාධ්‍ය නිදහස දැන් දොරේ ගලන නිසා ඒවාට ඉහළ ප්‍රචාරයක් ලැබෙන බව නම් ෂුවර්...