විනීතා එම් ගමගේ
ආණ්ඩු බලය ගන්නට කරන කුමන්ත‍්‍රණය පාර්ලිමේන්තුවේ දී බැරිනම් මහපාරේදී හෝ පරදවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.
කවුරුන් අවලාද කිව්වත් තම පක්ෂය, මේ කණ්ඩායම් දෙකෙන් එකකටවත් ආණ්ඩු හදන්නට උපකාර කරන්නේ නැතැයි කී ජවිපෙ ලේකම්වරයා රෝමයේ වහල් වෙළඳපොළ මෙන් ලංකාවේ මන්තී‍්‍රවරු වෙළඳපොළක් හදා වල්ලපට්ටා සොයන අයුරින් නීතිවිරෝධීව හැදු ආණ්ඩුව රැක ගන්නට මන්ත‍්‍රීවරු සොයන්නේ යැයි ද ලේකම්වරයා කීය.
බැඳුම්කර හොරුන්ට නඩු දානවා වෙනුවට විශේෂ මහාධිකරණ අහෝසි කරන්නට ද මොවුන් කටයුතු කරමින් සිටින්නේ යැයි කී ටිල්වින් සිල්වා මහතා කීවේය.
මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්‍ෂ මහතා එක්ව ආරම්භ කළ කුමන්ත‍්‍රණය හේතුවෙන් රට අස්ථාවර වී ආයතන අකී‍්‍රය වී ගත්තු තීන්දු- තීරණ අත්හිටුවන තත්ත්වයට පැමිණ ඇතැයි පැවසූ ජවිපෙ ලේකම්වරයා රට එක තැන නැවතී අරාජිකත්වයට පතව පවතින්නේ යැයි ද කියා සිටියේය.
ජාත්‍යන්තර වශයෙන් රටේ නම කැතවී ඇතැයි පැවසූ ටිල්වින් සිල්වා මහතා දේශපාලන කුමන්ත‍්‍රණය නිසා ජාත්‍යන්තර ප‍්‍රජාව ඉදිරියේ රට හෑල්ලූවට ලක්ව ඇති බව කියා සිටියේය.
රට අස්ථාවර කර, රටේ නම කැත කරමින් යන මේ දේශපාලන සූදුව කුමක් වෙනුවෙන් දැයි බලද්දී පෙනී යන්නේ දේශපාලන බල ලෝභයෙන් පෙළෙන කිහිප දෙනෙකුගේ වුවමනාව වෙනුවෙන් රටක අනාගතය විනාශ කිරීමට උත්සාහ කරන බව යැයි ද සඳහන් කළේය.
ටිල්වින් සිල්වා මහතා මේ අදහස් පළ කළේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී අද (9) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd