(තරිඳු ජයවර්ධන)
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා මහ මැතිවරණයක් කැඳවා ඇත්තේ ව්‍යවස්ථාවේ නැති බලයක් භාවිත කරමින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය.
මෙය නීති විරෝධී මැතිවරණයක් බවත්, මෙම මැතිවරණය අවලංගු කරන තැනට ඉදිරියේදී පත් වනු ඇති බවත් මන්ත්‍රීවරයා කීවේය.
රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ කොළඹ අරලියගහ මන්දිරයේ දී අද මැදියම් රැයේ පැවැති හදිසි මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී අදහස් දැක්වූ සේනාරත්න මහතා මෙසේ ද කීවේය.
‘‘ජනාධිපතිවරයාගේ සහ නීති විරෝධී අගමැතිවරයාගේ පළවුවැනි අඩව්ව පරාදයි. පාර්ලිමේන්තුව කැඳවලා 113ක බලය පෙන්වන්න පුලුවන් කියලා ඊයේ වෙනකම් කයිවාරු ගැහුවා. ඒත් ඒ පැත්තෙන්ම කියලා තිබ්බා 104ක මන්ත්‍රී සංඛ්‍යාවක් ඉන්නේ කියලා. තව අටක් නමයක් මදි කියලා අද කියලා තිබ්බා. පළමුවෙනි තරගය එයාලා පරාදයි.
දැන් ගැසට් නිවේදනයක් ගහලා තියෙනවා මැතිවරණයක් කැඳවන්න. වර්තමාන ව්‍යවස්ථාව යටතේ එතුමාට කිසිම බලයක් නෑ පාර්ලිමේන්තුව විසිරුවන්න. මෙය නීති විරෝධී මැතිවරණයක්. පාර්ලිමේන්තුවේ 113 පෙන්වීමට ගෙන ගිය නීති විරෝධී සටනම තමයි මේ. මේකෙනුත් ඔහු පරදිනවා. ලබා දුන් මැතිවරණය අවලංගු කරන තැනට පත්වීම ලංකාවේ පළමු වරට සිදුවෙයි.
මේ ජනාධිපතිවරයා අපි එක්ක එදා එළියට බැස්සේ ජනාධිපති බලතල පාවිච්චි කරන්නේ නෑ කියලා. ඒ කියපු ජනාධිපතිවරයාම අද ව්‍යවස්ථාවේ නැති දේවලුත් කරනවා. අංශක 180කින් එතුමා කරකවාගෙන තියෙනවා. එතුමා අද පළිගන්නේ එතුමා පත්කරවපු අයගෙන්මයි. එතුමා පරාද කරන්න හදපු අයත් එක්කයි අද ඉන්නේ. මෙහෙම ජනාධිපතිවරයෙක් මුලු ලෝකයේම අපි අහලා නෑ. ඒකාධිපති ජනාධිපතිවරුවත් හතුරන් එක්ක එකතු වෙලා මිතුරන්ට පහර දීපු අවස්ථා නෑ. දැන් මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මැතිවරණයටත් අපි ලෑස්තියි. මැතිවරණය අවලංගු කරවන්නත් අපි ලෑස්තියි.
අපි පුළුල් ප්රජාතන්ත්රවාදී සංධානයක් හදනවා. අපි ඔහුගේ නියෝග සහ ඔහුව පරාද කරනවා. අද ප්රජාතන්ත්රවාදී සියලු දෙනා අපි එක්ක ඉන්නවා. අද වෙනකොට මේ රජය ජාත්‍යන්තරය පිළිගන්නේ නෑ. මේ පත් කිරීමේ ලෝකය පිළිගන්නේ නෑ. මේක 21 වැනි ශතවර්ෂය. අපිට ලෝකය නැතුව යන්න බෑ. මැතිවරණයකට මුදල් වෙන් කරලත් නෑ. මුදල් වෙන් කරන්න නම් පාර්ලිමේන්තුවෙන් කරන්න ඕනෑ. වෙනත් වැය ශීර්ෂවලින් ගන්නවා නම් පාර්ලිමේන්තුව නැතුව ගන්න බෑ.
‘එකක් කඩතොලා වසා ගන්නට ගිහින් මට වුණු වියෝයා, දෙකක් කඩතොලු හදා ගත්තයි ඉඳුරුවේ ආචාරියා ‘ ඉඳුරුවේ ආචාරියාගේ තත්ත්වෙට තමයි මේ ජනාධිපති ආචාරියත් පත්වෙලා තියෙන්නේ. මට කණගාටුයි මෙතුමා උස්සගෙන මම ආපු එක ගැන. ඒක විතරයි කණගාටුවට තියෙන්නේ. මෙවැනි පුද්ගලයෙක් එක්කද අපි ප්රජාතන්ත්රවාදී අරගලය කරන්න ආවේ කියලා අපිට කණගාටුවක් තියෙනවා. එතුමාට සටන ඉවර වුණාට අපිට සටන ඉවර නෑ. සටන දිගටම ගෙනිහින් ජනතාවගේ සටනක් වශයෙන් ජයග්‍රහණය කරලා කෙරවල කරනවා.
පොලිස්පති තීන්දු ගන්නවා. කොමිසම ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම තමයි මැතිවරණ කොමසාරිස් වැරදි තීන්දුවක් ගත්තොත් ස්වාධීන මැතිවරණ කොමිසමට පුලුවන් ඒක ප්‍රතික්ෂේප කරන්න.
මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය ඉදිරිපිට ජනපති පොරොන්දු වුණා විධායක බලතල අයින් කරනවා කියලා. ඒ දේහය ඉදිරිපටත් පොරොන්දු වෙලා ඒ පොරොන්දු කඩන්නේ. නැති බලතලත් පාවිච්චි කරනවා. මොනවා වුණත් මහින්ද රාජපක්ෂවත් නැති බලතල පාවිච්චි කළේ නෑ. ව්‍යවස්ථාව වෙනස් කරලා ඒ බලතලයි පාවිච්චි කළේ. මේ ව්‍යවස්ථාවේ නැති බලතල පාවිච්චි කරනවා. ‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔයා කියනකන් හිටියේ.... හික් හික්
අනිත් අයට කලින් ඔබ අවංක දේශපලකයෙක්ද කියලා රටට කියන්න.ඔබට විරුද්ධව තියෙන දුෂණ චෝදනා ගැන මොනවාද කියන්නේ. දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය ඉවත් කිරීමට හේතු වුනේ ඔබ බව මුළු රටම දන්නවා. ඔක්කොටම කලින් ඔබට ඇති චෝදනා වලට මුහුණ දෙන්න. විනාශවී ඇති අපේ රටට අවශ්‍ය " දේශපාලුවෝ " නොව වැදගත්, උගත්,බුද්ධිමත් ඒ වගේම පිරිසිදු අවංක දේශපාලකයින් බව දැන්වත් තේරුම් ගන්න.
දැනට දින 14 ක් ඉවරයිනෙ ඔය හිටිය වගේ තව මාස දෙකක් හිටපල්ලා.ජනතාව තීන්දු කරයි කවුද හරි කියලා.
අය බයද ජනතාව ඉස්සරහට යන්න… ප්රජාතන්ත්රවාදය ඕනේ කියල නේද කෑ ගහන්නේ. මැතිවරණ තියෙන්නේ එ්කට තමා.. බොරු කියවන්නේ නැතුව.. මැතිවරනෙකට ගිහින් තමන්ට ජනතාව ඉන්නවා කියල පෙන්වන්න.. පාරට මිනිස්සු ගෙනල්ල ක ගැහුවේ. ජනතාව අපි සමගයි කියල.. අතින් අය බයවෙලා..
මහජන මතය විමසීම තමය් කරන්න තියන එකම විසදුම . දැන් එකට අවස්තාව රටෙ හා ජනතවගෙ වාසනවට උදාවෙලා තියනව. ජනවරි මාසෙ පෙනෙන තරු රාජිතට දැම්ම පෙනිලා
කිව්වට ඡන්දෙකට යන්න බයයි නේද මහත්තයෝ..
මෙයා හොදටෝම බයවෙලා වගේ කලින් ගෙදර යන්න වෙඉ කියල ...
දැන් රිදිලා
ඔව් ඔව් ඔව්. ඔය නීති විරෝධී මතිවරනෙට ඉදිරිපත් වෙන්න එපා. පුතාව එවන්නත් එපා.
හලෝ ජනතා බලය පෙන්වලා ඕගොල්ලෝ තනි ආණ්ඩුවක් පිහිටුවන්න. මන්ත්‍රී බලය පෙන්වනවාට වඩා හොඳයිනේ රටේ ජනතාවගේ බලය පෙන්වීම. හැබැයි අපිනම් ඔහෙලට කැමති නැත.
ඔබලාවගේ අයටද රටකොරන්න 2015 බලය දුන්නේ කියා අපිටත් හිතෙනවා.
අනේ පව් පරාජිත....
තමන්ට නැති බලතල පාවිච්චි කොරලා රනිල් පෙරහුරුවක් දුන්නා මතකද. ජනාධිපති කල කතාවේදී කීදේවල් එකක්වත් බොරු කියා ඔහෙලා කීවේ නැහැනේද?
හොරුන්ට ගොඩක් අමාරු ඇති... හිටපු ඇමති කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නැහැ... කට මත දොඩවනවා ඇරෙන්න.
මහබැංකුව මංකොල්ල කාපු ඔබලාට විරුද්ධව කටයුතු නොකළ මේ රටේ මොන ප්රජාතන්ත්රවාදයක්ද හලෝ. දැන් ජනතාවගේ වාරය. ඔබලා රටට වැඩ කර තිබෙනවා නම් මොකද බය? පුතාගේ පැන්ෂන් එකට කෙලවෙනවා නේද?
පිරිත් කියලා පන්නා ගන්න බැරි, අරලියගහට අරක් ගත්, කුම්බාන්ඩයෝ දැන් දුම්මල ගහලා පන්නමු.
රට විකුණන, රට පාවාදෙන, ජනතාව බදුවලිත් සූරා කත විටත් ජනාධිපති ජනතාව ගැන නොසිතන්නේ නම් ඇයි අපි ජනාධිපති පත්කරන්නේ? උඹලා ජනතාවට සමීප නැතත්, එතුමා ජනතා දුක දනී. අපෝ ඡන්දයෙන් තමයි මේ ආණ්ඩුව පත්වූනේ. එදා දුන් මැතිවරණ පොරොන්දු ඉටු නොකරන විට එදා ඡන්ද පදනම අදට වලංගු නොවන නිසා අද සිදුවිය යුත්ත මැතිවරණයකට යෑමයි.
මෙවුන් හදන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ටිකම තියාගෙන තමන්ගේ පහත් කටයුතු සම්පූර්ණ කර ගන්න. මුන්ට මහජන මතය වැඩක් නෑ. කියන්නේ මෙයාල කියන එකම කරන්න කියල. ඔයාලගෙ බහුතරය විතරක් නෙවෙයි. මහජන බහුතරය බලන්න.. බූරු රැලක බහුතරය අල්ලාගෙන ඉන්නේ නැතිව.
බයවෙලා. පවු . ඔක්කොම ඉවරයි
අගමැති පත්කල අවස්ථාවේම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියානම් කියල හිතෙන්නේ නැද්ද.දැන් මෙය වෙනස් කරන්නේ කොහොමද.ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලනගනය කරලා තියෙනවා.
අගමැති පත්කල අවස්ථාවේම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියානම් කියල හිතෙන්නේ නැද්ද.දැන් මෙය වෙනස් කරන්නේ කොහොමද.ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලනගනය කරලා තියෙනවා.
පුළුල් ජනතා සන්විදානයක් හදන්නේ ආයිත් මහා බැංකුව හොරකන් කරන්නද ?
කොහොම මැතිවරණ තිබ්බත් වැඩක් නැහැ මේ ඉන්න කට්ටියමනේ ආයෙත් චන්දෙ ඉල්ලන්නේ. අපිනම් මේ සැරේ මහා පක්ෂ දෙකටම දෙන්නේ නැහැ.
ගොන් රාලලාට... යන්න වෙන්නේ හිර ගෙදර.. ලංකාවට කරපු දේට පහුගිය අවුරුදු 3ට... ලංකාව නැතිකෙරුවා. හිටපන් බලාගෙන. හිරේ පොලු ගනින්න. කට හැකරකමට කියවනවා. දැන් බයේ කෑගහනවා. මොකටද බය වෙන්නේ ඔය තරම් ඡන්දවලට...? ඔක්කොම රටට ආදරේ ඇති එවුන් නෙමේ. බඩට ආදරේ අය විතරයි...
මෙය කිසිදු දිනක ආණ්ඩුවට ගතයුතු කෙනෙක් නොවේ
වැරදියි නේන්නම්. 14 වෙනිදට චන්දෙ දෙන්න පොරොන්දු කරවාගෙන කවුරු කවුරුත් දුන්නු ඇඩ්වාන්ස් සල්ලි සේරම අහකටනේ. කජු ඇටද කොස් ඇටද? අර ජාත්‍යන්තර ප්‍රජාවට කියල රටේ පොදු මහජනතාවගේ චන්දෙ විමසන එක ප්රජාතන්ත්ර විරෝධී වැඩක් කියල බලපෑමක් කරන්න බැරිද?
අනේ මන්ද ජනතාවට මොකුත් තේරෙන්නේ නෑ.ඉස්සරහට මොනවා වෙයිද දන්නෑ.
හිතේ දුකට එතකොට කවි කියවෙන ව
ඔබ තුමාලා මේ රට හොරා කාලා විනාශ කරනකන් ජනාධිපතිවරයා බලතල භාවිතා නොකර උඩ බලාගෙන සිටිය යුතුයි කියලනේ ඔය නොකියා කියන්නේ, නේද ? කොහොමත් මේ වතාවේ ඒ ජා ප යේ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 50 ටත් අඩු වෙනවා. ඒක ස්ථිරයි. රනිල් වික්‍රමසිංහගේ ප්රජාතන්ත්රවාදය ඒ තරමටම ජනතාව අතරට ගිහිල්ල තියෙන්නේ. එතුමාටත් සිංගප්පුරුවේ පුරවැසිභාවය ගන්න වෙයි.
දැන් කෑගහලා වැඩක් නැහැ.. ඔයාලම නේද එයාව පත්කර ගත්තේ..? දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියන්නේ ඔව්වට තමා...
දැන් පේනවනෙ ජන්දවලට බය කවුද කියලා.. මේ අයට යන එන මං නැති නිසා තමයි ජන්ද කල් දමදමා හිටියේ..
අනේ පොදුමහජනතාව වන අපට පාන්ද? අපි හැමදාම කරේ එක එක පක්ෂ වල රූකඩයන් වෙලා හිටපු එක විතරයි. අපේ අපේක්ෂා සල්ලි කරල ඔබලා බෙදාහදා ගත්තා. බොරුකලබල කරලා නැතිවෙන්නෙත්, අහිංසක මිනිස්සුන්ගේ ජිවිත විතරයි. එමනිසා ඔබලාගේ ප්‍රශ්න ඔබලාම හොඳවිදිහට විසඳගන්න අපට තවත් පවුනොදී! අවුරුදු 70 කට අපිට ලැබුනු ප්රජාතන්ත්රවාදයක් නෑ. ඒ ඔක්කොම දේශපාලකයින්ට මිස අපට නොවේ. අපිට සුද්දා හොඳයි ඔබලාට වඩා !!
ඔබ තුමා පච කියන්න එපා එතුමාගේ මතයට කටයුතු කරන්න එහෙම වැරදි නම් උසාවි යන්න.
මෙයා හිතාගෙන ඉන්නේ සියල්ල දත්තා කියලයි. රටේ ජනතාව බොහොමයක් හිටියේ මෙයාල කරපු වැරදි ගැන ලොකු අසන්තොශයකින් . රටේ කිසිම සංවර්ධන වැඩක් කෙරුනේ නැහැ , දුෂණය තවත් වැඩි වුනා, මිනිසුන්න්ට ලැබුනේ බදු විතරයි, විදුලි බිලත් 65% කින් වැඩි කරන්න සුදානමක් තිබුනා. අද මොහු ව්‍යවස්ථාවක් ගැන කතා කරනවා. ඒ වුනාට අධිකරණයට යන්න බයවෙලා. මේ රජය වරදක් නම් කලේ ජනතාව චන්දෙදි පාඩමක් උගන්නාවි. එ්ත් අපිට දැනෙන්නේ ජනතාව ඉන්නේ රාජිතලට පාඩමක් උගන්නන්න.
ඔන්න ඕක තමයි කියන්නේ කාගේ කාගේත් කෙරුවාව කියලා. මේ ගොල්ලෝ හැදුව ජනපතිගේ ඔලුව අතගාලා රවටලා ව්‍යවස්ථාව වෙනස් කරලා පාර්ලිමේන්තුව විසුරුවා ගැනීමෙන් වැලකිලා තමන්ට ඕනෑ විදියට රට ඕනෑ දිහාවකට ඇදගෙන යන්න. ජනපතිත් රටේ ලෝකේ තමන්ගේ ශ්‍රේෂ්ට ක්‍රියාව කියලා කියකිය ගියා. හැමෝම අහන් හිටියා විතරයි. අන්තිමේදී අනාථ වෙන්නේ කවුද? එතුමවයි රටයි කියන එක පස්සේ එතුමාට තේරුණා. එ්කයි මේ අර්බුදය ඇතිවුනේ.
සත්‍ය ජය ගන්නවා. බය වෙන්න දෙයක් නොවේ. පඩිසන් දෙන්නේ වැරදි කරන අයටයි. ඉදිරියට යන්න. අපි ඔබ සමගයි.
මොකද බය? තියන අාසන ටිකත් නැතිවෙයි අනිවාර්යයෙන්...
තමුන් නිවැරදි නම් මොකටද ඡන්දවලට බය වෙන්නේ..?
මම කැමතියි ඉලෙක්ෂන් එකට... මොකද දැන් ගොඩක් අයට හම්බ කරන්න පුළුවන්... ගොඩක් අයට ජොබ් එනවා .. පොඩි අයට කීයක් හරි ලැබෙනවා.
කොක්කෙන් හරි, කෙක්කෙන් හරි මේ ආණ්ඩුව පෙරලනවා නම් ජනතාව කැමතියි. මිනිස්සු කොපමණ ප්‍රබෝධයෙන් ඉන්නවාද බලන්න මහපාරට එන්නේ... හැබැයි ආණ්ඩුවට ගත්තොත් අපි මහින්දට ඡන්දෙ දෙන්නේ නැත.
චන්ද කල් දාපු අය දැන් පිස්සු විකාරයෙන් දොඩවනවා....
දැන් තියෙන එකම විසදුම මහා මැතිවරණයකට ගිහින් සුදුසු පුද්ගලයන් පත්කරගන්න එක මේ අච්චාරු වෙලා තියෙන කැඳහැලිය පාදගන්නනම්.
අනේ පවු. මහින්දට සල්ලිදීල ඇමතිකමක් ගන්න දත කෑවා පහුගිය ටිකේ. ඒක බැරි උනපාර දැං කෑ ගහනවා. බැරිවෙලාවත් මහින්ද මෙයා ගත්තනම් ජනාධිපතිත් හොදයි මහින්ද අගමැතිත් මෙයාට හොදයි රනිල නරකයි. අනේ කානු කට වහගෙන දැංවත් ගෙදර යනවකො. ආයෙ අපිට ඔබ සහ අර කටවචාල චතුරගෙ මූනවල් දේශපාලනේදී දකින්න ඕනම නෑ.
රටක විධායක ජනාධිපති පිස්සු කරනවා නම් ඔහුව ඉවත් කරන්න ක්‍රම වේදයක් ලංකාවේ ව්‍යවස්ථාවේ නැද්ද? දන්නේ නැති නිසයි අහන්නේ... මෙහෙම ගියොත් අපේ රටට මොකද වෙන්නේ? මේ ගොල්ලෝ බලයට පොරකනවා. රට බල්ලට යනවා.
බමුණුආරච්චි, ඔය කාගේ කොන්ත්‍රාත්තුවක්ද කරන්නේ? කඩේ යන්න එපා වහලෙක් වගේ... මැතිවරණ තියන එක නෙවෙයි ගැටලුව. හිටපු අගමැති නෙරපීම හා තිබුණු පාර්ලිමේන්තුව විසිරවීම කියන දෙකම ව්‍යවස්ථාවට විරුද්ධයි කියලා වහලෙක් නොවන ඕනෑම කෙනෙකුට තේරෙන්න ඕනේ..
මේ ගත්ත පියවර හරියට හරි. රට ස්ථාවර කිරීම සඳහා ඒ අතිගරු ජනාධිපතිතුමන් ගත් පියවර රටේ ජනතාව තේරුම් අරගෙන ඉවරයි.
මම රාජිත සේනාරත්න මැතිතුමාගෙන් එක ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඔබතුමාලා 2015 ජනවාරි මාසයේ දුරදිග නොබලා ජනාධිපති කමට ඉදිරිපත්කරලා, ජයග්‍රහණය කරා ගෙන ගිය මේ සිරිසේන එදා ඉඳලා කරපු හරි වැඩක් තිබේද? මහා ලොකු රැළියක් කියලා කරපු තැනදී ගැහුව තරමක් පුද්ගලික කරුණු ඇදගෙන වැදිබණ දෙසුවේ තමන්ගේම අගමැති රනිල් මැතිතුමාට එරෙහිව නොවේද? තමන්ගේ බැරිකම රනිල් මහතා පිටින් යැවීමට තරම් ඔහු එතරම් පහත් තැනකට ඇද දැමුවේ ඔහුගේම ගෝල බාලයන් මිස වෙන කවුද? තමන් ඡන්දෙන් පැරදුනොත් අඩි 6ක් පොළොව යට යවනවා කියපු තමාගේම ප්‍රධාන සතුරා, යලිත් වරක් සිපගෙන අගමැතිකම බාර දුන්නේ මහින්දට අංතට්ටුවක් ප්රදානය නොකරයි !!!
මම අහන්නේ එකම ප්රශ්නයයි .. ඇයි ඔබලා ඔක්කොම එකතුවෙලා දුන් පොරොන්දු ප්‍රකාශය ඉෂ්ට කරන්න කියා සිරිසේන මහත්තයාව පෙළඹුවේ නැත්තේ ?
අරලියගහ මන්දිරයේ මේ දවස්වල සීතලද?